තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු ගොනු කළ පැමිණිල්ල තවදුරටත් විභාගයට ගන්නවාද නැද්ද යන තීන්දුව ලබන 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (04) තීන්දු කළේය.
මීට පෙර විනිසුරුවරයා කළ නියෝගයට අනුව විත්තිකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් පැමිණිල්ලේ මූලික විරෝධතා සම්බන්ධයෙන් වන ලිඛිත දේශන අද අධිකරණය හමුවේ ගොනු කළේය.
වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවත් දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල සභාපති මෛත්රි... නිල නොවන සභාපති මහින්ද? එහෙමනේ දැන් වෙලා තියෙන්නේ. උසාවියට ඔය ටික කියන්න මේ නීතිඥ මහත්වරුන්ට තේරෙන්නේ නැද්ද?
මහින්ද පක්ෂයටත්, අපේ රටටත් මහා කරුමයක්.
අනේ මෙහෙම තණ්හාවක්. ජනතාව ට සේවය කරන්න (හොරකම් කරන්න) කරන්න තියෙන ආශාව නේ. ඔක්කොටම හපන්. ඔය මුවාවෙන් ගොඩ යන්න බලාගෙන කුඩල්ලෝ කී දෙනෙක් නම් එල්ලිලා ඉන්නවද?
මට හිතෙන්නේ ශ්‍රී ලං නි පක්ෂයට "ම" යන්නෙන් අගුනයි කියල. එදත් එකයි අදත් එකයි. ජනතාවත් මඥන් වෙලා ඉන්නේ. කාට කටත් අමතක වෙලා පක්ෂ තියෙන්නේ ජනතාවට සේවය කරන්න කියල්ල. දැන් සටන් කරන්නේ අම්මගේ අප්පාගේ දේපලක් බෙදා ගන්න බැරුව වගේ. බොහෝ දෙනෙක් යන්නේ පක්ෂෙත් කාළ රටත් කාළ.