IMG-LOGO

2023 ජුනි මස 03 වන සෙනසුරාදා


බිරියන්ට ලයින් දැමූ මනමාල කුරුල්ලෝ පොලිස් කූඩුවේ

සැමියා නිවසේ නොමැති බිරිය පමණක් රාත‍්‍රී කාලයේ සිටින නිවාස බලා රාත‍්‍රි කාලයේ ඊට ඇතුළුවූ තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු 16 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයා 22 හැවිරිදි අයෙකි.
සැකකරුවන් දෙදෙනාම රාත‍්‍රි කාලයේදී ජනේලවලින් නිවෙස් තුළම රිංගා ඇත.
සැකකරුවන් දෙදෙනා මේවනවිට පොලිස් ඇපමත මුදාහැර ඇති අතර මෙම මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිසිය නියෝග කර ඇත.
මොනරාගල සහකාර පොලිස් අධිකාරී කපිල අනුර පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාධිපති ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.



අදහස් (0)

බිරියන්ට ලයින් දැමූ මනමාල කුරුල්ලෝ පොලිස් කූඩුවේ

නිලානි Wednesday, 10 September 2014 08:39 AM

නියම දඩුවම (නි)

:       0       0

සරත් Wednesday, 10 September 2014 08:46 AM

අනේ මන්දා මල්ලිලා මොනවා කරනවද කියලා මෙච්චර දියුණු ලෝකේ. ඔන්න අපේ කාලේ නම්.... (නි)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 10 September 2014 08:47 AM

ඔන්න මේවගේ වැඩක් කරන්න ගිහින් තබුත්තේගම ගොයියෙකුට එලොව යන්න වෙලා . (ස)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 08:16 PM

ස්වාමි පුරුෂයන් ගෙදර නැත්නම් කවුද මේ මිනිසුන්ව පොලිසියට අල්ලලා දුන්නේ? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 08:19 PM

ගැහැණු කවුරුද වරදේ නොබැදෙන? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 08:21 PM

ලකී මහත්තයාත් එහෙම යනවද? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 08:38 PM

රූපාත් හරි ආශාවෙන් ගිහිල්ලා බලාගෙන ඉන්න ඇති (නි)

:       0       0

රූපා Tuesday, 09 September 2014 07:10 PM

අපේ ගමේ එක් පවුලක සැමියා රෙදි ගෙන ඒමට නිතර නිතර ඉන්දියාවට යනවා. දිනක් සැකයක් ඇතිවී ඔහු තම ඉන්දියා ගමන මඟහැර නිවසට ආවා. ඒ එන විට වෙනත් මිිනිසකු නිවසේ සිටියා. නිරුවතින් සිටි මේ මිනිසා නිවස ඉදිරිපිට සියඹලා ගසක ගැට ගැසූ ඔහු පසුව දා මුළු ගමටම මේ දෙය පෙන්වා සිටියා. මෙය ගම්මුන් තළු මර මරා මුළු ගම පුරාම කියා සිටියා. (ස)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 08:40 PM

ඒ කියන්නේ අනෝමාට මේ පිළිබඳව පළපුරුද්දක් තියෙනවා වගේ (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 10 September 2014 09:26 AM

තනියම මෙම කතුන් රාත්‍රී කාලයේ සිටින නිසා මොවුන් දෙදෙනා ස්වේච්චාවෙන් ඔවුන්ට ආරක්ෂාව සපයන්න යන්න ඇති . හොඳ සමාජ සේවකයෝ දෙදෙනෙක් .ආශ්චර්යක් තවත් ලංකාවේ. (ස)

:       0       0

ඩයස් Thursday, 11 September 2014 01:11 AM

ගැහැණු කවුරුද වරදේ නොබැ‍ඳෙන.... (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 10 September 2014 12:08 AM

මේවට තමා කියන්නේ "අනුන්ගේ පහනෙන් එළිය බලන්න යනවා "කියලා. (නි)

:       0       0

සුසී Thursday, 11 September 2014 02:12 AM

ඩයස් මහතා ඇයි ඉතිරි පදය නොලිව්වේ ? .." පිරිමි කවුරුද ගෙට නොරිංගන ?" (නදී)

:       0       0

සරත් Wednesday, 10 September 2014 10:42 AM

ලකී, මගේ යාලුවෝ මං එනතුරු උන්දැ බලාගයි නිරතුරු (නි)

:       0       0

සරත් Wednesday, 10 September 2014 10:43 AM

අපිත් මේ තනියෙන්නේ ඉන්නේ. මොනම කාන්තාවක්වත් එන්නේ නැහැනේ අපිව බලාගන්න. (නි)

:       0       0

සනා Wednesday, 10 September 2014 03:07 AM

රූපත් බලන්න ගියාද? (දී)

:       0       0

ජෙහාන් Wednesday, 10 September 2014 10:56 AM

සරත් , ඒකට අපේ බන්දුල හෙවත් ලංකා තිලක් උන්නැහේ... නිතරම කාන්තා පක්ෂයේ අවධානය දිනාගන්නවා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 September 2014 12:08 PM

පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු. අනෝමා, මොනවද දන්නෙ නැහැ මේ දිගහරින්නේ. (නි)

:       0       0

අනෝමා Tuesday, 09 September 2014 12:22 PM

හේමන්ත, මම කිව්වේ අද රටේ ගෙවල් වලට හොරු මංකොල්ලකාරයන් පනින්න ඇතැම්විට කාන්තාවන් නොදැනුවත්ව හෝ දැනුවත්ව පහසුකම් සපයන හැටි. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 09 September 2014 12:28 PM

අබ කෑ කෙනාගේ නහය දනවාලු! හේමන්ත මේ ගැන යමක් දන්නා හැඩයි. (නි)

:       0       0

චාමික Thursday, 11 September 2014 12:17 PM

නියම කොල්ලෝ දෙන්නෙක්නේ! (නි)

:       0       0

සිසිර Saturday, 13 September 2014 04:46 AM

අනේ මන්දා මෙහෙමත් අසහනයක්. (ස)

:       0       0

කුමාර Friday, 12 September 2014 05:42 AM

කලකට ඉහත අප ගමේ හිටියා වයසක පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ සෑහෙන තරුණයි. දිනක් උදේ මේ ගෙය පැත්තෙන් කලබලයට හූ හඩක් ඇසී ගමේ කවුරුත් මේ කුඩා ගෙදරට එකතු වුණා. සිදුවී ඇති දෙය අහලා අදටත් ඒ ගැන කතා කරනවා. දෙමහල්ලෝ රබර් කිරි කපන්න ගිහින් ගැහැණිය හිස රුදාව කියා කලින් ගෙදර ඇවිල්ලා. පිරිමියා ගැහැණියට අනුකම්පාවෙන් වැඩ කලින් නවත්වා ගෙදර ගොස් බලනවිට ඇය උදේ පාරේ වැඩට යන කන්තෝරු මහත්මයෙක් සමග ගේ අතුළෙලු. එය පෙන්වන්නට අර අසරණයා හූ කියලා තියෙන්නේ. (නි)

:       0       0

අනෝමා Tuesday, 09 September 2014 05:59 AM

එතකොට රෑට ගෙදර තනියම නිදා ගන්න පෙර ජනෙල් වහන්න මේ බවලතුන් හැමෝටම අමතක වෙලාද ? එහෙම ඇතිනම් ජනෙල් අගුල් කඩලා ඇතුළු වෙලාද ? එකත් එකට සමහරු දවල් කාලයේ මහ මග යන්න ඇති ජංගම දුරකථනය කනේ තියාගෙන හැමෝටම ඇහෙන්න යාලුවෙකුට කතා කර කර යන්න ඇති මහත්තයා රෑට වැඩ කියලා. තරුණ හොරු ඒ විවෘර්ත ආරාධනාව පිලි ගන්න ඇති. (නදී)

:       0       0

ධනුක Tuesday, 09 September 2014 06:00 AM

ගෙවල් කිහිපයකටම එහෙම එන්නේ කොහොමද .? එක්කෝ ඒ ගෙවල් වල ජනේල තවම සවි කරලා නැති ඒවා වෙන්න ඇති. ගේ ඇතුලේ කෙනා ජනේලය විවෘත කරලා දුන්නෙත් නැති නම් කොහොමද මෙහෙම ගෙවල් කිහිපයකටම රිංගන්නේ ? (නදී)

:       0       0

ජෙහාන් Tuesday, 09 September 2014 06:03 AM

ඡන්දෙත් කිට්ටු නිසා ගෙවල් වල තනි පංගලමේ ඉන්න බවලතුන්ගේ මනාපය පරික්ෂා කරන්න යන්න ඇති. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 06:25 AM

කුරුල්ලෝ නම් රෑ බෝවෙනවිට කැදලි කරා යනවා. කව්ද මේ රාත්‍රී කාලයේ පියාඹන දෙන්නා. සියඹලා ආණ්ඩුව පැත්තේ බකමුණු පක්ෂීන් වෙන්න ඇති (නදී)

:       0       0

සුගුනවති Tuesday, 09 September 2014 01:55 PM

මොකටද මේ දෙන්නට යහතින් යන්න දුන්නේ? (නි)

:       0       0

සුමිත් Tuesday, 09 September 2014 08:06 AM

මනමාල කුරුල්ලන්ට කලයුත්තේ දෙදෙනාටම ඒක් අයෙක් සරණපාවා දීමයි (නදී)

:       0       0

රුවන් Tuesday, 09 September 2014 08:54 AM

තවම හොඳ නිවසකට ඇතුල්වෙලා නැහැවගේ. එහෙම වුනානම් පොලිස් ආරක්ෂාව යටතේ තවම ඉස්පිරිතාලේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තාත්තාගේ කෑගැහිල්ලට පුතා අම්බානක ගුටි කාලා
2023 ජුනි මස 02 634 0

වඳින්න ගිය දේවාලය ඉහට කඩා වැටුණායි පැරණි කියමනක් තිබේ. මෙය සිහියට ආවේ සිය ආදරණීය පියාණන්ට යහපතක් කරන්නට ගිය පුතකුට තරුණ පිරිසක් ගුටිබැටදී හිරිහැර කිර


නොමිලේ කන්න ගිහින් අනුන්ගේ ‘දඩ කොළයක්’ අතට ඇවිත්
2023 ජුනි මස 01 760 0

ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක බිල්පත කඩිනමින් ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුගේ යහළුවන් ​ කිහිපදෙනකු සමග අවන්හලකට ගොස් මත්පැන් සාදයක පහස ලබාගත් තාක්ෂණ නිල


කෑම නානවාට ප්‍රින්සිපල්​ගෙන් අමුතුම පාඩමක්
2023 මැයි මස 31 1173 3

පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළ



හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා
2023 මැයි මස 26 1412 1

කාලයක සිට ඇති දැඩි කරන ලද ගොන් වස්සා මසට අලෙවි කර හිස් කබල සහිත අං දෙක නිවසේ එල්ලා තබා ගැනීමට ආපසු ඉල්ලා ඇතැයි කියන ගොවියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශ


මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්
2023 මැයි මස 25 1189 0

බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 180 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1132 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 644 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site