1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වැනි අනු වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයක් මගින් ඕනෑම වරදකට වරදකරුවකු කර දඬුවම් විඳින ඕනෑම පුද්ගලයකු කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන බව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34.(1) වගන්තියට අනුව,
‘‘ශ්‍රී ලංකා ජන රජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට සමාව දීම පිළිබඳව දක්වා තිබේ. (අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට, (ආ) නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාල සීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් තැබීමට; (ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට; හෝ (ඈ) නියම කරන ලද දඬුවමක් මුළුමනින් ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කළ වරද හේතු කර ගෙන ඔහුගෙන් ජනරජයට අය විය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුළුමනින් ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කිරීම හේතු කරගෙන ඔහුට අයත් වස්තුවක් රාජ්‍ය සන්තක විය යුත්තේ නම්, එසේ රාජ්‍ය සන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීම මුළුමනින්ම අත්හිටු වීමට, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති පොදු සමාව ලබාදිය යුතු ක්‍රියා පටිපාටිය වේ. සෑම වසරකම නිදහස් දිනයට, වෙසක් පෝය දින, නත්තල් දින සහ කාන්තා දිනයට සිරකරුවන්ට පොදු සමාව හිමිවෙයි. සිරකරුවන්ට සමාව පිරිනැමීම යන සම්ප්‍රදාය පැවත එන්නේ යටත් විජිත කාලයේ සිටය. එදා මෙය මහ රැජිනගේ සමාව විය. ඉන්පසු සෝල්බරි සහ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ අග්‍රාණ්ඩුකාරවරයාගේ සමාව වූ අතර 1978 ව්‍යවස්ථාව අනුව වර්තමානයේ මෙය ජනාධිපති සමාව නම් වේ. ජනාධිපතිවරයාට මෙවැනි සුවිශේෂ බලයක් හිමි වී තිබෙන්නේ සුළු වැරැදිවලට සිර දඩුවම් විඳින්නන්ට, දඩ ගෙවා ගැනීමට නොහැකිව සිරදඬුවම් විඳිමින් යහපත් කල් ක්‍රියාවෙන් පසුවූවන් පිරිසටද සමාව ලබාදීම සදහාය. එහෙයින් ජනාධිපති සමාව යනු සමාජ සාධාරණත්වය උදෙසා ක්‍රියාත්මක කිරීමට ජනපතිට හිමි වී ඇති නෛතික බලයක් ලෙසද හැඳින්විය හැකිය.
දෙවැනි ලෝක යුද්ධයේ ජර්මානු හමුදාවේ රහස් පණිවිඩ හුවමාරු ක්‍රමය හඳුනා ගැනීමට නොහැකිවීම අන් රටවලට මහත් ප්‍රශ්නයක් වී තිබුණි. ජර්මානු හමුදාවේ රහස් පණිවුඩ ක්‍රමය කෙසේ හෝ හඳුනාගැනීමට මහා බ්‍රිතාන්‍යයට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් 1939 දී හට් 8 නම් කණ්ඩායමක් පිහිටුවීය. එනිග්මා නම් ජර්මානු යන්ත්‍රයේ කේත ක්‍රමය හඳුනා ගැනීමට යෙදවූ මෙම කණ්ඩායමේ එක් සුවිශේෂ චරිතයක් වූයේ ඇලන් ටියුලින් නම් පරිගණක විද්‍යාඥවරයෙකි. නොබෝ දිනකින්ම ජර්මානු යන්ත්‍රය බිඳලීමට සමත් මූලික කේත ක්‍රමය හඳුනාගැනීමට ටියුලින් සමත් වූයේය. ඔහු නිර්මාණය කළ බොම්බේ නම් යන්ත්‍රය මගින් මිලියන 14ක ජීවිත බේරුණු අතර දෙවැනි ලෝක යුද්ධය වසර 2 කින් කෙටි වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. එසේ අනුපමේය සේවයක් කළ ඔහු ලිංගික චෝදනාවකට වරදකරු කරමින් සිරගත කරනු ලැබූ අතර ඔහුට සමාව දෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් විසින් ජනතා අත්සන් 30000ක යෝජනාවක් ගෙන එනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි එළිසබෙත් මහ රැජින ඇලන් ටියුලින්ට කොන්දේසි විරහිත රාජකීය සමාව දෙනු ලැබීය. ඒ මහ රැජිනගේ සමාවය.
මිනීමැරුම් චෝදනා 6 කට වරදකරු වූ බී.ඩී. සුමතිපාල 1975 වසරේදී බෝගම්බර බන්ධනාගාරයේදී එල්ලා මැරීමට නියම වූ අවස්ථාවේදී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලවගේ නියෝගයකින් ඔහුට නිදහස ලැබුණේය. අධිකරණයකින් වරදකරු වූවකු පෝරකයකට නියම කිරීමට සම්මත වේලාවක් ඇත්තේය. යමෙක් පෝරකයට නියම කරනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව විවෘතව තැබීම සම්ප්‍රදායක් වන්නේය. එයට හේතුව වන්නේ වැරැදිකරු එල්ලා මැරීමට පෙර කවුරුන් හෝ විශේෂිත වූ රාජ ආඥාවක් හෝ විශේෂ පණිවුඩයක් රැගෙන එන්නේ නම් ඔහුට අපහසුවකින් තොරව බන්ධනාගාරයට පැමිණීමට හැකිවීමටය. අග්‍රාණ්ඩුකාරවරයාගේ එවක සිටි ලේකම් ලියැවිල්ලක් රැගෙන විත් බන්ධනාගාර අධිකාරිවරයා අත තබන මොහොත වනවිට වේලාව පෙරවරු 8 පසුවී මිනිත්තු 2 ක් ගත වී ඇති අතර එම අවස්ථාවේදීත් සුමතිපාල හමුවේ අළුගෝසුවා ලීවරය ඇදගෙන සිට ඇත්තේය. විලියම් ගොපල්ලව එවූ අග්‍රාණ්ඩුකාර සමාවට අදාළ ලියැවිල්ලට අනුව ඔහුට සමාව හිමිවිය. ගෙලට තොණ්ඩුව වැටුණු පසුවත් ජීවත් වීමේ වරම් ලැබූ එකම පුද්ගලයා ඔහු වන්නට පුළුවන. ඒ අග්‍රාණ්ඩුකාරවරයාගේ සමාවයි.
මෙරට ජනාධිපති සමාව පිළිබඳව ඉතිහාසය විමසා බැලීමේදී ජනප්‍රිය පුද්ගලයන් බොහෝමයකට නිදහස ලබාදුන් අවස්ථා රැසකි. ජනාධිපති පොදු සමාව යටතේ 71 කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවා වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට ජනාධිපති සමාව ලැබිණ. නැක්සලයිට් චෝදනාව යටතේ සිරගත කෙරුණු විජය කුමාරතුංග ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව යටතේ නිදහස් විය. මිනීමැරුම්, පුද්ගලයන් පැහැරගෙන යෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබ සිටි පාතාලයට සම්බන්ධ පුද්ගලයකු වන ගෝනවල සුනිල් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති යටතේ සමාව ලැබීය. පසුව ඔහුට මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක් ද ප්‍රදානය කෙරිණ. 2004 වර්ෂයේ දී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි එස්.බී. දිසානායක කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 දී එස්.බී. දිසානායකට ජනාධිපති සමාව ලබා දුණි. හිටපු හමුදාපතිවරයකු වන ෆීල්ඩ් මාෂල් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් ඔහුව නිදොස් කර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළේය. එසේම සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව ඝාතනය කළ චෝදනාවට වරදකරු වී මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නමැති කාන්තාවට 2009 දී ජනාධිපති සමාව හිමිවිය. ඒ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේය. මරණ දඬුවම පෙනි පෙනී තමන්ගේ නිවෙසට පැමිණ නැවත පදිංචි වන්නට තරම් වරම් ලැබූ ඇය හිටපු කැබිනට් අමාත්‍යවරයකුගේ නීත්‍යනුකූල බිරිඳය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව ප්‍රදානය කළේය. එහෙත් නිදහස් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග ප්‍රදානය කළ සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලැබූ හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලදී. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදෙන ලදී.
ජනාධිපති සමාව පිළිබඳව කතාව නැවත කරළියට පැමිණ ඇත. එයට හේතු වූයේ පසුගිය වෙසක් පෝයදා ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 388 දෙනෙකු වෙත නිදහස ලබාදුන් සිදුවීමයි. එහෙත් ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කර ඇති බව මේවනවිට සනාථ වී තිබේ. අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවකු වූ පුද්ගලයකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්වයක් මතු වී තිබේ. මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධව අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථමව ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවටද තොරතුරු හෙළිදරව් වී ඇත.
2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජූනි මස 9 වන දින අතර කාලයේ තුළ ඩබ්ලිව්. එම් අතුල තිලකරත්න නම් පුද්ගලයා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ හතළිහක් සාපරාධ විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදු කරන ලැදයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි. එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බයෛන් විමර්ශන මෙහෙයවා තිබිණි. ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න අදාළ මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයා ලෙස ක්‍රියාකරමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී සනාත විය. මෙම නඩුව මීට පෙර පසුගිය මැයි මස 2 වන දා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් තීන්දු කළාය. ඒ අනුව, මුදලින් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළා ය. ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළා ය. එසේ නියම කළ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම සඳහා එම නඩුව ජූනි 05 වන දා යළි කැඳවීමට ද එදින නියෝග කළා ය. එලෙස තිබියදී පසුගිය වෙසක් පෝය දින ඔහුට ජනාධිපති සමාව හිමි විය.
එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න ට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේ ද තවත් නඩු කිහිපයක් පවතී. ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ ඒවා වීම විශේෂත්වයකි. එම නඩුවල පැමිණිලිකරුවන් වන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකි. ඔහු මූල්‍ය වංචා සිද්ධියකට මීට පෙර ද අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙකි.
ජනාධිපති සමාව යටතේ ජනාධිපතිවරයාට තෝරාගත් පුද්ගලයන් හට සමාව ලබාදීමේ හැකියාව පවතී. එහිදී සිදුවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා දිවයිනේ තිබෙන බන්ධනාගාරවලින් වාර්තා කැඳවනු ලබයි. පසුව ඒවා වර්ගීකරණය කර සමාව දිය යුතු රැඳවියන් පිළිබඳව අධිකරණ අමාත්‍යංශ ලේකම්ට අවසන් ලේඛනයක් ඉදිරිපත් කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාය. පසුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් එම වාර්තාව ජනාධිපති ලේකම්ට යොමු කරනු ලබයි. මෙය ජනාධිපති සමාව ලබාදීමේ සාමාන්‍ය ක්‍රියා පටිපටියයි. ඒ යටතේ ඉකුත් වෙසක් දින සමාව දිය යුතු රැඳවියන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව දිවයිනේ පිහිටි බන්ධනාගාර 29 කින් වාර්තා කැඳවා තිබේ. අවසානයේදී සමාව දිය යුතු 388 දෙනකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්ට යොමු කර තිබේ. එම නම් ලැයිස්තුවට වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කළ රැඳවියන් 388 දෙනාගේ ලැයිස්තුවට ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න යන පුද්ගලයාගේ නම ඇතුළත් වී නොමැත. එමෙන්ම වෙසක් දින පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඉදිරිපත් කළ රැඳවියන් 36 දෙනාගේ නම් ලැයිස්තුවේත් මෙම තිලකරත්න නමැති පුද්ගලයාගේ නම ඇතුළත් ව තිබී නැත. බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ බලය අවභාවිත කරමින් මෙම පුද්ගලයාට සමාව ප්‍රදානය කර නිදහස් කර ඇති බව පෙනී යයි.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වන තුෂාර උපුල්දෙණිය මහතාද අත්අඩංගුවට ගැනුණි.
මෙම සිදුවීම සමග සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ මේ ආකාරයෙන් අනීතිකව සැකකරුවන් නිදහස් කිරීම දීර්ඝ කාලයක් පුරා සිදු වූවක් බවය. අධිකරණ මගින් රුපියල් ලක්ෂ විස්ස, විසිපහ වැනි දඩ නියම කළ පුද්ගලයන් මේ අයුරින් කීප වතාවක්ම නිදහස් කර තිබෙන බවට කරුණු අනාවරණය වී තිබේ. 2024 වසරේ නත්තල් දින ජනාධිපති පොදු සමාව යටතේ සැකකරුවන් 330 ක් නිදහස් කර තිබේ. එම 330 න් සැකකරුවන් 57 දෙනකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇත. ඊට අමතරව මේ වසරේ නිදහස් දින තවත් සැකකරුවන් 274 ක් නිදහස් කර තිබේ. එම පිරිස අතරින් 11 දෙනකු අනීතිකව නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබේ. බන්ධනාගාර අධිකාරීවරුන් තම අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බව මෙයින් පෙනීයයි. රටක නීතිය රකින්න සිටින පිරිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අභියෝගයට ලක් කරමින් මෙලෙස නීතියට පිටුපා කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
(*** ශෂිකා අබේරත්න)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපති සමාව කල දුටු කල වළ ඉහගත්තාද?