( උපාලි ආනන්ද සහ උපුල් තම්මිට)
තහනම නොතකා තිසාවැවේ ස්නානය කළ බවට වරද පිළිගත් පුද්ගලයකුට මුදලින් රුපියල් 10000ක දඩයක් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය.
තිසාවැවේ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදි එය නොතකා තිසාවැවේ දිය නෑ බවට ඔහු සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔහු එම චෝදනාවට වරද පිලිගත්තේය.
අනුරාධපුර තිසාවැවේ දිය නෑම නිසා එහි ජලය අපවිත‍්‍ර වන බවට තිසැවැව සුරැකීමේ සංවිධානය මීට පෙර අධිකරණයට ප‍්‍රකාශ කළ අතර අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝ සමිදුන් දෝවනයට පැන් රැගෙන යන්නේ අනුරාධපුර තිසැ වැවෙන් බවටද අධිකරණයේදී කියැවිණි.
එහෙත් අනුරාධපුර වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් ජනතාව දහස් ගණනක් තිසාවැවෙන් දියනෑම නිසා එහි ජලය අපවිත‍්‍ර වන බවද එම සංවිධානය අධිකරණයට පැවසීය.එම කරුණු සැලකිල්ලට ගනිමින් තිසාවැවේ දියනෑම මීට පෙර සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද වැරද්දම තමා. ඒ වුණාට ටිකක් හිතලා බලන්න, බිලියන ගාණක වත්කම් හෙළි නොකළාට උපරිම දඩය රුපියල් 1000යි, පොඩි මිනිහගේ එකකට රුපියල් 10000යි. දැන්වත් තේරුම් ගන්න මේ පාලකයෝ කවුරු ගැනද හිතන්නේ කියලා...
රන්ජන් ඇමතිතුමාගේ කළු කොට් කතාව හරියටම හරි...
රතු, කළු, උස, මිටි, උගත්, නූගත්, පෝසත්, දුප්පත් නීතිය කාටද?
තිසා වැවේ තියෙන්නේ අමුතු වතුරක්ද ආයුබෝවන්! රන්දියවත්ද? දන්නේ නැති නිසයි අහන්නේ
අම්මෝ! නාන්න රුපියල් 10000 ක්. නොනා හිටියනම් හරි!
අපේ රටේ පොඩි මිනිහට විතරියි නීතිය හරියට ක්රියාත්මක වෙන්නේ ලොකු අයට සල්ලි තියනවා