(ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් ලක්ෂ 23 වටිනා නිති විරෝධි ගබ්සා පෙති 16930 ක් රැගෙන ඉන්දියවේ උත්තර් ප්‍රදේශ් සිට කටුනායනට පැමිණි ඉන්දිය ජාතිකයකු (32) රේගුව විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
ගුවන්තොටුපොළට පැමිණ භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ගුවන් මගීන් පිටතට යන මං තීරුව (ග්‍රීන් චැනල්) හරහා ගුවන් තොටුපළින් පිටවීමට උත්සහ දැරු අවස්ථාවේදි ඒ පිළිබදව රේගු නිළධාරින්ට ඇති වු සැකය මත ඔහු රැගෙන එන ලද ගමන් මල්ල පරික්ෂා කිරිමේදි ගබ්සා පෙති විශාල තොගයක් සොයා ගැනීමට හැකිවු බව ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා කීවේය.
කොළඔ කොටුව සහ මරදාන ප්‍රදේශයේ පිහිටා ඇති තොරාගත් පෞද්ගලික ඔසුසැල් හරහා අධික මිල ගණන් යටතේ මෙම ගබ්සා පෙති තොගය කඩිනමින් අලෙවි කර මෙරටින් පිටවීමට සැකකරු සැලසුම් කර තිබු බව කරන ලද පරික්ෂණයේදි අනාවරණය වී ඇති බවත් සැකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කර ගබ්සා පෙති තොගය රාජසන්තක කළ බවත් රේගුව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ.., ඉන්දියාවෙන් විදේශ විනිමය ගේන සංචාරකයෝ නේද මේ?
මේවා කරන්නෙම මුස්ලිම් මිනිස්සු. ඒවා ගැන කතාකළාම ජතිවාදේ කියනවා. පුදුම සංහිඳියාවක්....
ජීවිත පහළොස්දහසක් බේරා දුන් ඔබ සැමට තුති...
එක්තරා රටක මේ හා සමානවම වඳ පෙතිද තොග පිටින් ගෙන්වා රටපුරා ඇති එක්තරා ජාතියකට අයත් හෝටල් තුලින් ආහාරවලට කලවම්කර ඒ රටේ මහා ජාතියේ අයට කවනවා කියලා කවුද කතා වෙනව මට ඇහුණ ඕං..
ගබ්සාව කාන්තාවකට පුද්ගලිකවූ ප්රශ්නයක්ත. මාගේ කය ගැන වගකීම, සම්පුර්ණයෙන්ම ඇය සතු විය යුතුයි. මේවා කරන්නේ මුස්ලිම්වරු යයි මුලු මුස්ලිම් ජාතියම චෝදනාවට ලක් කිරීම ඉතාම පටු අදහසකි. උපාලි , ඔබ ජාතිවාදියෙකි. ඕනෑම ජාතියකට ඕනෑම ජඩ වැඩ කල හැකිය. එහෙත් ඒ ජඩ වැඩ වලට බිලි නොවීමට අපේ කාර්යයි.