(අජන්ත කුමාර අගලකඩ)
අද (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රෘතීම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අර්ජුන රණතුංග ඇමතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇති වූ බව දැනගන්නට ඇත.
ක්‍රිකට් සම්බන්ධයෙන් ද එහි දී ඇමතිවරුන් දෙදෙනා චෝදනා එල්ල කරගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී මත ගැටුම සමථයකට පත්කර ඇතැයි වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් පාලනය අර්ජුනට දෙන එක තමා හොදම දේ මොකද ලංකාවෙන් බිහි වුණ ගොඩක් දක්ෂයන්ගෙ උදව් අරන් අර්ජුනට ක්‍රිකට් හදන්න පුලුවන්
මොන පක්ෂයේ හිටියත් අර්ජුන මේ රටට ආදරේ මනුස්සයෙක්.
අපට පෙනෙන්න බොරුවට ගැටිලා හවසට සෙට් වෙනවා. අපි හරි පව් අප්පා.
ක්‍රිකට් පාලනය අර්ජුනට දෙන එක හොද නැහැ, ඔහුට අනිත් රටවලුත් එක්ක වැඩ කරන්න බැහැ.
දයාසිරි අප හිතුවා ඔහු අනාගතයක් ඇති දේශපාලකයෙක් කියා.
දයාසිරිත් යහපාලනයට ආදරේ කෙනෙක්නෙ.
හරිනම් ක්‍රීඩා ඇමතිකම දෙන්න ඕනේ අර්ජුනට. කිසිම ක්‍රීඩාවකින් ලෝක ශුරතාවයක් දිනාගත් වෙන කිසිවෙකු ඔය පාර්ලිමේන්තුවේ නැත.
අර්ජුනගේ වැඩ ගැන හරියට දන්න කිසිම කෙනෙක් එයාට නැවතත් ක්‍රිකට් පාලක මණ්ඩලය භාරදෙන්ඩ කියන්නේ නෑ . ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන්ද, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින්ද අර්ජුන අපේ රටට ලොකු සේවයක් කරලා තියෙන බව ඇත්ත. එහෙත් ඔහු තුල ඇති මුදලට කෑදරකම නිසා කරන ලද වැරදි බොහෝය. ඊට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක තනතුර ලත් සැනින් ඔහු කලේ අපේ අසල්වැසි ප්‍රබල ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලය අමනාප කර ගැනීමය. අන්තිමේදී අර්ජුනට සිදුවුයේ අකුලාගෙන යන්නටය. ක්‍රිකට් ගැන කතා කරන්නට අර්ජුනට අයිතියක් ඇතද, නැවතත් ක්‍රිකට් පාලක වන්නට කිසිදු සුදුසු කමක් ඔහුට නොමැත. අභාග්‍යයකට හෝ අර්ජුනට ක්‍රිකට් පාලනය භාර දුන්නොත් එය නරියාට කුකුල් කොටුව භාර දුන්නා සේ වනු ඇත.මා නම් කියන්නේ සිදත්, මහේල, සංගා තිදෙනාට පුර්ණ බලතල සහිත තනතුරු ලබා දී සම්පුර්ණ ක්‍රිකට් ව්‍යුහයම ප්‍රතිසංවිධානය කළ යුතු බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී මේ රණ්ඩුව සමතයකට පත් කලේ නැත්නම් කොහෙන් මේ අරගලය ඉවර වෙයිද කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි ! බලාගෙන යනකොට ජනපති තුමා මැදිහත් නොවී කිසිම අරගලයක් සංසිඳවා ගැනීමට බැරි තත්වයක් මේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" දැන් උදාවී තිබේ.
එක පාරක් අර්ජුනට දීලා බලමු.
අර්ජුන ක්‍රිකට් වලට නැවත ගැන ඒම සුදුසු නොවේ. ඔහු දැන් දේශපාලකයෙක්. සංඝා මහේල වගේ අයට අවස්ථාව දීම තමයි කල යුතු හොදම දේ. ක්‍රීඩකයන්ගේ විනය පිලිබදවත් මීට වඩා සැලකිලිමත් විය යුතුයි.