එළියට එන නීති විරෝධී වත්කම් බැරකම්
මාඕ සේතුං, මහත්මා ගාන්ධි, ඒබ්රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් පිළිබදව ලොවම කතාබහට ලක්වන්නේ ඔවුන්ගේ ආදර්ශවත් රාජ්ය පාලනය නිසාය. මෙවැනි වූ ආදර්ශවත් නායකයන් මෙන්ම අල්ලස්, දූෂණ, වංචා සහ නිතිවිරෝධි වත්කම් හමුවේ තනතුරු අහිමි වූ, සිරගත වූ නායකයන්ද ලොව බොහොමයකි.