එස් .ඩි.කොඩිකාර
එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය.
හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගී වෙමිනි. දෙනියාය වරල්ල ඉළුක්කැටිය ප්‍රදේශයේදී එය පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා ඇතුළු පිරිසක් අද මහින්ද රාජපක්ෂ මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ගැන හරිම කණගාටුයි...
එන්න එන්න අනේ ඔබතුමා මොකෙන් අාවත් අපි ඔබතුමාව රජතුමා කරනවාමයි කලින් කල වැරැද්ද අායේ කරන්නේ නැහැ...
ඔව් එ්ක හොඳයි දැන් මල පරවෙලා නිසා පොහොට්ටුවෙන් එන එක නම්...
අනේ මෙහෙම තණ්හාවක් ... මොහු එන්නේ කොහොමද රටේ තිබෙන ව්‍යවස්ථාව අනුව?
තනතුරු ගැන ඇති සිතිවිල්ලේ....අවසන මුලවෙයි ලතැවිල්ලේ..., ඇයි මේ විදියට හැසිරෙන්නේ.. ඔබ යළිදු නොඑනු ඇත ඔබ ආයේ.... බලයෙන් මත්වී හැසිරෙන්නේ ඔබ අගමැති ගැන ඇති සිතිවිල්ලේ.... කිසිඳු දිනෙක යලි නොමවෙන්නේ... අවසන මුලවෙයි ලතැවිල්ලේ.... අගමැති තනතුර රනිල් මැතිඳු ළඟ යලි නොම දෙනු ඇත මේ කපයේ.... ඒ ගැන ඇති වන සිතිවිල්ලේ අවසාන මුලවෙයි ලතැවිල්ලේ.... රටක් වටින මහ රජෙකුව සිටි ඔබ ඇයි මෙහෙම දෙයක් වූයේ...!!!
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මකලා දමන්න කිසිම අලුත් පක්ෂයකට බැහැ. පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, විජය කුමාරතුංගගේ මහජන පක්ෂය, ලලිත් සහ ගාමිණීගේ පෙරමුණ, සරත් ෆොන්සේකාගේ පක්ෂය සහ මහා සංගයාගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් පිහිටවූ ජාතික හෙළ උරුමය මුල් අවස්ථාවේදී ඇතිකළ ජන ආකර්ශණය ඉතාමත්ම තාවකාලික විය. මල් පොහොට්ටුව මහින්ද මහතාගේ ආකර්ෂණය නිසා පිපුණත් එය ඉතා ඉක්මණින්ම පරවෙන බව අපි හොඳාකාරවම දනිමු.
අනේ මන්දා. ඔබතුමා ආයෙත් එන්න හදන්නේ හත්මුතු පවුලත් එක්කමද?
කැලේ පිපුන මල් පොහොට්ටු මොන තරමක් ඔබලා අතින් අකාලයේ මියැදෙන්නට ඇත්ද? පිපෙන පිපෙන පොහොට්ටු අයිති ඔබලාටමයි කියා සිතපු කාලය අවසන් යයි සිතන්න කාලය එළඹ ඇත. ඔබලාගේම අපරික්ෂාකාරී අතීතය විසින් ඔබලාට දැන් ඉතිරි කර ඇත්තේ ඉටි මල් පොහොට්ටු පමණයි. ඒවා මිනිසුන් අතින් කෙලෙසෙන්නේද නැත. කල් ගත වී හෝ පරවෙන්නේ ද නැත. අද ඔබට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉටි මලින් සැබෑ මල හඳුනාගන්න පුළුවන් ජනතාවකටයි. දෙවිවරු පවා ආයුෂ අවසන් වී දෙව්ලොවින් චුතවෙන සමයක මල් පොහොට්ටුවක් අතින් ගෙන ඔබ මේ ප්‍රවිෂ්ට වෙන්න උත්සාහ කරන්නේ සිහින ලොවකට බව කණගාටුවෙන් වුව ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.
අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ආසාවක්!
අදහස් දාන අය ටිකක් කල්පනා කර බලන්න, උපදින්නට ඉන්න දුප්පත් දරුවන් ගැන හිතලා අවංක පාලකයන් පත්කර ගන්නා ලෙස පාට පක්ෂ ඉවත් කර ගනිමු .
අප මවුබිම බේරාගැනීමට, එඩිතරව නිර්බයව තීරණගෙන එම මෙලෙච්ච රැලගෙන් රට බේරාගැනීමට අපගේ විරෝධාර රණවිරුවන්හට නායකත්වය දීමට මූලිකවූ ඔබගේ නම ලක්මවගේ හදවති රන් අකුරෙන් ලියවී ඇත. එය කිසිවකුහට මැකිය නොහැක. තවද ලක්මවගේ දරුවන් හැටියට අප ඔබට ඇතුළු සියලු රණවිරුවන් හට අප හිස නමා ආචාර කරන්නෙමු. නමුත් ඔබ නැවත අප මවුබිමට නායකත්වය දීමට සැරසෙන්නේනම් ඔබගෙන් වුන අඩුපාඩු පිළිබදව ලක්මවගේ ආදරණිය දරුවන් වන අපව දැනුවත්කිරීම ඔබගේ ඉදිරිගමනට එය හොද රුකුලක්වෙනු නියතය. තවද අවසාන වශයෙන් මෙයද කිවයුතුමය. ඔබ අවට ඉන්නා කපටි අයගෙන් ප්‍රවේසම් වීම ඉතා වැදගත්වේ.
2009 යුද්ධය අවසන් කල අවස්ථාවෙදී අපි හිතුවෙි මේ රටට අවශ්‍ය නායකයා ඔබතුමා බව. තවත් අවුරුදු 50 කට. නමුත් යුද ජයග්‍රහණයෙන් පසුව කුමක්ද වුනේ. ටිකක් සිතා බලන්න. දූෂිතයන් නැතිව ඉදිරියට යන්න එවිට අපි ඔබතුමා සමගයි. ඔබතුමාට අපි සියළු ශූී ලාංකිකයන් නමස්කාර කරනවා හැමදාටම අපේ රට කුරිරු LTTE වනචාරිගෙන් බෙිරාගත් අසහාය නායකයා මහින්ද රාජපක්ෂ නම් වු ඔබතුමා.
USA වල හිටපු ජනතිපති ඔබාමා කෝ දැන්
මොනවද සටන් පාඨය ඉදිරිපත් කරන්න යන්නේ! දැන් කොටිත් නැහැනේ
පොට්ටුව කඩන්නේ කොහොද? වට කරගෙන ඉන්න සෙට් එක මඩ ගොඩක් නේ.
තණ්හාව මිනිසෙක් වනසන සැටි, දුකයි මොහු ගැන
අයේ එන්නේ බැසිල් එක්කද? මෙතුමා අපරාදේ නැති නාස්ති වෙන්න යන්නේ
ඔබ තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලාද ඉන්නේ?
ජය වේවා රට බේරාගත් විරුවාණෙනි.. අතීතය අමතක අය අතලොස්සක් තවමත් රටේ සිටි.
ඔබතුමා පක්ෂයක් ලකුණක් නැතුව හිස් කොලේකින් ආවත් රටට ආදරේ අපි ඔබතුමාට ආපහු රට බාර දෙනවා. අද ඔබතුමා අපේ දරුවන්ට හදල දීපු වරායවල්, එයාර් පොර්ට් අර යටත් විජිත කාලේ වගේම පිටරට වලඅය භුක්ති විදිනවා
ඉහත දක්වා ඇති අදහස් දැක්කම පුදුම කණගාටුවක් ඇතිවෙන්නේ.රටට සෙතක් කරපු උතුම් මිනිසෙකුට මෙවැනි අවමන් කිරීම ඉතාමත් පහත් ක්‍රියාවකි. එවැනි ප්‍රකශ අප තරයේ හෙලා දකිමු.
අපේ රටේ ඉන්නේ මෙයා විතරද? මොන විකාරද මන්ද?
ඉතින් තවමත් ශ්‍රීලනිප නායකයින්, මහින්දට සහ ඒකාබද්ද නඩයට අනේ එන්න එන්න කියනවද ? මහින්ද තාමත් ශ්‍රීලනිප අනුශාසකද ? ඔවුන් පක්ෂේ විනය කඩකරලා නැත්ද ? ශ්‍රීලනිප අපගේ චන්දෙන් පත්වුණු මේ කට්ටිය තවමත් ශ්‍රීලනිප මන්ත්‍රී වරුන් ලෙස පාර්ලිමේතුවේ ඉන්න පුලුවන්ද ?
සන්තෝසයි , එක්සත් ජාතික පක්ෂය ගොඩේ ගොඩ. අනේ තව පක්ෂයක් හදන්නකෝ.
තමුන් ගැන තමුන්ටවත් නිසි වටිනාකමක් නැතිකමේ පලවිපාක
නිදහසේ අපගේ දුවා දරුවන් සමග මේ ගෙවන ජීවිතය අපට අපේ ළමුන්ට වටිනවා. ඔවුන් දැන් දන්නවා උදේ වැඩට යන තාත්තා හවසට ගෙදර දැන් එන බව. ඒ මානසික නිදහස ඔවුන්ට මොන සැපතකටත් වඩා වටිනවා. සල්ලි නෙවෙයි ජීවිතය කියන එක දැන් ඉන්න ළමුන් හොඳට තේරුම් අරගෙන් ඉන්නේ. ත්‍රස්තවාදය මොන ආකාරයෙන්වත් අපි අනුමත නොකලත් රාජ්‍ය ත්‍රස්තවාදය සහ අනුන්ගේ මත නොපිළිගැනීම ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට හේතුවක් නොවේ.
ලොකු මහත්තයෝ වෙනත් ලකුණකින් එන්න.
ඊළඟ ඡන්දයෙන් එන ලකුණ තීරණය කරන්න කලින් ඊළඟ ඡන්දය එන දිනය තීරණය කර ගත්තා නම් නේද හොඳ? පරිණත දේශපාලඥයෙක් විදියට 2020 වෙනතුරු ඡන්දයක් නො එන බව ඔබතුමා දැන නො සිටීම කණගාටුවක්. නැතිනම් ඇත්ත දන්න නිසා නේද මේ වගේ නිර්භීත ප්‍රකාශ නිකුත් කරන්නෙ?
පොට්ටුවෙන් බැරිනම් හැරමිටියෙන් හරි එන්න
ඔබතුමාට ගැලපෙන්නේ ඔටුන්න ලකුණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අන්තිම ඇණයද මේ ගහන්න යන්නේ. රනිල්ට දැන්නම් හරිම සතුටක් දැනෙනවා ඇති.
මෙතුමාට සහ නඩේට හරියන කාලෝචිත ලාංඡනය වන්නේ පොහොට්ටුව නෙමෙයි. විලංගුවයි.
කහඹිලියා පොහොට්ටුවෙන්ද? එන්න අායෙත් අත දිග හැරලා දෙන්නම් කතිරයක්...!!!
එක පාරක් මට්ටු නොවුණු එකේ පොහොට්ටුවෙන්වත් මට්ටුවෙන්නේ නැතෙයි.
නැහැ නැහැ මෙයා ආපහු කොහෙන් හරි මහා ඇමති වෙලා මුල ඉඳන් එයි නැත්නම් විරුද්ධ පක්ෂේ නායකයා වෙන්න හරි පුළුවන්නේ නේද?
පොහොට්ටුව අත්හැරලා පොල්ගෙඩිය දාගන්න හොරපොල් නඩේ කියලා පක්ෂයේ නමත් මාරු කරන්න.
මෙයා කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් බව නොදන්නා රට ගොන් ටිකක් තවත් වහල් සේවයේ යෙදෙන හැටි .
හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න ඕනා එළිපිට ..... තටමල තටමලා කිකිළි බිත්තරේ අමාරුවෙන් දැම්ම ....දැන් තමයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහා ලේකම් තුමාගේ කාර්ය භාරය ....???
අත ලකුණ ජනතාවට මතක නැහැ..පුටුවට 10 බුලත්කොලයට10..මල්පොහොටිටුව ආවත් ජනසතු ප්‍රතිපත්තිය මුලික වෙන්න ඔිනි....නැතිනමි අපට මෛති්‍රි හොදයි
ඔය වටේ හිටපු හොර නඩය නැත්නම් ඔබ අදත් ලංකාවේ ජනපති ,
ඕක කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් ....
ඔබතුමා පොහොට්ටුව වෙන්න පුළුවන් එත් කවූරුත් දන්නවා වටකරගෙන ඉන්නේ මඩ ගොඩක් බව ...
කිසිදා නොපිපෙන පොහොට්ටුව.