IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රහස් පොලිස් අධ්‍යක්ෂ ගැන තීන්දුව අද

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කවුරුන්ද යන තීරණය ජාතික පොලිස් කොමිසමෙන් අද ගනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ නම පොලිස්පතිවරයා විසින් යෝජනා කරනු ලැබුවේ පසුගිය සතියේදීය. දැනටමත් රහස් පොලිසියේ සිටින දක්ෂ නිලධාරියකු වන ශානි අබේසේකර මහතාගේ නම රහස් පොලිස් අධ්‍යක්ෂ තනතුරට යෝජනා නොකළේ ඇයිදැයි කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ.
 
ශානි අබේසේකර මහතාගේ නම රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරයට යෝජනා නොකිරීම ගැන පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේම දැඩි කතා බහක් ඇති වී තිබේ. ප්‍රභල දේශපාලනඥයකුගේ බලපෑමක් මත ශානි අබේසේකර මහතාගේ නම කපා දැමුවේදැයි පොලිසියේම පිරිස් ප්‍රශ්න කරති.
 
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝානය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. ඔහුගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ. අපක්ෂපාතීව විමර්ශන කරන්නෙකු ලෙස ඔහු ප්‍රසිද්ධය. එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන් වික්‍රමතුග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
 
පොලිස්පතිවරයාට පමණක් වග කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මීට වසරකට පමණ පෙර ලලිත් ජයසිංහ මහතාට ද චෝදනා පත්‍ර නිකුත් කරන ලෙස යෝජනා කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි විමර්ශනය පවත්වනු ලබන්නේ ද මෙවන් සිල්වා මහතා විසිනි.  ඔහුගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන ඒකකට මගින් තවත් විශේෂ විමර්ශන කිහිපයක් සිදු කෙරෙයි. 
 
රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු වූයේ එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුවය.



අදහස් (1)

රහස් පොලිස් අධ්‍යක්ෂ ගැන තීන්දුව අද

සමන් - ඕමානය Thursday, 31 August 2017 06:55 AM

ලංකාවේ කොහේද ආයිබෝවන් සුදුස්සාට සුදුසු තැන? දේශපාල උත්තමයන්ලාගේ අතකොලුවන්ට හෙන්චයියන්ට තනතුරු දෙනවා මිසක්? එතකොටනේ තමන්ගේ විරුද්ධවාදීන් පස්සේ පන්න පන්න ගහන්න පුළුවන්.!!! තමන්ගේ ඇත්තන්ගේ හොර මැර තක්කඩිකම් හංගාගෙන ඉන්න පුළුවන්!

:       0       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site