(තිලිණි ද සිල්වා)
යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (29) වාර්තා කළේය.
මෙලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ බ්‍රසීලය , කොළොම්බියාව , ආර්ජන්ටිනාව ,චිලී ,පේරු සහ සූරිනේම් යන දකුණු ඇමෙරිකා රටවල් හි ක්‍රියාත්මක දකුණු අප්‍රිකාව මූලික කරගත් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යපෘතිය ඇතුළු මානව හිමිකම් සංවිධාන කිහිපයක් විසිනි.
යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආරක්ෂක ආඥාපතිව සිටියදී ඔහුගේ යුද කණ්ඩායම් විසින් උතුරේ පුද්ගලයින් ඇතුරුදන් කරවීම් ,පුද්ගලයින්යට වද හිංසා පැමිණවීම, රෝහල් වලට ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසමින් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.
නඩු පැවරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහා කර ඇති අතර බලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉකුත් ඉරිදා (27) එරටින් පිටත්ව ගිය බවයි.
ජනරාල් ජගත් ජයසූරිය මහතා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඉකුත් 2015 වසරේදී බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද තානාපති මුක්තිය යටතේ කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයක් කියන්නෙම අපරාදයක් තමයි. එකේදී 100% නිවැරදීම දේ කවදාවත් වෙන්නේ නැහැ. මේ මිනිස්සු යුද්ධ කලේ මුළු මහත් ජාතියක් සහ රටක් වෙනුවෙන්.. අද අපේ ගුණමකු මිනිස්සුන්ට මේවා අමතකයි.. වැරදි කලානම් දඩුවම් විදින්නම ඕනේ කියල සංහිදියා කට්ටිය මේකේ අදහස් නොදැම්මොත් මේක ලංකාව නෙමෙයි.
ඡන්දයක් එන බව කිවා විතරයි "රණවිරුවන් දංගෙඩියට දක්කන්න " පටන් අරගෙන වගේ. ජයවේවා.....
යුද්දය දිනුවා කියලා පොලොව ඉඹලා කිරිබත් කකා ප්‍රීති වුනා මිසක් මෙවන් චෝදනා එල්ල වෙනකොට ඒ ගැන සොයා නොබැලීමේ වරද තමයි මේ . මේවා යහපාලනය මත පටවා ජනතාව කොටවා වාසිගන්නයි රට හුරගෙන කාපු හිටපු පාලකයන්යන්ගේ අභිප්‍රාය ...
පසුගිය කාලයේ , මේ ආණ්ඩුව පර සක්වල ගහල කිවුව රණ විරුවන් දන් ගෙඩියට ගෙනියන්නේ නැහැ,ගෙනියන්න දෙන්නෙත් නැහැ කියල. මේ නඩු දැමීම වෙනත් රටවලින් කරන්න හදන හින්ද ලංකාණ්ඩුවේ ස්ථාවරය මොකක්ද?රණ විරුවන් ජීවිත පුජකරමින් යුද්ධ කලේ, සියලු රට වැසියන්ට නිදහස් නිවහල් දේශයක් ලබාදීම සදහායි.අද ඔය කට මැත දොඩවන වචලයෝ මොනවා කියයිද මන්ද.තත්වේ භයානක කම ඔතනින් පටන්ගෙන කොතනින් නතර වෙයිද කියන එකයි.සමහරුන්ට හිතෙයි මම "දිය කොරහේ කිබුල්ලු දකිනවා"කියල.එත් මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය { ජනතාවට එකක් කියමින් කරන්නේ ඊට ඉදුරාම වෙනස් දෙයක් නිසා}දිහා බැලුවම මොකක් වෙයිද කියල කියන්න බැහැ.පාලකයිනි දැන් නිදා හිටිය ඇති . නැගිටිවු.
ආන්ඩවනේ මුරුගා - අපේ දෙය්යෝ අපේ දිහා බලනවා
මේ රට කාලකන්ණි කොට වසර ගනනාවක් පසුපසට ඇද දැමූ කොටි ත්‍රස්තවාදීන් අද අහිංසකයෝය ඒ ව්‍යසනයෙන් රට මුදාගන්න දිවි පරදුවට තබා සටන් කල විරුවන් ද්‍රෝහීන්ය මහත්වරුණි මේ ප්‍රශ්නයට විතරක් උත්තර දෙන්න ඇයි දෙවියනේ අපි මේ රටේ ඉපදුනේ
බලමුකෝ රනිල් අවුරුදු ගානක් දහස් ගණනක් මිනිස්සු මරපු කොටි ට උදවු කරපු ඒරොප්පේ කොටි ඒජන්තයෝයි ,මෙරෝප්පේ දෙමල සාන්ධානෙයි එක්ක දීග කනට හැටි
නඩු දාන්න කාටද බැරි? මොකට කලබල වෙනවද? එදා හිටපු ජනපති මුළු ලොවටම කිව්වේ අපි කලේ මානුෂික මෙහෙවරක් කියල.
මෙය මහින්ද, නාමල් ගොයියා සහ හොරු සෙට් එකේ තවත් බොලද ජාතිආලය විකිණීමේ උත්සාහයකි
හාමුදුරුවන්ට වෙඩිතියාපු කිරිදරුවන් මරාදාපු මිනීමරුවෝ මහත්තුරු වෙලා ඕයි මේ මුළු රටබේරපු ත්‍රස්ත වාදය නැතිකරාපු රණවිරුවෝ හිරේ දාලා ............ඕයි මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු //
කව්ද මෙයා තානාපති කලේ , එතනයි වැරැද්ද . නඩු දාල තියෙන්නේ ..අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන . තානාපතිකම් දෙන්න ඕනේ රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් තියෙන අයට . පඳුරු පාක්කුඩම් ලෙස නෙමෙයි . තානාපති තනතුරු කියන්නේ ..ජනතා මුදලින් පිනට වරප්‍රසාද දෙන තැනක් වෙලා
ලෝකේ කොහෙද යුද්ධ සිද්ධ වෙන්නේ අහිංසක මිනිස්සු නොමැරෙන ? එත් අපේ රටේ යුද්ධේ තමයි අහිංසක මිනිස්සු බේරගන්න හමුදාවන් කැපවුණ හොදම යුද්ධේ සිදු වුනේ. එදා යුද්ධේ කෙරෙමින් පැවතී අවසන් සතියේ එල් ටි ටි එක බලෙන් තියාගෙන හිටපු මිනිස්සු බේරිලා ඇවිල්ල කියපු දේවල් මේ ඉනියා සාම ජාවාරම් කාරයන්ට විරුද්ධව ජ්‍යාත්‍යන්තර අදිකරනවල පෙන්නන්න ඕනේ. ඒ යුද්ධේ තව සතියක් අැදුන නම් තව කි දාහක් මැරෙනවද . ඒ බේරිලා ආපු මිනිස්සු අතරේ හිටපු එල් ටි ටි ත්‍රස්තවාදීන් කරපු මරාගෙන මැරෙන ප්‍රහාරවලදී උනත් අපේ හමුදාවන් ප්‍රතිප්‍රහාර එල්ල කෙළේ නැහැ අහිංසක මිනිස්සු මැරෙන නිසා. එත් ඉරාකේ, සිරියාවේ , ඇෆ්ගනිතානයේ මොනතරම් අහිංසක මැරුණද. ඒවාට කිවුවේ අත්වැරදීම් කියල . මේ මෑතකදිත් අහිංසක සිවිල් වැසියෝ 50 ක් එකතැනක මැරුන . එ්කටත් කීවේ අත්වැරදීම් කියල.
රටවල් කීපයක් එක පුද්ගලයෙකුට විරුද්දව චෝදනා කරනවානම් එකට බයේ පැනල යන එක චන්ඩි කමක්ද ? රට වෙනුවෙන් කළා නම් බය නැතුව එකට මුණ දීල තමන් නිවැරදි කියල ඔප්පු කරන එකයි රට වෙනුවෙන් නම් කල යුත්තේ. මාර ජාති ආලයක් තියෙන ජාතියක්.. උදේ ඉඳන් බැලුවොත් කපල කොටලා මරල ..දුෂණය කරලා මරනවා ............යුද්දේ කාලේ නෙමෙයි අදත් අපරාධ එහෙම්මමයි ... ජාතියක් වශයෙන් දුෂිතයන් ආරක්ෂා කිරීමද කල යුත්තේ??? අපරාධ දුෂණ පිටුදැකිමද??
මේ සේරම සුළු ජාතික චන්ද වැඩි කරගන්න , පක්ෂ පාට අමතක කරලා ජාතියක් විදියට එකමුතු වෙමු , එවිට සුළු ජාතියත් රැකෙවී.
1971 JVP අප්‍රියල් කැරැල්ල , 88-89 භීෂනය. 71 දී දකුණේ පේමවති මනම්පේරී හමුදාව විසින් නිරුවත් කර මරණ ලදී. 30 අවුරුදු LTTE යුද්ධය. දැන් ප්‍රශ්නය ? වෙනත් රටවල කුණු විසි කෙරීම, පාරේ චු දැමුවොත් දඩුවම්. අපේ රට නීතියට විරුද්ධව උත්ගෝසන. හිටපු සහ දැන් පාලකයෝ හොරු . ඔවුන් ජාති වාදය අවුස්සා පරණ හොරකම වසා ගැනීමට උත්සහය. සිංහල JVP සහ දමිල LTTE නිසා රට දුප්පත් නොදිවුණු රටක් වුන. ජනපති ,අගමැති ට බැරි ඇයි මේ රට හදන්නට ?
අපේ රටේ අහිංසක මිනිස්සු දහස් ගණන් කොටි බෙලිකපා සහ බෝම්බ ගසා මරද්දී මේ ඊනියා මානව හිතවාදීන් කොහිද හිටියේ මේක අපේ රටේ ප්‍රශ්නයක්නේ.කොහෙවත් යන සුද්දන්ගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ.ජාති බේදයකින් තොර සියලුදෙනා දිවි පිදුවා.යුද්දයක් කියන්නේ සියලුදෙනාට බලපෑම් තියෙන දෙයක්.අපේ රට ගිනිගද්දී නිදාන් හිටපු සුද්දන්ට දැන් තියෙන කැක්කුම මොකක්ද.අපේ රණවිරුවන් පෝරකයට ගෙනයාමට කිසිලෙස ඉඩ තැබිය යුතු නැත.සුමුදු එතුමා වීරයෙක් තානපතිකමට සුදුසු කෙනෙක්.ඔය කියන වර්ගයේ රාජ්‍යතාන්ත්‍රික දැනුම තියෙන හොරු කොච්චර ඉන්නවද.මෙතුමා සුදුසු පුද්ගලයෙක්.කොන්දක් තියේනම් උගත් රණවිරුවන්ට අපහාස කරන්නෙපා.
මෙන්න මේ දේවල් තමයි 2015 වෙනසක් පැතු ලංකාවේ ඉන්න මෝඩ රැළ කරපු විනාශයේ ප්‍රතිපල. මෙය ආරම්භයක් පමණයි . අතදරුවෝ පොල්ගස්වල ගහල මරපු , ශ්‍රී මහා බෝදියේ උඩමළුවේ සිල් සමාදන්වී සිටි අහිංසක උපාසික -උපාසකයන් මරපු ,අරන්තලාවේ භික්ෂු ඝාතනය කරපු, දළදා මාලිගාවට බෝම්බ ගහපු , අහිංසක සිවිල් ජනතාව දහස්ගනක් මරපු කොටියෝ යුද අපරාධ කරලම නැහැ. උතුරු නැගෙනහිර මෙන්ම මුලුරටේම ජනතාවගේ ජිවිත බේරගතතු ,රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරුකළ හමුදාව යුද අපරාධ කරලාලූ. මේවා ගැන කාට කියන්නද? තමන්ගේ රට මිනිස්සු බටහිර බලවතුන්ගේ බිලිපුජාවලට පුදන පහත් පාලකයෝ නිසයි අතීතයේ පටන්ම අපේ සිංහල ජාතිය මෙන්ම ශ්‍රී ලංකාවම විනාශ වුනේ. රට මුදාගන්න දිවි පරදුවට තබා සටන් කල විරුවන් රැකගන්න ඔබ හැමදෙනාම එක්වන්න..තවත් බලාගෙන න්නනම් එපා .. දැන් බලමුකෝ අපේ ලොක්ක මොනවද කරන්නේ කියලා මේ චෝදනා වලට එරෙහිව.
ඇමරිකාවේ සිටින සියලුම හමුදා ප්‍රදානින් යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ ගෙනයන්න ඕන අදිකරණයට. ඉරාකයට ලේබනයට, ලිබියාවට ඉරානය ඇෆ්ගනිස්ථානය පකිස්ථානය වියට්නාමය ජපානය කරනලද අපරාදවලට.
ප්‍රශ්ණ වැඩි නොකර රට හදන්නට උදව් කරන්න.
ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. එක අපරාධ කරා කියලා, ලෝකෙම පිළිගත් ආණ්ඩුවක හමුදාවකින් එවැනි අපරාධයක් බලාපොරොත්තු වෙන්න බැහැ එය අසාධාරණයි කියනෙකයි තර්කය. ත්‍රස්තවාදීන්ට නීතියක් ඉවක් බවක් නැතිවුනාට, ආණ්ඩුව නියෝජනය කරන කුමන පිරිසකටවත් එසේ ක්‍රියා කරන්න බැහැ කියනෙකයි මෙතන කියන්න උත්සාහ කරන්නේ.
චන්දන, ඔයා ඉන්නේ ලංකාවේ නෙමෙයිනේ සුද්දන්ගේ රටක. ඒක නිසා ඔයාල වගේ අයට මේවා තේරෙන්නේ නෑ. මොකද ඔයාලගේ කවුරුවත් බෝම්බ කාල නැහැනේ.