නුවරඑළියේ මිහිදුමෙන් පිරුණු උදෑසනක, එක් කලෙක තුෂර වැස්ම යට පච්ච වර්ණ මාණික්‍යයක් සේ කඳුකරය දිදුලන ක නිහඬතාව බිඳීගියේ පයට පැගී පොඩි වන වියළි තේ රිකිලිවලින් පමණකි. එහෙත් ‘සිලෝන් ටී’ යනුවෙන් හැඳින්වුණ මේ ලංකා තේ තොටිල්ල ලන්ඩනයේ සිට බෙයිජින් නුවර දක්වාම එකල කීර්තිය උසුලා සිටියද, දැන් ඒ කීර්තිය හැකිලෙමින් පවතී.
කලක් අති සාරවත් වූ එහි පස වසර ගණනාවක් තිස්සේ හෙලූ රසායන ද්‍රව්‍ය බරින් දැන් විඩාපත් වී ඇත. නිරන්තරයෙන්ම එහි පළිබෝධ උවදුර පැතිර යයි. පොහොර මිල දැන් ළංවිය නොහැකි තරම් අහස උසට නැග තිබේ. වරක් රන්වන් දියරයක් සේ සැලකුණු තේ කොප්පයේ සාරවත් රසය හීන වෙමින් පවතී. ඉස්සර වැසි ලැබුණේ නිසි කලට විධිමත්ව. දැන් ගංවතුරක් වාගේ තොර තෝංචියක් නැතුව වහිනවා. නැත්තං සති ගාණක් වැස්ස නැතිව වේළෙනවා. කොයි වෙලාවට උඩට ඇදෙන්න ද කියලා දැන් තේ දල්ලටත් හරි හැටි දන්නෙ නෑ’’ යනුවෙන් ශ්‍රී ලංකාවේ තේ වතුවල සංචාරයේ යෙදෙන විට වරක් මට මුණ ගැසුණු ගමගේ බණ්ඩාර කීවේය. ඔහු දෙවැනි පරම්පරාවේ තේ වගාකරුවෙකි. ඔහුගේ විලාපය දැන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය පුරා රැව් පිළිරැව් දෙමින් පවතී. කඳුකර තේ වගාව, හුදෙක් වැවිලි බෝගයක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ උරුමයකි, දිවි පැවැත්මකි. ජාතික අනන්‍යතාවකි.
අහස් වියනට යටින් දිවෙන අර්බුදය
ගෝලීය තේ අපනයනකරුවා ලෙස තුන් වැනි ස්ථානයේ වැජඹෙමින් වරක් සිරිලක සාඩම්බරය බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය හා ආර්ථික පීඩාවේ බරෙන් මිරිකී කෙමෙන් කෙමෙන් මිලිනව යමින් පවතී. නුවරඑළියේ කඳුකර බෑව්මුවල සිට රත්නපුරයේ පහත් බිම්වල කාලයක් හරිත වර්ණයෙන් දිලුණු තේ වතුවල දැන් පස සේදී ගොසිනි. ඒවායේ වැස්ස අවිනිශ්චිතය. ඉහළ යන උෂ්ණත්වය දැන් එම වතුවල අස්වැන්නටත්, අස්වැන්නේ ගුණාත්මක බවටත් තර්ජනයක්ව පවතී. 2022 අවුරුද්දේ තේ කර්මාන්තයේ නිෂ්පාදනය අවුරුදු 26කට පසුව ලැබුණු පහත වැටුණු අඩුම නිෂ්පාදනයයි. 2013දී කිලෝග්‍රෑම් මිලියන 340ක්ව පැවැති නිෂ්පාදනය 2022දී කිලෝග්‍රෑම් මිලියන 251ක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවලින් පෙනී යයි.
කෙසේ වුවද ඊට පසු අවුරුද්දේ කර්මාන්තය මධ්‍යස්ථ වශයෙන් යථා තත්වයට පත් වන්නට පටන් ගත්තේ 2023 අවුරුද්ද අග වන විට නිෂ්පාදනය තේ මිලියන 256 ක් දක්වා කිලෝග්‍රෑම් මිලියන 4.54 (+1.8%) කින් ඉහළ නැගිණි. එම ඉහළ යන ප්‍රවණතාව 2024 දෙසැම්බර් දක්වාම අඛණ්ඩව පැවතුණේ එම වසරේ තේ මිලියන කිලෝග්‍රෑම් 262.16ක් නිෂ්පාදනය වෙමිනි. පෙර වසරට වඩා කිලෝග්‍රෑම් මිලියන 6.07ක් හෙවත් සියයට 2.4ක ධනාත්මක වැඩිවීමක් 2024දී සිදුව තිබේ. (ශ්‍රී ලංකා තේ බ්‍රෝකර්වරුන්ගේ වෙළෙඳ පොළ වාර්තා 2024 දෙසැ.) මධ්‍යස්ථ වශයෙන් මෙම යථා තත්වයට පත්වීම සිදු වෙමින් පැවතියද, එය 2010ට පෙර කාලයේ නිෂ්පාදනය හා සැසඳන විට සෑහෙන තරමේ පහත වැටීමකි. දේශගුණික බලපෑම්, පාංශු ඛාදනය, වෙළෙඳපොළ අස්ථාවරභාවය ආදියෙන් සෑහෙන තරම් අභියෝග ඊට එල්ල වී තිබේ. මෙම පහත වැටීම චක්‍රීය ක්‍රියාවලියකට වඩා යමක් වගකීම නිවැරැදිය. එය ව්‍යුහාත්මක වූවකි.
දශක ගණනාවක් තිස්සේ දළ බෑවුම්වල එකම බෝග වගාව කිරීම නිසා ශ්‍රී ලංකාවේ තේ වගාවට යොදාගන්නා බිම් අධික ලෙස සෝදා පාළුවට ලක්ව තිබේ. එය ඇතිවී ඉහළ කඳුකර වගා බිම්වල වසරකට හෙක්ටයාරයකට ටොන් 412 දක්වා ඉහළ ගොස් තිබිණි. එම නිසා වාර්ෂිකව අහිමි වී ගිය තේ අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 133 දක්වා වූ අගයක පැවතිණි. පසෙහි ෙඓන්ද්රීය කාබන් සියයට 2.16කින් පමණ (පී.එච්.අගය 4.5) අඩුවී පසෙහි පෝෂණ ගුණය හීනවී පාංශු ව්‍යුහය දුර්වල කොට තිබිණි.
2021 අප්‍රේල් මාසයේ දිවයින පුරා රසායනික පොහොර තහනම ක්‍රියාත්මක වීම හේතුවෙන් පොහොර භාවිතය සියයට 35කින් පහත වැටී තේ නිෂ්පාදනය සියයට 18කින් පමණ අඩුවී ගියේය. ඒ හේතුවෙන් එච්. අංශයේ සිදු වූ පාඩුව රුපියල් බිලියන 84කි. (ඩොලර් මිලියන 425කි).
දේශගුණ රටාව ද පුරෝකථනය කළ නොහැක්කක් බවට පත්ව තිබිණි. උෂ්ණත්වය ඉහළ යාමත්, මෝසම් වර්ෂා අවිනිශ්චිතවීමත්, අතරමැදි නියං කාල වැඩිවීමත් හේතුවෙන් එම වන විට උෂ්ණත්වය ඉහළ යන සෙන්ට්‍රි ග්‍රේඩ් අංශක එකකට සියයට 4.6 බැගින් අස්වැන්න පහත වැටී තිබේ.
සමස්තයක් ලෙස ගත්විට මෙම පීඩනයෙන් හේතුවෙන් අස්වැන්න සියයට 15කින් අඩුවී තේ කෝප්පයේ ගුණාත්මක බව ද පහත වැටී තේ වගා කරන පවුල් දරුණු ආර්ථික හා මානසික පීඩාවන්ට පත් කර තිබේ. එය හරිත වැස්ම ඔබ්බෙන් සන් කරනු ලබන අර්බුදයක පෙර නිමිත්තකි.
මෙම සම්මිශ්ර වූ අර්බුද මධ්‍යයේ පුනර්ජනනීය කෘෂිකර්මාන්තය ඉස්මතු වීම සිදුව ඇත්තේ සුබදායී පරමාදර්ශයක් ලෙස නොව උපාය මාර්ගික අව්යථාවක් ලෙසයි. පාරිසරික විද්‍යාත්මක මූලධර්මයන්ගෙන් සහ පාරම්පරික දැනුමෙන් මුල් අදිනු ලැබූ පුනර්ජනනීය පිළිවෙත් අවධානය යොමු කරනුයේ පසෙහි සෞඛ්‍ය සම්පන්න බව නැවත ගොඩනැගීම ජෛව විවිධත්වය වැඩි කිරීම, පරිසර පද්ධතියේ සේවා නැවත ස්ථාපිත කර අවසාන වශයෙන් තේ නිෂ්පාදනය නැංවීම වෙතය. නිතරම නියම කිරීම් හා අස්වනු අරමුණ කරගත් කාබනික ගොවිපොළ ක්රමයේ දී මෙන් නොව පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ දී අවධාරණයට ගනු ලබන්නේ දීර්ඝ කාලීනව ඔරොත්තු දීම, කාබන් ග්‍රහණය කර ගැනීම හා ගොවියාගේ ස්වාධීනත්වය බව (Rodala) රෝඩේල් ආයතනය විස්තර කරන ආකාරයට පෙනී යයි.
යුනිලීවර් සිට හඳුනාගත්, සදාචාරාත්මක තේ වෙළෙඳනාම දක්වා ගෝලීය ගැනුම් කරුවෝ කාබන් උදාසීන වර්ග දෙසට මාරු වෙමින් සිටිති. සොයාගත් නැති සැපයුම් දාමයන්ට වැඩි වශයෙන් මාරුවෙමින් පවතින විට ශ්‍රී ලංකාවට එහි තේ සන්නාම යළි නගා සිටුවන්නට අවස්ථා කවුළුවක් විවර වනුයේ වඩාත් ධනාත්මක ආකාරයෙනි. ලෝකයේ විශාලතම පුනර්ජනනීය කෘෂිකාර්මික ප්‍රමිති සහතිකය වූ රිජෙනැග්රි (Regenagri) එම පරිවර්තනීය පිරිනැමීමේදී ප්රමුඛ ලෙස අවස්ථා සලසා දෙයි.
රීජෙනැග්රි - පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ ගෝලීය ප්‍රමිතිය
රිජෙනැග්රි යනු ලෝකයේ විශාලතම පුනර්ජනනීය කෘෂිකාර්මික වැඩපිළිවෙළය. එහි මූලස්ථානය එක්සත් රාජධානියේ, ලන්ඩනයේ පිහිටා තිබෙන අතර හෙක්ටෙයාර් මිලියන 2.2කට වඩා එහි සහතිකකරණය යටතේ පවතී. ඒ හා සමාන ඕනම වැඩසටහනකට අදාළ ඉඩම් ප්‍රමාණයට වඩා ඒ යටතේ පවතින ඉඩම් ප්‍රමාණය වැඩිවේ. ලෝකයේ විශාලතම තිසරසාර සංවිධානය වූ සොලිඩෑරිවැඩ් (Solidaridat) වෙතින් රක්ෂාකොට බිහිකරනු ලැබූ රිජෙනැග්රි හි මෙහෙයුම් සිදුවනුයේ (CIC) කොමියුනිට් ඉන්ටරෙස්ට් ක්ෂේත්රයේ අනුග්රහයෙනි. එය ගොවියන්ගේ හිමිකාරිත්වය සහිත හවුල් ව්‍යාපාරයකි. රාජ්‍ය නොවන සංවිධාන ද වගවීම් බෙදා හදා ගනිමින් එහි පාලනයේ සමගාමී දායකත්වයක් දරයි.
තේ වතු යායවල රිජෙනැග්රි ආයතනය විසින් බෝග ආවරණ කාබනික පාංශු සංශෝධන, සෙවණ ගස් සිටුවීම සහ ජෛව විවිධත්ව අවකාශ සැලසීම ආදී පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට අදාළ කටයුතු ද ප්‍රවර්ධනය කරනු ලබයි. එහි සහතික කිරීමේ ක්‍රියාදාමය ඔස්සේ තේ නිෂ්පාදකයට ‘‘රසායනවලින් තොර’’ බවෙන් ඔබ්බට යමින් පාරිසරික තත්ව දීර්ඝ කාලීනව යළි ස්ථාපිත කිරීම සහ තුන්වැනි පාර්ශ්වයක විගණනයක් ඔස්සේ (ස්වාධීන වෙනත් පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන්) කාබන් ග්‍රහණය කිරීම විමසා බැලේ. ගොවියන්ට පාංශුවල ගුණාත්මක බව පිළිබඳ දත්ත, පැළ භාවිතය, ජෛව විවිධත්වය, හරිතාගාර වායුව පිළිබඳ දත්ත පරීක්ෂා කර බැලීමට එය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් සපයා දෙන අතර අඛණ්ඩව පාංශු වර්ධනයේ තත්වය විනිවිද පෙනෙන ආකාරයෙන් ගොවීන්ගේ පරීක්ෂාවට ලක්කිරීමේ අවස්ථාව සලසා දෙයි.
තේ ඇසුරුම්කරුවන්ට සහ වෙළෙඳ සන්නාමවලට රිජෙන්ග්රි සහතික කිරීමෙන් ක්ෂේත්රයේ සිට කොප්පය දක්වාම සුපරික්ෂාව තහවුරු කර ඉහළ මිල සහිත වෙළෙඳපොළ වෙත දේශගුණය සැලකිල්ලට ගෙන නිෂ්පාදිතය සැලසීමේ අවස්ථා යන ප්‍රවේශ ද ලබාදේ. යුරෝපා සංගමයේ Geeen Deal වැනි පාරිසරික සමතුලනය පවත්වා ගැනීමේ නීති සමග අනුගත වීම පිණිස ගෝලීය බලපෑම ඉහළ යත්ම තම කර්මාන්තයේ අනාගතය ස්ථාවර කිරීම අපේක්ෂාවෙන් පසුවන දකුණු ආසියාතික තේ නිෂ්පාදකයන්ගේ ආර්ථික සවිබලතාව සහ පාරිසරික සමතුලනය යන කාරණා දෙකම උදෙසා සඵල අවස්ථාව රිජෙනැග්රි වෙතින් පිරිනැමේ. තේ වතුවල පුනර්ජනනීය කෘෂි කර්මාන්තයෙන් ග්‍රහලොවට යහපතක් සිදුවනවා පමණක් නොව, එය හොඳ ව්‍යාපාරයක් ද වේ. රිජෙනැග්රි සැලසුම් යටතේ කොම්පෝස්ට්කරණය, බිම් සැකලසුම් අවම කිරීම, කෘෂි වනාන්තරකරණය, ආවරණ බෝග ආදී පසට හිතකර පිළිවෙත්වලින් කාබන් ග්‍රහණය සිදු කෙරේ. විශේෂයෙන්ම අනතුරුදායක කාබන් මොනොක්සයිඩ් වායු ගෝලයෙන් ඉවත ඇද පසෙහි ආරක්ෂාව සහතික කෙරේ. මෙය වඩාත් බලසම්පන්න වනුයේ, GHG පරිපාටිය සහ ISO 14064-2 වැනි ගෝලීය ප්‍රමිතිය සමග සමපාත වන කාබන් සහතික පරීක්ෂණ සහතිකකරණය රිජෙනැග්රි වෙතින් සම්පාදනය වන බැවිනි.
වරක් එම පරීක්ෂාවට ලක්වූ විට වතුවලට කාබන් පැසසුම (ප්‍රසාද) උත්පාදනය කරගත හැකිවේ. මනා පාරිසරික වෙළෙඳපොළවල සෝදිසියට ලක්වේ. එසේ නැතහොත් කාබන් විමෝචනය සමනය කර ගැනීමට උත්සාහ දරන කොම්පැනිවලට ඒවා විකිණේ. මේ මගින් තේ වගාකරුවන්ට, මුළුමනින් අලුත් වූ ආදායම් මාර්ග ප්‍රමාණයක් නිර්මාණය වේ. විශේෂයෙන් යෙදවුම් පිරිවැය ඉහළ යමින් පවතින වෙළෙඳපොළ මිල ගණන් අස්ථාවරව පවතින කාලයක එය ඉතා වැදගත්ය.
පුනර්ජනනීය කෘෂිකර්මාන්ත පිළිබඳ මිථ්‍යා මත සහ සත්‍ය:
මේ සම්බන්ධව විසේචනය කරන්නෝ, පුනර්ජනනීය කෘෂිකර්මාන්තය තවත් කාබනික වගා ක්‍රමයක් පමණකැයි වරදවා වටහා ගනිති. කාබනික වගාවේ දී රසායන භාවිතය තහනම් වන අතර, පුනර්ජනන කෘෂිකර්මාන්තයේ දී සැලසුම්ගතව රසායනික භාවිත අඩු කිරීම යෝජනා කෙරේ. ඇත්ත වශයෙන්ම පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේදී පාංශුල ගුණාත්මක බව යළි ස්ථාපිත කිරීම, ජෛව විවිධත්වය ඉහළ නැංවීම, ක්‍රියාකාරී ලෙස කාබන් ග්‍රහණය, ක්රමික පදනමක් සැකසීම, ස්ථාපිත යෙදවුම් මොඩලයන්ට වඩා නිෂ්පාදනය මූලික කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීම ආදිය ඔස්සේ වඩාත් ඈතට ගිය පුනර්ජනන පිළිවෙත් කරා එහි දී යොමු වේ.
මෙය ඉතා වියදම් සහගත බවට සහ පරිමාණය අනු අතින් ඉතා මන්දගාමී බවට අයෙක් තර්ක කරති. එසේ වුවද සාක්ෂි මගින් පෙන්වා දෙන්නේ, කාලයත් සමග පුනර්ජනනීය ගොවිෙපාළවල යෙදවුම් පිරිවැය අවම කර ඉහළ මිල සහිත වෙළෙඳපොළ වෙත ප්‍රවේශ සහ දේශගුණ කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාවත්, දීර්ඝ කාලීන ප්‍රතිලාභත් ඉන් ලැබෙන බවයි. මුලදී අස්වනු පහත වැටෙන බවට ඇතැම් මැසිවිලි නැගී තිබුණත් ලෝ පුරා පැවැත් වූ නියමු පරීක්ෂණවලින් එවැන්නක් සිදු නොවන බව පරීක්ෂණවලින් එවැන්නක් සිදු නොවන බව දිස් වූයේය. 2020-22 කාලයේ කපු වගා කළ ගොවියන්ගේ වගා බිම් 13000ක් ආශ්රයෙන් රාජ්‍ය නොවන සංවිධානවල සෙලිඩෑරිඩඩ් ආයතනවලින් පවත්වනු ලැබූ ක්ෂේත්‍ර පරීක්ෂණවලින් අස්වනු සියයට 20 සිට සියයට 30කින් අඩුවී වෙළෙඳපොළ මිල සියයට 3කින් වැඩි වූ බව පැහැදිලි වූයේය. මෙම ව්‍යාපෘතියෙන් ආර්ථික හා පාරිසරික සත්‍යතාව ද පෙනී ගියේය. ගොවියෝ විශේෂයෙන්ම ඉන්දියාවේ කුඩා පරිමාණ කපු වගාවේ දී අක්කරයකට කාබන් ප්‍රසාද 2ක බැගින් භූ චිත්‍ර කාබන් ව්‍යාපෘති සංවිධානයත් සමග හවුල් වී ලබාගන්නට සමත් වූහ.
අවසන වශයෙන් විවේචකයන් කියා සිටින්නේ, එය පෞරාණික තේ වතුවලට වඩාත් රැඩිකල් (අති ධාවනකාරී) බවය. යථාර්ථවාදී රිජෙනැග්රි අවධියෙන් අවධියට ඊට හුරුවීමට සහයෝගය දෙයි. ඒ මගින් වතුවලට අභිජනන මාදිලියන් ක්‍රියාත්මක කොට දැනට පවතින මෙහෙයුම්වලට බාධා පවතින ලෙස පුනර්ජනන මූලධර්ම එක්කර ගැනීමට හැකියාව ලැබේ.
ගෝලීය ප්රගමනය සහ දේශීය අවස්ථා
ලෝ පුරා පුනර්ජනනීය කෘෂිකර්මය හුදෙක් ඉදිරියට යන ව්‍යාපාරයක් පමණක් නොව, එය වෙළෙඳපොළ අපේක්ෂාවක් බවට ද පත් වෙමින් තිබේ. ඒ අතර පුනර්ජනනීය වූ තේ නිෂ්පාදනවලින් අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍යයන්ටත්, ගෝලීය ඉල්ලුම ඉහළ යමින් පවතී. යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ ජපානයේ පාරිසරික සමතුලනයට අදාළ නියාමන රීති දැඩි කරමින් පවතී. යුරෝපීය, Green Deal සහ EU Corperate Sastainatonliy Due Diligence Directivr නීතිවලින්, අපනයනකරුවන් වනාන්තර හෙළි කිරීමකින් තොරව, අවම කාබන් සැපයුම් දාමයකින් ඒවා සැකසිය යුතු බවට දන්වා තිබේ. විමතිය ද, සමාජ හා පරිසර හිතකාමී බවට අනුගත යතු LKSG වැනි වගවීම් නීති එක්කර තිබේ.
විශේෂයෙන්ම රිජෙනැග්රි දැනට පවතින Fairtrade වැනි ආචාරධර්මවලට එකඟ ලේබල්වලට අනුග්‍රහය දක්වමින් වර්ෂා වනාන්තර සමග තරග කිරීම වෙනුවට ඊට අනුගතවීම දිරිමත් කරයි. කෙසේ වුවද වඩාත් ගැඹුරු පාරිසරික වලංගුභාවය සහ කාබන් සෝදිසි අන්තරගත ඊට ඇතුළත්ය. මේ වන විටත් එය ඉලිකැෆේ, කැන්ඩියානි ඩෙනිම්, ජියෝර්නියෝ අර්මානි සහ ජේ.ක්රූම් වැනි ගෝලීය කීර්තිමත් වෙෙළඳ නාමයෙන් ආකර්ෂණය කරගෙන තිබේ. එයින් පුනර්ජනනීය සැපයුම්දාම පරිසර සමතුළනය අතින් රන් ප්‍රමිතියට ලංවී ඇති බවට සංඥා කරනු ලබයි.
ඒ අනුසාරයෙන් ගත් විට ඉන්දියාව මෑතක දී සොලිඩෑරිඩැඩ් ඒෂියා සහ ඉන්දියානු තේ සංගමය (Indian Tea Association) සමග හවුල්කාරි බව ගොඩ නගා ගැනීම සියල්ල අලුත් තත්වයට වෙනස් වීමකි. එයින් ඉන්දියානු තේ වගාවේ හෙක්ටෙයාර් 100,000ක් රිජෙනැග්රි සහතිකය අවුරුදු තුනක් තුළ දී ලබා ගැනීමට ඉලක්ක කර ඇත. එය ඉන්දියානු තේ කර්මාන්තය නියෝජනය, දේශගුණයට ඔරොත්තු දීම ඉවහල් කරගෙන ගෝලිය ප්‍රමුඛයා බවටත් පත් කිරීමේ උත්සාහයකි.
ශ්‍රී ලංකාව මෙම අවස්ථාව පැහැර හැරිය යුතු නොවේ.
පුනර්ජනනීය තේ වගාවා පුරෝගාමියකු වූ ශ්‍රී ලංකාව අබිබවා ගෝලීය පරිසර සමතුලනය අතින් අන් අය ඉදිරියට යාම මහත් උත්ප්රාසයට කාරණයක් මෙන්ම ඛේදනීය ලෙස අවස්ථා මග හැරීමකි. කෙසේ වුවද ලෝකයේ පළමු රිජෙනැග්රි සහතිකය ලත් තේ වතුයාය ලෙස හල්ගොල්ල වතුයාය ඉතිහාස ගත වූයේය. පස සංරක්ෂණ පිළිවෙත් වන ජීවි සංරක්ෂණය හා තාමත් සටහන් ගෝලීය ප්‍රමිතියට අවම කිරීම යන ක්‍රියාකාරකම් පළමුවෙන්ම ක්‍රියාත්මක කළේ එම වතු යායේය.
එසේම ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව රිජෙනැග්රි යටතේ පළමුවෙන්ම කුඩා තේවතු වගාකරුවන් ලෙස ක්‍රියාත්මක වූයේය. එම ආයතනය, එකී ආයෝජන තුළින් දීර්ඝ කාලීන ප්රතිලාභ ලැබුයේ පාරිසරික ප්රතිලාභවලින් පමණක් නොව යෙදවුම් පිරිවැය අවම කිරීම ඉහළ මිල සහිත වෙළෙඳපොළ වෙත ප්‍රවේශය හා දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව නැංවීම ද අතිනි.
අවස්ථා පැහැර හැරීමෙන් වෙළෙඳපොළ කොටස අහිමිවීම පමණක් නොව විශේෂයෙන්ම නව නීති සහිත යුරෝපා වෙළඳපොළට පිවිස ඉහළ මිල සහිත වෙළෙඳපොළට සුවිශේෂ ලැබීමේ අවස්ථාව ද ගිලිහි යයි. පුනජනනීය තේ යනු අතීත සුන්දරත්වය කරා යමින් ප්‍රගතිය ප්‍රතික්ශේෂ කිරීමක් නොවේ. එය ස්වභාව ධර්මය සමග ඉදිරියට යාමකි. ස්වභාව ධර්මයට එරෙහිව නොයාමකි.
හල්ගොල්ල වතුයාය සහ ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව පුරෝගාමිත්ව දරමින් ශ්‍රී ලංකාව යායුතු මාර්ගය පෙන්වා දී තිබේ.
මෙම පරිවර්තනය සිදු කිරීමට සහයෝගය අවශ්‍ය වේ. ප්‍රතිපත්ති සම්පාදනයන් මේ සඳහා සහනාධාර පිරිනැමීම, අඛණ්ඩව සේවා සැපයීම හා වෙෙළඳපොළ සම්බන්ධතා ආදිය උදෙසා නිසි පියවර ගත යුතුය. පළමුව පාංශු සංරක්ෂණ උදෙසා මෙම කර්මාන්තය තුළ ආයෝජන සිදු කළ යුතුය. මන්දයත් සෑම තේ කෝප්පයක් තුළම රස පමණක් නොව අනාගතය ද ගැබ් වී ඇති බැවිනි.
(***)
2025-ජුනි 24 Daliy Ft හි පළවූ Rooted in resilience;
why Regenerative Agriculture is the future of Sir Lankan tea
ලිපියේ පරිවර්තනය
- සමන් පුෂ්ප ලියනගේ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තේ කර්මාන්තයේ අනාගතය