(රංජන් කස්තුරි)
මේ රට ආරක්ෂා කළ කිසිම රණවිරුවකු ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමා කිසිදු ඉඩක් නොදෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසයි.
අධිකරණ අමාත්‍යංශයේදී අද (31) වැඩ බාරගනිමින් අමාත්‍යවරිය මේ බව කීවාය.
“ජනාධිපතිතුමායි අගමැතිතුමායි මම කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා මට මේ වගකීම බාරදුන්නා.මම මගේ වගකීම උපරිමයෙන්ම කරනවා.අද මට වැඩකරන්න වෙලා තියෙන්නේ නොයෙකුත් ආන්දෝලනාත්මක වාතාවරණයක් යටතේයි.අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මම කටයුතු කරනවා“
“කොහොම වුණත් මම එකක් කියන්න ඕනේ.මේ රට ආරක්ෂා කරපු කිසිම රණවිරුවෙක් විදෙස් අධිකරණයකට යොමු කරන්නේවත් ඔවුන්ට දඬුවමක් ලබාදෙන්නත් ඉඩක් දෙන්නෑ“ යැයි අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක ඇත්ත අැමැතිතුමියනි, අපේ නියම රණවිරුවන් අධිකරණවලට යවන්න එපා. නමුත් ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ හිඳිම සහ යුද්ධයට සම්භන්දවීම වංචා දුෂණ මිනීමැරුම් වලට ආවරනයෙක් නොවේ. රණවිරු නාමයෙන් මාද්‍යවේදීන් ඇතුළුව මිනීමරපු අයට දඬුවම් දිය යුතුයි.
ඔබව පත් කලේ බයිල අහන්න නෙමෙයි හොරු අල්ලන්න.
ඕක කියන්ඩ ඕනේ දෙයක්‌ද? ලංකාවේ කවුරු බලයට ආවත් ඕක කරන්නේ නැහැ.
අපි හිතනවා ඔබට යමක් කළ හැකියි කියල. හැබැයි ඒ කළ හැකිදේ ඔබේ අමාත්‍යංශය විසින් කල යුතු දේට සීමා කරගන්නවා නම් වටිනවා. රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයකට යවනවද කියන එක වෙන කට්ටියක් තීරණය කරයි. දෙවියන්ගේ නාමෙන් පුළුවන් නම් උසාවි වල නඩු ප්‍රමාද වීම වගේ දේවල් වළක්වන්න කටයුතු කරන්න. ඒකට අග විනිසුරුගේ ඉඳල සියල්ලගේම සහාය උවමනා බව හැබැයි, නමුත් මහජනයාගේ පැත්තෙන් මේක දිහා බලන්න ඉන්නේ ඔබයි. ඔබේ නම ඉතිහාස ගතවෙනවා එවැන්නක් කලොත්.
දිවංගත ඔබේ සොහොයුරු ගාමිණි ඉතා යහපත් කෙනෙක්. ඔබ ගාමිණි නොවුනත් ඔබ පවුල සතු යහපත් ගුණාංග රාශියක් ඔබටත් ජානමය හා සාමාජීය වශයෙන් උරුමව ඇති බව අප විශ්වාස කරනවා. එසේනම් ඔබේ යුතුකම පක්ෂය වෙනුවෙන් ඉටුකරන්න නොවෙහෙසී රට හා රටේ නීතිය හා සාමය රැකෙන පරිදි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න. කියන්නේ එකක් කරන්නේ එකක් න්‍යායට ගොදුරු නොවී ඔබගේ ස්වාධීනත්වයත් දිවි හිමියෙන් රැකගන්න. එවිට ජනතා ආශීර්වාදය ඔබ ට නිතැතින්ම හිමිවනවා ඇත.
කරන්න කැමති උනත් කරගන්න බැරි දෙයක් කරන්නේ නැ කියන එක ඕන කෙනෙක් කියන දෙයක් ඕකට ආදී කාලේ ඉඳල එන ප්‍රස්තා පිරුලකුත් තියෙනවා. නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ. දැන් අපේ රටට තියෙන ලොකුම නීතිමය ප්‍රශ්නය තමයි මේක. මහා පරිමාන වංචා දුෂණ, සාමාන්‍ය නඩු කටයුතු ඉක්මනින් අවසන් නොකිරීම, නිතිය වේගවත්ව ක්‍රියාත්මක නොවීම, කිසිම දෙයකට පැහැදිලි නීතියක් නැති එක වගේ දේවල් හරි සුළු දේවල් ..
අපි යහපාලන රජය පත් කරේ යුද්ධ අපරාධ කල සියලු දෙනාට දඩුවම් දීමටයි.
එතකොට නාවික හමුදාපතිතුමා කිව්වේ, " හමුදා නිළ ඇඳුම වැරදි කරන්න අවසරයක් නෙමේ " කියලා. යුනිෆෝම් එකක් දැම්ම කියලා කාටවත් අසාධාරණ විදියට කරදර කරන්න හැකියාවක් නැහැ. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි. ඔය කතා නවත්තලා, රටට ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්න. ඔය වගේ කතා අහල අහලා, ජනතාවගේ කන් පිරිලා තියෙන්නේ.
චානක්, කොහොමද ලොස් ඇන්ජලීස් ඉඳන් යහපාලන ආණ්ඩුව පත්කළේ?