(ඉෂාන් සංජීව)
මල්කඩුවාව, කුරුණෑගල නව ජාතික පාසලට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී එහි මාධ්‍ය ආවරණය සඳහා එහි ගිය ඡායාරූප මාධ්‍යවේදීන්ට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියෙක් දිගින් දිගටම බධා කරන්නට විය. ඔහුගේ මූලික අරමුණ වූයේ වේදිකාවේ සිට විශාල දුර ප්‍රමාණයකට ඡායාරූප මාධ්‍යවේදීන් එලවා දැමීමයි.
එවන් දුරක සිට ඡායාරූප ගැනීමේ අපහසුතාව පිළිබඳ මාධ්‍යවේදියා කොතෙක් පැහැදිලි කළද ඒ බව වටහා ගැනීමේ අවශ්‍යතාවක් ආරක්ෂක නිලධාරීයාට නොවීය.
එතැනදි ඇතිවූ දෙබස මෙසේය.
මාධ්‍යවේදියා - අපිට එතනට ගිහින් ඡායාරූප ගැනීමේ හැකියාවක් නෑ.තාක්ෂණික ප්‍රශ්නයක් තියනවා.
නිලධාරියා - එහෙම කියලා බැ.මෙතන ඉන්න දෙන්නේ නෑ.
මාධ්‍යවේදියා - අපි දැන් ඉන්නෙත් ගොඩක් ඈතින්.අපි මෙතන ඉන්න එක කිසි කෙනෙක්ට හානියක් නැනේ.
නිලධාරියා - එහෙම කියලා බෑ.මාධ්‍යවේදින්ට ඉන්න තියන තැනට යන්න.
මාධ්‍යවේදියා - මට එතනට ගිහින්නම් මේ මාධ්‍ය ආවරණය කරන්න අමාරුයි.තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා.අපේ මේ තියන කැමරා කාච වලින් ඡායාරූප ගැනීමේ දුර ප්‍රමාණයක් තියෙනවා.එතනට ගිහින්නම් කොහොමත්ම ඡායාරූප ගැනීමේ හැකියාවක් නෑ.එහෙනම් මම යන්නද?
නිලධාරියා - ඒක ඉතින් ඔයාගේ කැමත්ත.අපිට ප්‍රශ්නයක් නෑ.අපිට මේක කවර් කරන්නම ඕන කියලා එකක් නෑ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අය හදන්නේ තමනුත් ලොකු මිනිහෙක් කියල පෙන්නන්න. මේ වගේ තැනක නැත් නම් කවුද මේ ගොල්ලට සලකන්නේ. මිනිහ දැක්කම එක හොඳට පේනවා.
PSD එක හරි. ඕක කවර කරන්න ඕනේ කියල නියමයක් නොමැත .
ඒ මිනිහට දොස් කියල වැඩක් නෑ .අගමැති මාධ්‍යයට බය නිසා එහෙම ඔවුන්ට උපදෙස් දෙන්න ඇති
නම්බුකාර විදියට කතාකර ඇත ආරක්ෂක නිලධාරියා ගේ වරදක් නැත.
ලංකාවේ වී අයි පී අය වැඩි දෙනෙක් ආරක්ෂක නිලධාරීන් යොදා ගන්නේ ආරක්ෂාවට නොවෙයි ආටෝපයටයි. සමහර ආරක්ෂක නිලධාරීන් අගමැතිට ජනාධිපතිටත් වඩා කැටයම් දානවා වැඩ පෙන්නන්න හදනවා. මාධ්‍යවේදීන්ට කළ මේ කෙනහිලිකම මම හෙළා දකිනවා.
නිලධාරියා කරලා තියෙන්නේ තමන්ගේ රාජකාරිය. මාධ්‍යවේදීන්ට වෙනමම තැනක් තියෙනවා නම් එතන නොඉන්න එක මේ නිලධාරියාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් බොහොම දුර තියෙන දේ ගන්න පුළුවන් කැමරා තියෙනවා.
මේ දෙබසේ හැටියට නම් ආරක්ෂක නිලධාරියා කිසිම වරදක් කර නැහැ. එයා බලන්නේ බොස්ගෙ ආරක්ෂාව, එච්චරයි. ඒක රාජ කාරිය. මාධ්‍යවේදියෝ දැනගන්න ඕන නවීන තාක්ෂනය ගැන. කාගෙද වරද?
ඔය කලවැද්දන්ගේ පවර්ස් බහින කාලයක් එනවා මිනිහා එදාට නිකම්ම නිකමෙක්.නමුත් මාධ්‍යවේදියා හැමදාමත් මධ්යවෙදියාමයි.
අගමැති තුමාට කඩේ යනවට හොද වැඩේ
අළු ගෝසු තනතුරට ඉල්ලා සම්මුඛ පරීක්ෂනයට යනොකට මෙයාගේ මුහුණ ඉලාගෙන යන්න. තනතුර ස්ථිරවම ලැබෙනවා.
දේශපාලකයෙකුට මාධ්‍ය ආවරණය කොතරම් වටිනවද? මෙබදු පුද්ගලයන් නිසා දේශපාලකයන්ට වන හානිය කියා නිම කල නොහැක.
මෙම නිලධාරියා හිතනවා ඇති එයා අගමැති කියල.
උනුයි, මුනුයි කියලා අපිට වෙනසක් නැහැ. ඔය කොයි එකත් කරන්නේ තමන්ගේ පාලකයෝ ආරක්ෂා කරන එකනේ. උන් ප්‍රසිද්ධියේ ආරක්ෂා කරන කොට , මුන් හොරෙන් තමාගේ එකාව ආරක්ෂා කරනවා., කටු කන ......!!!
PSD මහත්වරුන්ගේ මූලික පුහුණුවට කැමරා සහ ලෙන්ස් ගැනත් පාඩමක් ඇතුලත් කළොත් නරකද ?