(අමල් වික්‍රමරත්න)
දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.
“20 වැනි සංශෝධනය අද දින සාකච්ඡාවට නොගන්නා ලෙස ඉල්ලම්න් මා විසින් දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට සහ ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියා .ඒ 20 වැනි සංශෝදනයට ඉදිරිපත් කළ යෝජනාවලට තවත් සංශෝධන කිහිපයක් එක්කිරීමට නියමිත බව අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට දැන්වූ නිසා.“
“එම සංශෝධන පාර්ලිමේන්තුවෙන් සම්මත කර නැවත අපිට දන්වන බවත් සැප්තැම්බර් 12 වැනිදා මෙම යෝජනාව ගැන අවශ්‍ය කටයුතු කිරීමට සුදානම් වන ලෙසත් අද දින එය විවාදයට නොගන්නා ලෙසත් මා වෙත දැනුම් දී තිබූණා.මම ඒ පිළිබඳ දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට සහ ප්‍රධාන අමාත්‍යවරයාට පිටපතක් යවමින් දැනුම් දුන්නා.“
“එත් අද පළාත් සභා සභාපතිවරයා එම දැනුම්දීම පිළිඅරගෙන නැහැ.සබරගමුව පළාත් සභාවේ සභාපති වරයා සහ එම පළාත් සභිකයින් එම කාරණය පිළිඅරගෙන සභා නීති රීතිවලට අවනත වෙමින් එය පිළිපැද තිබුනා. නමුත් දකුණු පළාත් සභාවේ අද සිදුවුණේ වෙනත් දෙයක්.“
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘
desilva Wednesday, 30 August 2017 01:49 PM
ඔය පළාත්සභා වලින් සිදුවෙන්නේ ජනතා මුදල් නාස්තිවීමත්, අනවශ්‍ය ප්‍රශ්න ඇති වීමත් පමණි. ලංකාව වැනි කුඩා රටකට පළාත්සභා අනවශ්‍යය. කරුණාකර ඔය පළාත් සභා සියල්ලම අහෝසිකරලා දමන්න.
de silva Wednesday, 30 August 2017 10:37 PM
ඔය පළාත්සභා අපේ උවමනාවට ඇතිකර ගත දෙයක් නොව ජයවර්ධන ජනාධිපතිගේ බෙල්ලට පිහිය තබා රජීව් ඝාන්ධි විසින් බලෙන් ඇතිකරගත් දෙයකි , දැන් ඔකේ පාර්ශව කාරයෝ සියලුදෙනාම ( ජයවර්ධන , රජීව් , ප්‍රභාකරන් ) ජිවතුන් අතර නැත , බොරුවට ජනතාවගේ මුදල් නාස්ති නොකර ඕක අහෝසි කරන්න , ඉන්දියාවේ බහුතරයක් දැන් ඝාන්ධි පවුල් පාලනය පිළිගන්නේ නැත ,