(රංජන් කස්තුරි)
නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමේ බාධා ඉවත් කිරීම සඳහා මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත යන පනත් තුන සංශෝධනය කිරීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මතවූ අතර කතානායක කරු ජයසූරිය මහතා ඊට අද (31) අනුමැතිය දීමට නියමිතය.
කෙසේ වෙතත් මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කරන තුරු නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ඡුන්දය පැවැත්විය නොහැකි යැයි ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව තීරණය කිරීමේදී කොට්ඨාස මට්ටමින් තේරීපත්වීමට නියමිත සභික සංඛ්‍යාවෙන් සියයට 40ක ප්‍රමාණයක් නොඉක්මවන අමතර සභිකයින් සංඛ්‍යාවක් ලැයිස්තුවක් මගින් තෝරාපත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි එම පනත් සංශෝධනය කිරීමට නියමිතය.
ඒ අනුව මහනගර සභා ආඥාපනතේ 5 වන වගන්තිය, නගර සභා ආඥාපනතේ 5 වන වගන්තිය සහ ප්‍රාදේශීය සභා පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කමක් නෑ ඕවාට යන ගණන් අඩු කරන්න. රටේ ජනතාවගෙන් පඩි අරන් ඔතනට ගිහින් කෑගහනවා ඇරෙන්න කරන ලොකු දෙයක් පේනවාද. මිනිස්සු නිකන් බදු ගෙවනවා විතරයි .
බාලගිරි දෝෂය අද නොවේ හෙට
පුංචි චන්දය හරියට 'කෙහෙතගේ අපලේ වගේ' අද නෙමේ හෙට.
නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත් පට්ටයක් ඕන වගේ
නොකිළිටි ගමන = ඡන්ද කල්දැමීම.........?
ආයේ ඡන්ද ඕනේ නැහැ. රටේ හැමෝම යහපාලනේ ගැන සතුටින් ඉන්නේ හොරු ඇරෙන්න. මේ ටික කාලෙට මිනිස්සුන්ගේ අතමිට සරුකළා. සංහිඳියාව ඇතිකළා.
පහුගිය කාලවල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ අණ පනත්වල අඩුපාඩු හෝ තුළින්, හිතු මනාපයට බලය ඒකරාශී කරවමින්, තම කණ්ඩායම් දිනවාගෙන බලයට පත්වීම සඳහා යොදාගැනුන විෂම ක්‍රමවේදයන් හා ක්‍රියාකාරකම් නිසා අවුල් සහගත වී ඇති ආයතන නිවැරදි කිරීමටත් තව කාලයක් ගතවෙයි.
පොදුවෙන් ගත්තොත්, පළාත් පාලන නියෝජිතයෝ නිසා තමයි බොහෝ අනවසර, නීති විරෝධී ඉදිකිරීම් ඉදි වෙන්නේ... තවද සංවර්ධන නමින් මහජන මුදල් නාස්තිකරමින්, කොන්ත්‍රාත්තුකරුවන් හරහා කොමිස් ගහමින්, ප්‍රමිතියෙන් තොරව එක එක වැඩ කරනවා. ඕකයි වෙන්නේ.