(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස මුල පැවැත්වීමෙන් සාමාන්‍ය පෙළ විභාගයට බාධා ඇතිවිය හැකි හෙයින් ඊට විරෝධය දක්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට දන්වා තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ මූලික කටයුතු දෙසැම්බර් 09 වැනි දා සිට ආරම්භ වන අතර විභාගය 12 වැනි දා ආරම්භ වේ.
මැතිවරණය ඊට පෙර දිනයක පැවැත්වූවද පශ්චාත් මැතිවරණ කටයුතු නිසා විභාගයට බාධා විය හැකි බවද විභාග කොමසාරිස්වරයා ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පූෂ්පකුමාර මහතා මැතිවරණ කොමිසමට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, හොඳ තීරනයක් කොමසාරිස් තුමා. අධ්‍යාපනයට මුල් තැන දියයුතුයි. රට අගාධයට යවන, ජනතාව ගැන නොසිතන මේ වගේ අය ඉන්න තුරු මේ රට ගොඩගැනීමට ඇපහසුය. මේ ඡන්දය අප්‍රියෙල් 1 දාට යොදාගැනීමයි ගැලපෙන දිනය. තව අවුරුදු කිහිපයකින් මේ රටේ බුද්ධිමතුන් ඉතිරිවන්නේ අතලොස්සකි. දැනටමත් බොහොමයක් පිරිස් ප්‍රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ රට හැරයාමට පටන් ගෙන ඇත. මෙය මා හොඳින් දන්නා සත්‍ය කරුනක්. කියන්න කනගාටුයි ඉදිරියේදී මේ අපගේ සුන්දර දිවයින ගවමඩුවක් වනු ඇත. සමහර විට ඉන්දියාවේ කොටසක් වීමට ඉඩ ඇත.
හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු. අඬන්න විදිහක් නැතුව හිත හිතා හිටපු එකාට ඇන්න නේද ඇඟිල්ලෙන්? දැන් ඉතින් මැතිවරණෙ ආයෙත් කල් දාන්න 'සාධාරණ' හේතුවක් තියෙනවා, නැද්ද මං කියන්නේ?
මුල තිබ්බොත් හොඳයි මැතිවරණ කොමසාරිස් නැත්තං අහිංසක ළමයින්ට, මේ අයගේ මැතිවරණ ප්රචාරක කරච්චල අහන් ඉන්න වෙනවා .
එත් ඉතින් ලංකාවේ ඕක වෙන්නේ නෑ, මොකද මැතිවරණ තියෙන්නේ කට්ටඩියෝ කියන දවස් වලටනේ. අහිංසක දෙමවුපියන්ගේ ළමයි වගේද වැරදි වෙලාවක මැතිවරණ තියල පැරදුනොත් අහිංසක දේශපාලකයෝන්ගේ ළමයින්ට මොකද වෙන්නේ. නීතියක් සම්මත කරන්න ඕනි අගෝස්තු, දෙසැම්බර් මස වල මැතිවරණ හෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්න බෑ කියල.
100% ක් ඇත්ත, ඡන්ද එපා ඕවා බොරු වැඩ. විභාගයට බාධා කරන්න එපා
අපේ ජනතාව මෝඩයන් ලෙස සිතන අය බලයට පත් වුනහම මෙහෙම තමයි වැඩ සිද්ද වෙන්නේ . අගෝස්තු මාසය දෙසැම්බර් මාසය විභාග මාස බව දැන් දැන් මේවගේ වැඩ කරන්නේ තව තවත් චන්දය කල් දාගන්න කරන උප්පර වැට්ටී ලෙසයි