(ඉන්දිකා රාමනායක)
ශි‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර හෙට (31) කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තරගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පිරිස අතර කැරලි මර්දන කණ්ඩායම් ද සිටින බව පොලිසිය කියයි.
මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේ දී ප්‍රේක්ෂකයින් පිරිසක් විරෝධය දක්වමින් ක්‍රීඩාංගනය වෙත බෝතල් ප්‍රහාර එල්ල කර නොසන්සුන්කාරි ලෙස හැසිරුණූ අතර එවැනි තත්ත්වයක් වලක්වා ගැනීමට මෙම තීරණය ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
ක්‍රීඩා පිටිය වෙත නොයෙකුත් ද්‍රව්‍ය විසි කිරිම ප්‍රේක්ෂකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බවත් එවැනි ක්රියාවන්ව නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් පොලිසිය කියයි.
මෙවැනි ක්‍රියාවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රිඩාංගණයේ සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි සිසිටීවී පද්ධතියක් ද ස්ථාපිත කර ඇත. සාමකාමීව තරගය නරඹා සාමය ආරක්ෂා කිරිමට සහය වන ලෙස පොලිසිය ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ දැන්මම පරාජය පිළි අරගෙන කියන එකද? දිනුවොත් ඉතින් නොසන්සුන් වෙන්න ඕනේ නැහැනේ... හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා වගෙයි...
ක්‍රිකට් කියන්නේ තවත් එක වෘත්තියක්... තව කෙනෙක් රස්සාව කරනවා බලන්න අතින් සල්ලි වියදම් කරන් පොලිසියෙන් ගුටිත් කලා එන්න අමුතුම මානසික අබාධයක් තිබිය යුතුයි...
දිනුම සහ පැරදුම එකසේ භාර ගන්නට නොහැකි ප්‍රේක්ෂකයින්ට. බැටන් පොලු වලින් ගසා පලවා හැරිය යුතුයි.
පරාජය බාර ගන්න අකමැති අය ගෙදරට වෙලා ටී වී එකෙන් බැලුවනම් ඉවරයි. පරාදවුණාම ටී වී එකට ගහල කුඩුකරන්න.
ඔලිම්පික් ක්‍රීඩා නිර්මාතෘ බැරන් කුබටන් මහතා කියා ඇත්තේ ක්‍රීඩාවේ වැදගත්ම අංගය සහභාගීවීම මිස ජයග්‍රහණ නොවන බවයි. අපේ අයට පැරදුණොත් ඉවසන්න බැහැ. අනික දේශපාලනයේ වගේ ක්‍රිකට්වල නැහැනේ අපිට දෙන්න අපි දිනවලා දෙන්නම් කියන අය...
ඔක්කොම පොලිසියේ අයව මැච් බලන්න දැම්මා නම් හරිනේ...
යාලුවනේ කවුරුවත් මැච් එක බලන්න යන්න එපා. අපි ගෙදර ඉදගෙන ටී වී එකේවත් මැච් එක බලන්නේ නැහැ. මැච් එක යන වෙලාවට ටී වී එක වහලා දානවා. එතකොට ලයිට් බිලට යන මුදලහරි අපිට ඉතුරුවෙනවා. පොලිසියට විතරක් මැච් එක බලන්න කියලා හැමෝම ගෙවල්වලට වෙලා ඉන්න. නිකම් අතින් සල්ලි දීලා ටිකට් අරගෙන ඕක බලලා අන්තිමට පොලිසියෙන් ගුටිත් කාල නඩුත් දාගෙන උසාවි යන්න තරම් පිස්සු තියන අය ලංකාවේ නැතුව ඇති....
මේ විකාරය අපේ රටේ පමණක නොව, ලෝකේ තව රටවලත් සිදුවෙනවා. සමහර රටවල් වල ජයග්‍රහණය පසුවත් මහා පාරේ කැරලි ගහනවා. අපට අවශ්‍ය හික්මීමයි.
පුටු ඇතිවෙයිද? සිවිල් ඇඳුමෙන් යැව්වොත්, මහා ජනකායක් තරඟය නැරඹීමට ඇවිත් කියන්නත් පුළුවනි. ඔව්ව අපි කියල දෙන්න ඕනද? වැඩිපුර විස්තර අහල බලන්නකෝ ඔය මන්ත්‍රී ඇමතිලගෙන්, එයාල හොඳට දන්නවනේ ඔව්ව ගැන. දිනපු පැරදුනු කියල වෙනසක් නැහැ, මනා දැනුමක් තියෙනවා ඔය ගැන.
අපේ රටේ නායකයෝ ලෝකය ඉදිරියේ නැමෙන නැවිල්ලට ක්‍රිකට් ටීම් එක නැවුනම මොනා වෙනවද.මේ පරදින විදිහ ලූනු බික්කක් වගේනේ
පරඳිනව ඉවසන්න පුලුවන් ජාතියක් ලන්කාවෙ ඉන්නෙ. හැබැයි ඒක පුරුඳ්ඳකට පරඳිනකොට කොහොමඳ ඉවසන්නෙ.! ඉවසීමෙත් සීමාවක් තියෙනව. මම ඉන්නෙ පිට රටක. ක්‍රිකට් නිසා අපි හිටියෙ හුගක් ආඩම්බරයෙන් අපේ රට ගැන. ඒත් අපට ඒක අහිමි වේගන එනවා. ප්රේක්ෂකයන්ගෙ හැසිරීම සාඳාරනයි..!
ක්‍රීඩාව අතරතුරේ ආපදාවට ලක්වන ක්‍රීඩකයන් වෙනුවට අතිරේකව යොදා ගැනීමටද? පොලිස්පතිවත් එව්වනම් තමයි හොඳ. එයා හොඳ පොල් අඩි කාරයෙක්.
බුද්ධි අංශයෙන් වාර්තා ලැබෙන්න ඇති අද ප්‍රේක්ෂකයෝ එන්නේ නැහැ කියල. ඒක තමයි පොලිසියෙන් මෙච්චර පිරිසක් යවල තියෙන්නේ ඒ හිඩැස පුරවන්න. හොඳ තීරණයක්.