(තිළිණි ද සිල්වා)
යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතා එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව නඩු පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කිසිදු නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය ලංකාදීපයට අද (30) පැවසුවාය.
එසේම බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ දෙවසරක නිල කාලය මේවන විට අවසන්ව ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියාය.
ඒ අනුව සිය සේවා කාලය අවසන් වීමත් සමඟ ජනරාල් ජගත් ජයසූරිය මහතා මේවනවිට එරටින් පිටව අද (30) දිනයේ යළි දිවයිනට පැමිණි බව මහිෂිනී කොළොන්නේ මෙනවිය කිවාය.
ඉකුත් 2015 වසරේදී ජනරාල් ජගත් ජයසූරිය මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද ශ්‍රී ලංකා තානාපති ධූරයේ කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතළුන්තරය ජයගත්තා කිව්වේ ඕකද? අපේ රණවිරුවෝ හිරේ දානකල් මේ අය උඩ බලන් ඉඳියි. මේ අය හැමතැනම කියන්නේ දන්නේ නෑ කියන එක තමයි. තාම දේශපාලන අවශ්‍යතා නිසා යුද්ධය කාලෙදිවත් රණවිරුවන්ට වචනයකින්වත් උදව් නොකළ මේ පිරිස ගැන තව මොන කතාද?
මේ යුධ අපරාද මුලින්ම එල්ලවුණේ තිබු ඒකාධිපති පාලනයටයි.. ඔවුන් ඊට පිළිතුරු දුන්නෙත් ඒකාධිපති ලෙසටයි ... අඩුගානේ ඔවුන් කියා සිටියේ නැහැ අපි මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නම් වත් කියා. හිටපු නායකයා යුද්ධ කලේ ජාතික සංවිධානයක් සමගයි .. නමුත් පවතින රජයට සටන් කරන්න වෙලා තිබෙන්නේ ජාත්‍යන්තරයත් සමගයි ... ඒක නිසා එම නායකයාට කරන්න තිබෙන්නේ තන්හාව අයින් කරගෙන ජනතාව නොමග නොයවන කතා නොකර මෙම ප්රශ්නය විසඳා ගෙන්මට පවතින රජයට සහය වීමයි .
අර යුද්ධ කාලේ "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්"කියපු වාචාල ඇමතිය දැන් කියයිද දන්නේ නැහැ ඕනේ ගොනෙකුට නඩු දාන්න පුළුවන් කියල.
අනේ නෝනේ ඒ රටවල් වල උසාවි තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ නොවෙයිනේ නේද?
නැති ප්‍රශ්න ඇතිකරගෙන දුක් විදින ජාතියක් . මේ ආකල්පයන් වෙනස්වෙන්නේ කවදාද?
හුසේන් කුමාරගේ, UNHRC වාර්තාවෙන් (පිටු අංක 140 ගණන්වල) ඍජුවම නම් සඳහන් කරමින්, මේ චෝදනා එල්ල කොට තිබුන. එවකට විදේශ ඇමති මංගල, රජය වෙනුවෙන් ඒ වාර්තාව මුළුමනින්ම පිලි ගත්ත. දැන් ඉතින් වෙන දෙයක් බලාගෙන ඉන්න තමා වෙන්නේ. මේ රටට සැබැ ලෙසම ආදරය කරන මිනිස්සුන්ට තමා මේවා උහුලන්න බැරි. .