පාවෙමින් තිබූ කුඩු කිලෝ පහක් කන්කසන්තුරෙන් අල්ලයි කන්කාසන්තුරේට මුහුදු සැතපුම් 10 දුරින් මුහුදේ ගමන් මල්ලක පාවෙමින් තිබු හෙරොයින් කිලෝ 5.6 ක ප්‍රමාණයක් අද (9) පෙරවරුවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 09 June 2017
හවුල් ආණ්ඩුවක් පිහිටුවන බව තෙරේසා මේ කියයි බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අපේක්ෂා කළ පරිදි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට නොහැකි වීම නිසා අගමැතිනි තෙරේසා මේ ඩිමොක්රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවන බව අද (9) ප්‍රකාශ කළාය. 09 June 2017
සිඟමනට යොමු කළ දරුවන් 18ක් පොලිස් බාරයට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානය මගින් ගත වු මාස තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීමට යොදවා සිටි දරුවන් 18 දෙනකු පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 09 June 2017
උතුරේ ඇමතිවරුන් දෙදෙනෙක් ගැන තීරණය කිරීමට විශේෂ රැස්වීමක් දූෂණ චෝදනා එල්ල වූ උතුරේ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ගැන සාකච්ඡා කර දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කුමක්ද යන්න තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ලබන සතියේ කැදවීමට නියමිතව ඇතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය. 09 June 2017
රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි. 09 June 2017
ඔළුවිල් වලින් මුහුදු ගිය ධීවරයෝ 6 ක් අතුරුදන් ඔළුවිල් ධීවර වරායෙන් දකුණු දිශාව බලා ඉකුත් 21 පිටත්වු විජය 2 බහුදින යාත්‍රාව ඇතුළු ධිවරයින් සයදෙනෙකු අතුරුදන් වී ඇතැයි එම ධිවර සමාජිකයින්ගේ ඥාතිහු පවසති. 09 June 2017
මැතිවරණය ඉක්මන් කරගැනීමට සාකච්ඡාවක් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්යාම ගැන සහ එම මැතිවරණය ඉක්මන් කරවා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට සියලූ මැතිවරණ නිරික්ෂණ සංවිධාන එක්ව තීරණය කර ඇත. 09 June 2017
බ්‍රිතාන්‍ය අගමැතිනියට ගෙදර යන්න වෙන ලකුණු කන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා ලෙස බොරිස් ජොන්සන් පත්වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. 09 June 2017
වකුගඩු රෝගය නගරයටත් ග්‍රාමිය පෙදෙස්වලට සීමාවී තිබු වකුගඩු රෝගය නාගරික ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන ආකාරයක් දැකිය හැකියැයි මාළිගාවත්ත ජාතික රුධිර පෙරණ හා කාන්ද්‍රකරණ රෝහලේ අධ්යක්ෂ රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි. 09 June 2017
හිටපු ඇමැති ප්‍රියංකර ජයරත්නට නඩු හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශට එරෙහිව අල්ලස් කොමිසම අද(9) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. 09 June 2017
ත්‍රී රෝද රථ අනතුරින් එකම පවුලේ තුනක් මරුට බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇල ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථ දෙකක් ගැටීමෙන් එහි සිටි දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ලොග්ගල්ලා ඔය ඇල මාර්ගයට පෙරළියාමෙන් මියගොස් ඇතැයි මහියංගන පොලිසිය පවසයි. 09 June 2017
අද පාර්ලිමේන්තුව පැය නවය හමාරක් එක දිගට ආපදා කළමනාකරණය සම්බන්ධ විවාදය පැවැත්වෙන අද(9) පාර්ලිමේන්තුව අඛණ්ඩව පැය නවය හමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය. 09 June 2017
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. 08 June 2017
තන්තිරිමලේ ආලෝක පූජාවෙන් රැස්කෙරෙන කුසල් අකල්හි සමුගත් සහෝදර ජනතාවට අනුමෝදන් කරවයි මහින්දාගමනයෙන් අප අත් කර ගත් සංස්කෘතික ආගමික ප්රබෝධය ඔස්සේ ඉදිරියට යෑමේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොපිරිහෙළා ඉටු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය. 08 June 2017
කසිප්පු පැකට් 400ක් සමඟ 4ක් සැකපිට අනුරාධපුර වන්දනාවේ යන පිරිස්වලට විකීණීමට ගෙනයමින් සිටි නීති විරෝධී මත්පැන් පැකට් 400 ක් හා මත්පැන් පෙරීමේ උපකරණ සමඟ පුදගලයින් සිව් දෙනෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර දී අත් අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව ඇත. 08 June 2017
පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනකු දැලේ මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධරයකුට හා වෙළඳසලක සිටි පාසල් දැරියකට පිළියන්දලදී ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන දෙදෙනෙකු මිරිහාන විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මගින් අද(8) අලුත්ගම දර්ගා නගරයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 June 2017
අමාත්‍යංශ වාහනයේ ගැටී පොලිස් කොස්තාපල් මරුට අනුරාධපුර - නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේ දී අද අලුයම කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් පොසොන් රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි අනුරාධපුර මුලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් තිබේ. 08 June 2017
වකුගඩු රෝගියෙකුගේ දීමනාව රුපියල් 2000කින් ඉහළට වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ. 08 June 2017
ගායන ලොවේ කුමාරයා නිහඬ වෙයි ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි පවසයි. 08 June 2017
මැතිව්ස්ගෙන් සංගක්කාරට ආරාධනාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී සිටින අභාග්‍යසම්පන්ත තත්ත්වය සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් හැකියාවක් ඇත්නම් ඉන්දියාවට එරෙහිව අද (8 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙස තමන්ගේ හිටපු නායකයා වන කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් කර තිබේ. 08 June 2017
ලක්ෂ 60 ක මත්කුඩු ගල්කිස්සෙන් අල්ලයි ලක්ෂ 60 කට ආසන්න මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී ගල්කිස්ස සේරම් පාරේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි 08 June 2017
උතුරු සබේ ඇමතිවරුන්ගේ දූෂණ වාර්ථා විවාදය කල් යයි උතුරු පලාත් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව එල්ල වූ දූෂණ වංචා ඇතුලත් විමර්ෂණ වාර්ථාව පැවි පලාත් සභා සැසි වාරයේදී සභාගත කෙරුණද සභාවේ පැවති උණුසුම් තත්වය හේතුවෙන් විවාදය සිදු කිරීමට නොහැකි වූ බැවින් මේ 14 වැනිදා දක්වා පළාත් සභාව කල් දැමූ බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කියා සිටියේය. 08 June 2017
කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක් පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 08 June 2017
සිවිල් වැසියන් මැරූ කොස්තාපල් දෙන්නෙක්ට මරණ දඬුවම අම්පාර මධ්‍යම කදවුරු ග්‍රාමයේ සිවිල් වැසියන් දෙදෙනකු ඝාතනය කළැයි එහි පොලිස් මුරපොලේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට මරණ දඬුවම ලබා දීමට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු (අම්පාර පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු) සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා අද (7) නියෝග කළේය. 07 June 2017
තේ කෝප්පයේ මිල වැඩිවේ සීනි කිලෝවක මිල රුපියල් දහයකින් ඉහළ දැමීම හේතුවෙන් අද (10) සිට තේ කෝප්පයක මිල රුපියල් 20 දක්වාද, කිරි තේකෝප්පයක මිල රුපියල් 40 කින්ද වැඩිකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 07 June 2017
ත්රස්තවාදීන්ගෙන් පළිගන්නා බව ඉරාන ආරක්ෂකයෝ කියති ඉරාන පාර්ලිමේන්තුවට කඩා වැදුණු ත්‍රස්ත කණ්ඩායමක් කළ වෙඩි තැබීම් සහ බෝම්බ පිපිරීම්වලින් 12 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇත. 07 June 2017
මූලාසනයට තර්ජනය නොකරන්න- කතානායක මූලාසනයට තර්ජනය කර ඇඟිල්ල දික්කර බලපෑම් කරමින් තීරණ ගැනීමට කටයුතු නොකරන ලෙස කියා සිටි කතානායක කරූ ජයසූරිය මහතා කිහිපවරක්ම රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ නම කියමින් අද(07) අවවාද කළේය. ඔහු නම් කිරීමට ද සිදුවිය හැකි බවටද කතානායකවරයා අනතුරු ඇඟවීය. 07 June 2017
‘විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් යළි සේවයට බඳවා ගන්නවා‘ රටපුරා ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු 1850ක් පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබියදී මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරුන් යළි සේවයට බඳවා ගැනීමට රජය තටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 June 2017
අවදානම් කළමනාකරුගෙන් සාක්කි විමසීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිලධාරියා එළියට ලංකා බැංකුවේ හිටපු අවදානම් කළමණාකරු ජේ.කේ. ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමෙන් පිටතට යැවීමට කොමිසම අද (07) පියවර ගත්තේය. 07 June 2017
ආනයනික මාළු බද්ද අඩුවෙයි ආනයනික මාළු සඳහා අයකළ රුපියල් 75ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා අඩුකළ බව මුදල් අමාත්‍යංශය පවසයි. පැවති ආපදා තත්ත්වය නිසා මත්ස්‍ය නිෂ්පාදනය පහත වැටී ඇති බවත් ඊට පිළියමක් ලෙස ආනයනික මත්ස්‍ය බද්ද අඩුකළ බවත් එම අමාත්‍යංශය කියයි. 07 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026