ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාව ලබන 12 වැනි දා පළමු වරට රැස්වීමට නියමිතය.
එළැඹෙන වැසි සමයත් සමග කෘෂිකාර්මික සංග‍්‍රාමයක් සඳහා රටම සුදානම් කිරීම මෙහි අරමුණ වී ඇත.
ඒ අනුව ඔක්තෝම්බර් මස පළමු සතිය ජාතික ගොවි සතිය බවට ප‍්‍රකාශයට පත්කරීමට නියමිත අතර අතර මුළු රටම ඒකරාශිකරගත් පුළුල් කෘෂිකර්ම වැඩසටහනක් එම සතියේදී කි‍්‍රයාවට නැංවීමට සැළසුම්කර තිබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය. මෙම කෘෂිකර්ම වැඩපිළිවෙළ යටතේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08 ක් වගා කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය බිත්තර වී බුසල් හතළිස් ලක්ෂයම රජය විසින් ගොවි ජනතාවට ලබාදීමට නියමිතය.
ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙයි.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික සභාවේ පළමු සැසියේදීම කෘෂිකර්මාන්තය ගැන වැඩ පිළිවෙලක් හදනවා නම් නිසැකවම රට යා යුතු මග හඳුනාගත් පිරිසක් මේකේ ඉන්න බව කියන්න පුළුවන්. ඒ කමිටුවේ විද්වතුන්ට යහපතක්ම වේවා. නැත්නම්, සමාන නමක් තියෙන අනික් කමිටුවේ සෙල්ලම් ගැන එන ආරංචිවල හැටියට අන්තිමට මොන කර්මාන්තෙවත් අපට ඉතුරුවෙන එකක් නැහැ.
වැස්ස ආවේ නැත්නම් මේ සභාව විසුරුවනවද? තවත් පින් පඩි ගන්න සභාවක් විතරක් වේද? කාලගුණේ විශ්වාස කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද ....?