(තරිඳු ජයවර්ධන, ඉන්දිකා රාමනායක, ඉෂාන් සංජීව)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටිය දී 2008 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී තිබේ. ලොතරැයි මණ්ඩල පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ඔහුට ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නොහැකි වුවත් බලහත්කාරයෙන් දිගටම එම ධුරයේ රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.
එලෙස රැඳී සිටින අතරතුර ප්‍රසම්පාදන මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන් දහසක ජීප් රියක් ආනයනය කර ඇතැයි ද, එය වරායට පැමිණි වහාම ගුණවර්ධන මහතා එය ගෙන ගොස් ඇතැයි ද, වාහනය ගෙන ගොස් ඊට පසු දින ලොතරැයි මණ්ඩල සභාපති ධුරයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය පවසයි.
ඔහු ගෙන ගිය ජීප් රිය මේ වන විට සොයා ගන්නට නැති බැවින් පොදුදේපොළ පනත යටතේ සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
(ඡායාරූප ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියක් දෙකක් රිමාන්ඩ් කරලා තියල අතහැරලා දමාවි , නඩුව අවරුදු 5-10 ඇදල එහෙම නැත්නම් මොහුට පක්ෂ රජයක් පත්වුනහම විසිකරලා දාවි,
මේකනම් ලුණු බිකක් නෙමෙයි ලුණු ගෙඩියක්.
ඕවා බොරු වැඩ සහ මිනිසුන්ගේ කාලේ කන වැඩ. තව ටික දවසක් ගියාම ඔය වගේ සිද්ධියක් තිබුණද කියලත් මතක නැහැ.
නියම මහජන සේවකයන්ද නැතිනම් හොරුන්ද? බැලුවහම දෙගොල්ලම එකයි. මේ ගොල්ලන්ට නැවත ඡන්දය ඉල්ලන්න දෙන්නෙත්, ඡන්දය දෙන්නෙත් මේවා හංගාගෙනද?
මහාඋළු ගෙදර කල්දේරම් බතක් අනුභව කිරීමට දීමත් සුදුසු නැත. මක්නිසාදයත් එම බත්පතටත් අපගේ මුදල් වැයවන බැවිනි.
තවත් රුපියල් 2000 දඩයක් ගහලා නිදහස් කරලා දායි..
හෙට වෙනකොට සරණට අසනීප වෙයිනේ...
දැන් තමයි සරණ, අසරණ වෙන අවස්ථාව....
ඡන්ද දායකයිනි මේ අයව හඳුනාගන්න.
මෙලහකටත් හිරේ ඉන්න ඕන හරි නම් අවුරුදු 5ක් විතර.. කොයි ආණ්ඩුවක් අාවත් මෙයාලා බබාලා වගේ නලවනවා.
සුදු ඇඳගෙන වැඳ ගෙන
අහෝ මෙහෙමත් අසරණ වෙනවද?
නැතිවුණා කිව්ව ජීප් එක හොයාගන්න මම ක්‍රමයක් කියා දෙන්නම්... ඔය මාංචු එක්කම කකුල් දෙකෙන් එල්ලා මිරිස් කුඩු බාල්දියක ඔළුව එකපාරක් ඔබලා ගන්න.
නිට්ටඹුවේ රබුටන් වෙලේන්දන්ගේනුත් කප්පම් ගත්ත ඒවාට නඩු නැද්ද
ඔක්කොම හොරු බලන් ගියාම....සුදු ඇඳුමක් ගැලපෙනවාද,,??????
වැදගෙන යනහැටි රටේ සල්ලි කාලා. මේ වගේ හොර ඇමතිලාට උදව් කරලා පොස්ත්වුනු නිලධාරි පන්තියකුත් තාම බබාලා වගේ රජයේ ආයතන වල ලොකු පුටුවල ඉන්නවා. ටයි එහෙම දාගෙන. ඒ අයව එක්කෙනක් දෙන්නෙක් අල්ලලා වත්කම් හොයලා හිරේ දාන්නකෝ. රටට ආදර්ශයක් වෙන්නත් එක්ක.
ආවේ ජනතා සේවයට කපවුනෙමි කියලයි ... එහෙත් කලේ තමාගේ මදිය තරකරගත්ත එක විතරමයි ..... දැන් ඉතින් "සරණට අබසරණයි"
මහින්ද පැරදුනේ මෙයා හින්ද.