හසලක සුනිල් ඒකනායක
සුරංගනා කතාවක තිබූ සිද්ධියක් අත්හදා බලන්නට ගිය ගැමි තරුණියකට රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමටත් ඒ නිසාවෙන් ඇයට “සුරංගනා විය” නමින් නමක් ද පට බැඳි ඇති පුවතක් දුම්බර කඳුකර ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
විසිහත් හැවිරිදි අවිවාහක මේ තරුණිය ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන කෙනෙකි. ආයතනයෙන් නිවාඩු ලැබෙන සෑම දිනකම මැය පුරුදුව සිටිනුයේ සිය ගෙවත්තේ පහළ තිබෙන ළිඳෙන් දිය නෑමටය. මෙම ළිඳ අවට ගම්වැසියෝද මෙම ළිඳ භාවිතයට ගනු ලබති.
මෑත දින කීපයකට ඉහත සිට ඇය දිය නාන සෑම දිනකම පාහේ ළිඳ අසල ගල් පොත්තක සිටින ගෙම්බකු නිතර ඇය දෙස බලමින් සිටින අයුරුද දැක ගන්නට ලැබී තිබේ. මෙදිනද දහවල් කාලයේ දිය නෑමට ළිඳට ගිය විටදී පෙර පරිදිම ගෙම්බා ගලමත සිටිනු ඇයට දැක ගැනීමට හැකිවිය. මෙහිදී ඇයට සිහිපත් වුණේ සුරංගනා කතාවක අසා තිබූ කුමාරිකාවක ගෙම්බකු සිපගත් පසු ඒ ගෙම්බා කුමාරයකු වී ඇයව සරණපාවා ගත් බවකි.
මේ සුරංගනා කතාව අනුව මේ ඉන්නේ තමන්ගේ ද ඉරණම්කරයා විය හැකියැයි උපකල්පනය කළ ඇය දිය නෑම පසෙකින් තබා සෙමින් සෙමින් ගලමත සිටි ගෙම්බා කරා ගොස් හිමින් සීරුවේ එම ගෙම්බා දෑතින් අල්ලාගෙන ඒ වෙනවිටත් දඟලමින් සිටි ගෙම්බාව සිය මුහුණට ළංකර සිප ගත්තාය.
ඒ අවස්ථාවේ ගෙම්බාගේ දැඟලීම නිසා අත්පාවල නිය පහරවල් ඇයගේ මුහුණ පුරා වැදී මුළු මුහුණම සීරී ගොස් තිබේ. ඇති වූ වේදනාවත් සමග එතෙක් මුහුණට කිට්ටුකරගෙන සිටි ගෙම්බා පසෙකට විසිකර දමා වහා ඇඟ පිරිසිදු කර ගෙන දැවිල්ල සහිතව වහා නිවස බලා දිව ගියාය.
නිවසට දිව එන දියණිය දැක ඇයි මෙහෙම දිව එන්නේ යැයි මව විමසද්දී ඇය පවසා ඇත්තේ ළිඳේ සිටි තඩි ගෙම්බෙක් තමන් වෙත පැන මුහුණ පහුරු ගෑ බවයි. ඒ වෙන විටත් ඇයගේ මුහුණ සහමුලින්ම ලෙයින් නැහැවී තිබිණි.
එම ලේ සෝදා පිසදැමූ මව සිය පුතුගේ ත‍්‍රීවිල් රථයේ නැගී දියණියත් සමග වහා පිටව ගියේ රෝහල වෙතය. රෝහලෙන් ප‍්‍රතිකාර ගෙන නිවසට පැමිණි ඇයට සිය සේවයට නැවත යෑමට දින කීපයක් ගත වූ අතර සේවා ස්ථානයට ගිය පසු ඇයගේ මුහුණේ තිබු සීරීම් පිළිබඳව මිතුරියන් විමසිමේදී තමන් මුහුණ පෑ සුරංගනා කතාව පවසා ඇත. ඉන් පසු ඇය එම ආයතනයේ යෙහෙළියන් අමතන්නේ “සුරංගනාවිය” යනුවෙන් බව නම් දැනගන්නට ලැබී ඇති බව කනින් කොනින් ගමටද ආරංචි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd