IMG-LOGO

පැය 20,000 ක් ගුවනේ සිට යානයට වැඳ වෘත්තියට සමුදුන් කප්පිත්තා

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ඇමෙරිකානු ජාතික ඕර්වීල් රයිට් සහ විල්බර් රයිට් යන දෙසොහොයුරෝ ලෝකයේ පළමු වතාවට යාන්ත්‍රික ශක්තියෙන් ක්‍රියාත්මක වන පාලනය කළ හැකි ගුවන් යානයක් නිමවා එය සාර්ථකව පියාසර කළ පුද්ගලයන් ලෙස ලෝක ඉතිහාසයට එක් වන්නේය. ඒ 1903 දෙසැම්බර් 14 වන දින උතුරු කැලිපෝර්නියාහිදීය.

ඔවුන්ගේ ගුවන් කාලය තත්පර 12කට සීමා වූ අතරෙහි එහි ගුවන් උස වූයේ අඩි 120කි. බයිසිකල් අලුත් වැඩියා වෙළඳ සැලක් පවත්වාගෙන ගිය ඔව්හු ඉතිහාසයට එක් වූයේ එලෙසිනි. අතීත ගමන් කතාව එසේ ඇරඹියත් ගෝලීය වශයෙන් අද වන විට ලෝකයේ ජාලගතව ඇත්තේ වාණිජ, අධ්‍යාපනික සංචාරක, හා සංස්කෘතික විවිධ අවශ්‍යතා හමුවේ සුසංයෝග කරමිනි.

දිනක් තුළ ලෝකයේ සිදුවන ගුවන් ගමන් ගණන මේ වනවිට 235,000 වන බව පැවසේ. සාමාන්‍යයෙන් වාණිජ ගුවන්  ගමන් පමණක් 139,000ක් වන බවත් දැක්වේ. මේ අයුරින් ගුවන් ගමන් ලෝකයට කොතෙක් සමීපදැයි අවබෝධ කරගත හැකිය.

ගුවන් ගමනක අපූරු අත්දැකීම විඳ ගන්නට ලැබී ඇත්නම් එය ආශ්වාදජනක හැඟීමකි. ගුවන්  යානයක් පදවා ගෙන යාමට අවස්ථාව සැලසේ නම් එය අතලොස්සක් වූ පිරිසකට ලැබෙන්නකි. ආධුනික කාර්මික ශිල්පියෙක් ලෙස රුපියල් 230 ක වැටුපකින් ගමන් ආරම්භ කළ  ශිරාන් ඇන්තනින් සිල්වා ගුවන් යානා කපිතාන්වරයෙක් ලෙසින් පියාසර පැය 20,000 ඉක්මවමින් ගෞරවාන්විතව සිය වෘත්තීයට සමුදුන්නේය. ඒ පසුගිය 6 වැනිදාය.

තමන්ගේ ජීවිතයත් මගීන්ගේ ජීවිතයත් සුරකිමින් උඩුගුවනේ සිය වෘත්තීය ගෞරවය, කැප කිරීම, ආදරය, ප්‍රසාදය අවංකත්වය ඈ සියල්ල කැටිකොට තම සේවයට සමුදුන්නේ සිය වෘත්තීය දිවියේ අවසන් ගුවන් ගමන නිම කොට මිහිමතට ගොඩබැස්සූ ගුවන් යානයට දෙදෙණ නමා වැඳ ගෞරව භක්ත්‍යාදරය පුදකරමිනි.

එය බොහෝ දෙනාගේ අවධානයට මෙන්ම ආදරය සහ ඇසට කඳුළක් එක් කළ අවස්ථාවක් අවස්ථාවක් ද විය.

සහෝදරයන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ තෙවැනියා වූයේ ශිරාන් ඇන්තනීය. පියා සිය දිවියේ වීරයා විය. ඔහු ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙකි. නමින් සිඩ්නි සිල්වාය.

මව මොරින් නම් වූවාය. වත්තල ශාන්ත අන්තෝනි මහා විදුහලේ අධ්‍යාපනය ලැබ පසුව මරදාන ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.

" මම ඉගෙන ගන්න දක්ෂයෙක් නොවෙයි.  පන්තියේ විසි වෙනියාගෙන් එහාට ගිහිල්ල නෑ. හැබැයි ඒ වගේම නහයට අහන්නෙත් නෑ. එක තැන ඉන්න බැරිකම මට තියෙනවා. මගේ මූණ ස්වරූපය නිසා පාසල් කාලයේ නාට්‍යවල කාන්තා චරිතවලට ගොඩක් මට  කතා කරනවා. ගැහැණු චරිතවල රඟපෑවා. කොහෙන් ආපු දෙයක්ද කියන්න මම දන්නේ නැහැ මට මේ හැකියාවන් ගොඩක්  දේවාශිර්වාදයක්  ලෙස ලැබිලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ."

උසස් පෙළ ප්‍රතිඵල සමඟ එවකට එයාර් ලංකාහි ආධුනික ගුවන්යානා කාර්මිකයෙක් ලෙස සේවයට ඔහුට අවස්ථාව සැලසෙයි. පියවරෙන් පියවර ඉදිරියට බලා ඇඳුනු ඔහු ගුවන්යානා කාර්මිකයකු ලෙස අවස්ථාව උදාකර ගත්තේය.

එතැනින් නොනැවතුණු ඔහුට ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙක් දක්වා සිය මග හසුරුවා තරම් හසුරුවා ගන්නට තරම් සප්‍රමාණිකයකු වීමේ භාග්‍ය හිමි කර ගත්තෙහිය. මේ අතරතුර ඔහුගේ දෛවය වෙනත් දෙසකට යොමු කරමින් කුවේට් ගුවන් සේවයට එක් වීමට යොමුවිය.

එකල ලංකාවේ පැවති ක්‍රමය අනුව උසස් වීම් නිසි ලෙස නොලැබීමත් තරුණ වයසේ කිව්වා නාහන ගතියක් නිසාම සිය පියාගේ මැදිහත්වීම මත ඔහුගේ යහළුවෙකු වෙත යොමු කිරීම සිය ජීවන හැරුම් ලක්ෂයක් බවට පත්වූ බව එදා ඔහුට නොසිතෙන්නට ඇත. එහිදීම ගුවන් යානා නියමුවෙක් ලෙස පුහුණුවීමට අවස්ථාව උදාකර ගත්තේය.

සිය මව ඔත්පල වීමත් පසුව ලංකාවට පැමිණියත් එයාර් ලංකාහි එවකට අවස්ථාවක් ඔහුට නොලැබීමත් ඔහුටපසුබෑමකට හේතුවක් විය.

නැවතත් වරක් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේඉංජිනේරුවෙක් ලෙස කටයුතු කිරීමටත්ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමටත් ඔහුට අවස්ථාව හිමිවීම ද ඔහු ලත් භාග්‍යයකි.සිය දක්ෂතාව හා මනා කුසලතාවන් හඳුනාගත් එවකට සිටි පාස්කරළින්ගම් මහතාගේ සහායෝගය ඔහුට ලැබිණි. ඔහුගේ  අත් නොහළ උත්සාහය ගුවන්යානා පියාසර ඉංජිනේරුවෙක් කිරීමට තරම් සමත් විය. එ‍ ඉලක්කය අත් නොහැර සිටීමේ ගුණයත් ඕනෑම කට්ටක් විඳ දරා ගනිමින්අවස්ථාව තමන් වෙත හරවා ගැනීමට ඔහු සතුව තිබූ නිසග හැකියාව නිසාමය.

ගුවන්යානා ඉංජිනේරු පළමු නිලධාරී සහ එම ඉංජිනේරු ජේෂ්ඨ නිලධාරී තනතුරු දක්වා පැමිණෙමින් ඔහුගේ ඊළඟ පිම්ම වූයේ ගුවන් නියමු තනතුරය. ඒ අනුව ගුවන් යානා කප්පිතාන් වරයෙක් ලෙස ඔහුගේ සේවය ඉතිහාසයට එක් වන්නේ කිසිදු දඬුවමක් හෝ හෝ අනිසි ක්‍රියාවක්, අතපසුවීම් හෝවිනය කඩවීමක් හෝ කිසිදු කළු පැල්ළමකින් තොරව සියලු ප්‍රසාද ආදරයයන්ට පාත්‍රවමින්ගෞරවය කැටි කොට ගෙනය.

ලෝකයේ බොහෝ රටවල්හි ගුවන් ගමන් සඳහා එක් වූ ඔහුට ගුවන් පැය 20,000 ඉක්මවන්නට හැකිවීම ගැන ඔහු දක්වන්නේ සතුටිනි.

ඔහු අතිශූර ගුවන් නියමුවෙකු පමණක්ම නොවේ. සකළ කලා දක්ෂතා සපිරි මානුෂීය ගති ඇත්තෙකි. විටෙක නළුවෙකි. විටෙක ගායකයෙකි. විටෙක ගීත රචකයෙකි. එනිසාම සින්දු කියන, රඟපාන, ගී ලියන ගුවන් යානා පදවන ලෝකයේ එකම ගුවන් නියමුවා වන්නට ද බැරි නැත.

අම්මා බෞද්ධ කාන්තාවක් වන අතර පියා කතෝලිකාගමිකයෙකු වුවත් පල්ලිය මෙන්ම පන්සලද ඔහුගේ ජීවිතයට සමීපය.අතේ නිරන්තර පිරිත්නුලකි. බුද්ධාගම කෙරෙහි මහත් විශ්වාසයක් ඇති ඔහුකතෝලික දේව භක්තියත් එකිනෙක සිය ජීවිතයට සමීප කොට ගෙන ඇත. කතෝලික භක්තියකේ වුවද ‘සිදු‘ ටෙලි නළුවා හරහා පන්සලේ සුමංගල ලොකු හාමුදුරුවන් බවට පත් පත්වෙයි.

" මුල්ම කාලේ චයිනා බේහි වැඩි වැඩ යාළුවෙක් එක්ක සිංදු කියන්න යනවා හෝටල්වල සංගීතඥ දුලීප් ගයාන් මුදලිගේ එක්ක. ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවාරච්චි ප්‍රවීනයන්ගේ ගීත වලට ප්‍රියකරනවා  ඒ නිසා ඒ අයගේ ගීතගයනවා“

“මගේ බිරිඳ රුවීනා බද්‍රජිත් ජයතිලකගේ සී.ඩී. එකකට ගීයක් ගයන්න ගියා. සීඩී එක අවුට් කරන දවසේ උදයකාන්ත වර්ණසූරිය මාව දැකලා රුවිනට කියලා තියෙනවා චරිතයක් රඟපාන්න දෙන්න එන්න කියලා. එයාට වෙලාවක් නෑ කියලා එයා මාව එතනින් කපලා තියෙනවා.

පස්සෙ දවසක් උදයකාන්ත වර්ණසූරිය ඔය කතාව මා එක්ක කිව්වම මම පැනල කැමති වෙනවා. රඟපාන්න ඔයා ඇහුවේ වයිෆ්ගෙන් මිසක් මගෙන් නෙවෙයිනෙ කියල මං ඒකට කැමති වුණා. ඒ අනුව  ආසයි මම පියාඹන්න චිත්‍රපටයට එකතු වෙනවා. පබා ටෙලි නාට්‍ය වගේම අමා ටෙලි නාට්‍යයත් සිදූ   නාට්‍යයේ සුමංගල හාමුදුරුවන්ට මම දායක වෙනවා.

බස් එකේ ඉස්කෝලේ, සුවඳ දැනුනා ජීවිතේ, එකොඩින් ටු මැතිව්ස් වැනි චිත්‍රපට වලටත් දායක වුණා. ගෙදර පරිසරය කලාවට දායකත්වයක් නොතිබුණත් මගේ ඇතුලාන්තයෙන් ලැබුණු මොකක්දෝ වාසනාවක් තිබුණා. ඒ වාසනාව දෙවියන්ගෙන් ලැබුණු එකක් කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම ඒ වාසනාවට රුවිනාගෙ වාසනාවත් හේතුවක් කියල තදින් විශ්වාස කරනවා.”

 

ඉගෙනීමේ වැදගත්කම

  • අපි ඉගෙනගන්න ඕනේ ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්නම නෙමෙයි. තමන් කැමති දේ ඉගෙන ගන්න ඒ පැත්තෙන් ඉහළටම යන්න.

 

මම අවසන් වරට නියමු වෘත්තියට සමුදෙමින් එද්දි සබරගමුව විශ්වවිද්‍යාල දරුවන් පිරිසක් මුණගැහුණා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී. එහෙම අය මේවාට එවන්න. අද ගොඩක්මේ තැන්වල මේඅය හිඟයි.

යම්කිසි අධ්‍යාපනයක් ලද විශ්ව විද්‍යාල දරුවෝ එනවා නම් ඒ අයට මේ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න පහසුයි අවස්ථා ඕනැතරම් තියනවා. ඉංජිනේරුවෙක්, තාක්ෂණික ශිල්පියෙක් වෛද්‍යවරයෙක්, දත්ත ක්‍රියාකරුවෙක්, හෙද නිලධාරියෙක් ඇතුළු තවත් විවිධ අංශයන්ගෙන් මේ අයට ගුවන් සේවාවන්ට සම්බන්ධ විය හැකියි. අවස්ථා එමටයි.

තමන් දක්ෂ පැත්තෙන් ඉදිරියට යන්න. භාෂාව හොඳින් ඉගෙන ගන්න.මම පොඩි කාලේ හරි දඟයි. එක තැනක ඉන්නැහැ. පාඩම් කරලා හවසට සෙල්ලම් කරන ඉඩ දීලා තිබුනේ. හවසට නටල නටලා ගෙදරට එනකොට හොඳටම හෙම්බත්. එක දවසක් එළකියුෂන් එකකට ඉන්න බෑ කිව්වම අම්මට ගහපු පාරකට අතේ පොක්කලං ඇවිත් තිබුණා. අදටත් ඒ කැළල තියෙනවා. මම අදටත් එය සිප ගන්නෙ අම්මගේ ඒ ආදරේ සිහිපත් කරමින්. ඉගෙන ගන්න එන්න මේ ක්ෂේත්‍රයට මග පෙන්වන්න ලෑස්තියි.”

 

  • විදෙස් සංදර්ශනවලදී දන්නෙම නැතුව මාව විකිණුනා

ඔහු ගැයීමේ දක්ෂයෙක් බව ඔබට කීවෙමි. සිය ගුවන් ගමන් අවසන් කිරීමෙන් පසු ගුවන්තොට වෙතම තමන් කැඳවාගෙන යාමට මෝටර් රථයක් එවීමට සංදර්ශන සංවිධායකයෝ කටයුතු කළහ. එම සමාජයන්හි ලාංකික මෙන්ම විදේශිකයන්ද සංවිධායකයන් ලෙස කටයුතු කරනු ලබති. ඔවුන් විසින් සන්දර්ශනයට පූර්ව ප්‍රචාරණ කටයුතු ලෙස ගුවන් යානා නියමුවෙකුද ගීත ගායනයෙන් එක්වන බවදන්වා සිටින්නට උත්සුක වූහ.

ශිරාන් මහතා කීවේ තමන් සිය විනෝදයට ආශ්වාදයට ගී ගැයුවත් තමන් නොදැනීම තමන් විකිණීමට ලක්ව ඇති බවයි.

 

ආදරය සෙවනැල්ලක් ලෙසින්.

ඔහුගේ ආදරිය වූයේ රුවනා සිල්වාය. ඇය නම සේම රුවැත්තියකි. ඇය ගී ලියන අතර ඔහු ගීකීවේය.

ජීවන ගීය ගයන්නට ඔහු හා එක්වන විට ඔහු ආධුනික ගුවන් යානා කාර්මික ශිල්පියෙකි. ඒවන විට වැටුප 250කි. ඇයගේ මග පෙන්වීම හා සෙවනැල්ලක් ලෙසින්ම ඔහු පසුපස පැමිණීම මේ සියලු ලැබීම් හා වාසනා ගුණයඇයම බව ඔහු සපථ කරන්නේය.

සිය කැදැල්ල ඔවුන් දෙදෙනාට සීමා වුවත්සෙනෙහස සතුටින් අඩුවක් නොමැතිව පවතින බව සඳහන් කළේය. සිය අවසන් ගුවන්ගමන් වාර කීපය තුළ රුවිනා ද ඔහු සමග ගමන් ගත්තාය. ඒ විශේෂිත ස්ථානයකය. එ් ගුවන් යානා නියමු කුටිය තුළය.

පාලක උපකරණ, නැවතීමේ හා ගමන් පාලක, නැවතීමේ තීරය, නැවතුම් පද්ධති ආදිය මෙහි වේ. ගුවන්යානා නියමු තැනට සිය බිරින්ද රැගෙන යාමට ඇති අවසරයේ මත රුවිනාටද මෙකී අවසරය හිමිව තිබේ.

 

ගුවන් මගෙහි බිහිසුණු අවස්ථා

ගුවන් ගමන් ගැන සිහිපත් කිරීමේදී අසනා දකින ශෝචනීය කතාන්දර බැහැර කළ නොහැකිය. එවන් අවදානමකට ලක්නොවීම නියමුවාගේ මෙන්ම මගීන්ගේද වාසනාවකි.

කපිතාන් ශිරාන්ට මෙකී වාසනාව උරුම වන්නේ පෙර පිනකිනි. එනිසාම සිය වෘත්තීය දිවියේ කිසිදු අන්තරාවකට ලක් නොවීමට ඔහු සතු ශිල්පීය ඥානය මෙන්ම තීක්ෂණ බුද්ධිය අවස්ථානුකූලව ක්‍රියා කිරීම හා අත්දැකීම් වලින් ලත් පරිචය ඉවහල් වන්නට ඇත.

" ගුවන් ගමන්වලදී බොහෝ කාලගුණික වෙනස්වීම් බලප බලපානවා. පහුගිය දවස්වල තිබුණු හුළඟින් ලංකාවේ බොහෝවිනාශයක් වුණා මතකද? එදා මා  චීනයේ කැන්ටන්හි නැත්නම් ගොවැන්ෂු වල ඉඳලා ගුවන් ගතවුණා.

කාලගුණය ගැන රේඩාර් වල දැනුම් දීමක් නැහැ ක්ෂණිකව සිද්ධවන දේවලට මුහුණ දෙන්න වෙනවා. විශාල ශබ්ද වගේම ගුවන් යානා වේගය එක්වරම අඩුවුණා. පාලනය අපහසුයි මෙවැනි තත්ත්ව බොහෝ වෙලාවට ඇතිවුණත් ඒවා පාලනය කරගන්න අපි උත්සාහ කරනවා. එදත් කාලගුණයෙන් එවැනි තත්ත්වයකට මුහුණ දුන්නත් මොන අයුරකින් හෝ කිසිම හානියක් නැතුව යානය ගොඩබිමට පහත් කරන්න හැකි වුණා.

තවත් දවසකදි යන්න තිබුණේ කැන්බරාවලට. අපි ඒ වෙලාවේ හිටියේ ඉන්දියන් ගුවනේ. තෙල් පුරවලා මගීන්ගෙන් යානය පිරිලා යානය හොඳටම බරයි. ඒ අතරින් එක් මගියෙකුට හෘද රෝගයට මුහුණ දෙන්න සිද්ධ වුනා. කොයි පැත්තකින්වත් සංඥා පද්ධති ක්‍රි‍රියාත්මක කරත් නවත්තන්න ඒ සංඥා ලැබෙන්නෙ නැහැ නැහැ. එහෙන් අහන්නලු මෙහෙන් අහන්නලු ගැටලු ගොඩයි.

ඒවෙලාවෙ මගේ අනිත් නිලධාරියා යානය ගෙනගියත් එය මවිසින් ගොඩබෑ යුතු ලෙස පාලක මධ්‍යස්ථානය කිව්වා. අන්තිමේ රෝගියා මුම්බායි වලින් බස්සලා කැන්බරාවලට පිටත් වුණා. තැනට උචිත විදිහට ක්‍රියාත්මක කරන්න අපි දැනගන්න ඕනෑ. මේ වෘත්තියේදී සෞඛ්‍ය තත්වය හොඳටම තියෙන්න්න ඕනෑ ම නිරන්තර පරීක්‍ෂණ තියෙනවා. ඒවායින් සමත් විය යුතුයි. මේ වන තෙක් කිසිම බෙහෙත් පෙත්තක් දිගු කාලීන වශයෙන් පාවිච්චි කරන්නේනැහැ"

ඔහුට වෘත්තීයේ සතුරෝ නැත එනිසාම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඔහුට හිතේශීය. ඔහුද සිනාමුසුව හා විනීත ඔබට ඔහුගේ කාර්යයේ මනා ලෙස නිරත විය. එනිසාම ඔහුගෙන් වෙන්වීම ඔවුනට දුකකි.

සැමට ආචාර කරමින් සිනා මුසුව ඔහු නික්මුණි. ඒ ආවොත් යන්න වෙන බව දැනගෙනය. ඔහු වෘත්තියට සමුදිය යුතු කාලය එළැඹියෙන් මෙතෙක් ඔහු හා ලබැඳි වූවන්ට සුහදව සමුදුන්නේය. එහෙත් එදා මෙදා තුරා දහස් ගණන් මගින් නිරපද්‍රිතව එතෙර කළ ගුවන් යානයට දෙදන නමා ආචාර කොට කෘතගුණ දක්වමින් සමුදුන් අයුරු මුළු ලෝකයක් බලාසිටි ඔහු කෙරෙහි වූ අනුපමේය වූ සෙනෙහසකිනි.



අදහස් (1)

පැය 20,000 ක් ගුවනේ සිට යානයට වැඳ වෘත්තියට සමුදුන් කප්පිත්තා

ආච්චි Sunday, 15 June 2025 04:07 AM

සුන්දර මිනිසෙක්. ඔහුට සියලු යහපත සැලසේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 530 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site