හොරෙන් පොල් කඩා අහුවුණාම කුලියත් ඉල්ලලා හොරෙන් පොල් කඩා අයිතිකරුට අසුවීමෙන් පසු සමාව ඉල්ලා සමාව ලැබුණු පසු ගස් දෙකක පොල් කැඩීම සඳහා කුලිය දෙන්නැයි ඉල්ලූ සොරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය. 12 March 2018
කන කැසූ රියැදුරාට දඩ කොළයක් දෙන්න හදලා මාතලේ සිට කොළඹ බලා ගමන් කළ බස් රථයකි. එහි රියැදුරා මැදිවියේය. ඉතා සංයමයෙන් රිය පැද වූ ඔහු මගීන්ගේ සිත් ගත්තේය. නිට්ටඹුව නගරය පසුකර යද්දී එහි ගොඩ වූ මගියකු මේ රියැදුරාගේ කල්ක්‍රියාව දෙස බලා සිටියේ සතුටු සිතිනි. වෙනත් කිසිදු රියකට අවහිර නොකර සාමාන්‍ය වේගයෙන් ඔහුගේ රිය පැදවීම මේ මගියාගේ විශේෂ අවධානයට ලක්වූයේය. 10 March 2018
අනියම් බිරියගේ ගෙදරටම ඇවිත් ඇතිවෙන්න ගුටි කාලා තරුණ කාන්තාවකගේ නිරුවත් පින්තූර ලබාගෙන එය සමාජජාල වෙබ් අඩවියට මුදා හරින බවට තර්ජනය කළ පුද්ගලයකු කාන්තාවගේ නිවෙසට ගෙන්වා ගෙන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණ අඹු-සැමි යුවළක් පෙරේදා (7) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. අතින් පයින් පහරදීමෙන් තුවාල ලබා ඇති පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබේ. 09 March 2018
අනංගයා උඩින්ම ගිහින් ගෑනු නාන තැනකට නිරුවතින්ම වැටිලා කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු අවිවාහක තරුණයෙකි. 08 March 2018
රටගිය බිරියගේ යෝජනාවෙන් සැමියා පොලිසි ගිහින් විදේශ ගත වී සිට පැමිණි බිරිය තම සැමියාට සරම වෙනුවට කලිසම අඳින්නට යැයි බල කිරීම නිසා ඊට උරණ වූ සැමියකු පුස්සැල්ලාව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේය. ඔහු මැදරට ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙකි. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. 07 March 2018
ඉස්සොත් එක්ක රන්මාලයත් අතුරුදන් ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි දුෂ්කර ගමක පදිංචි එකම පවුලේ සහෝදරියන් තිදෙනාත් වැඩිමහල් සහෝදරියගේ සැමියාත් ගාල්ල නගරයට පැමිණියේ අකුරැස්සේ උත්සවයකට යාම සඳහාය. ඔවුන් ගාල්ල බස් නැවතුම්පළෙන් බසින විට වේලාව උදෑසන නමයට පමණ ඇත. ඔවුන් සිව් දෙනාම මැදි වයස ඉක්මවූවෝ වෙති. බාල සහෝදරියට අතේ බැඳගෙන යාමට ඔරලෝසුවක් අවශ්‍ය වූවාය. 06 March 2018
චිත්‍රපටයේ නම දැකලා අධ්‍යක්ෂක හොල්මන්වෙලා කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට කටයුතු ආරම්භ කළේය. මේ සඳහා ජනප්‍රිය පාසලක ගුරුවරයකු තම නිර්මාණ හැකියාව උරගා බැලීම සඳහා යුහුසුළුව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. 05 March 2018
පෙමට වළ කැපුවැයි යකා නැගලා: බසයකදී තරුණියකගෙ කොණ්ඩය කපලා තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති තරුණියක් දුටු 19 හැවිරිදි තරුණයකු බස් රථයකදී කතුරකින් ඇයගේ කොණ්ඩයෙන් අඟල් 19 ක කොටසක් කපා දමා ඇති අතර පයාගල පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2018
කට්ටඬියාගේ උප්පරවැට්ටිය අතේ මාට්ටු වෙලා කොළඹ නගරයට නුදුරු පෙදෙසක නිවැසියෝ තම නිවසට කිසිවකු හදිහූනියම් කළැයි බලවත් විශ්වාසයකින් සිටියහ. එකිනෙකාගෙන් මේ ගැන කියමින් තොරතුරු විමසුවේ හොඳ කට්ටඬියකු සොයාගෙන හූනියම කපන අදහසිනි. ඔවුනට ලැබුණු තොරතුරු අනුව නිවසේ මූලිකයා සබරගමුව පළාතේ කට්ටඬියකු හමුවිය. නිවසට කිසිවකු හූනියමක් කර ඇති බවට තමන්ට ඇති සැකය ගැන ද කියූ ඔහු තම නිවසට ශාන්තියක් කර දෙන්නැයි ඉල්ලා සිටියේය. 01 March 2018
මහදැනමුත්තා යළිත් ඉපදිලා කන්ද උඩරට පදිංචි ඔහු බැංකු නිලධාරියෙකි. මේ දිනවල සිය විවාහයට කඩිමුඩියේ ලක ලැහැස්ති වෙන ඔහුගේ මනාලිය වූයේද එම ප්‍රදේශයේම බැංකුවක සේවය කරන තරුණියකි. 26 February 2018
කොණ්ඩෙ කපලා මගුලත් එපාවෙලා විදේශ රටක සේවය කොට විවාහය සඳහා සිය රට පැමිණි තරුණියකට තම දිගු වරලස හදිසියේ අහිමිවීම නිසා විවාහය දෙදරා ගිය පුවතක් කන්ද උඩරටට නුදුරු ගම්මානකින් වාර්තා විය. 19 February 2018
බිරිය ඡන්දේ ඉල්ලුවාම සැමියාට ලොක්කෙකුගෙන් තහංචියක් තම බිරිය මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීම නිසා සමාජ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන සැමියාට බිරිය සහ දරුවන් සමඟ පෞද්ගලික ගමනක් පවා යතුරුපැදියෙන් යාම තහනම් කිරීමේ අපූරු පුවතක් වයඹ පළාතේ නගරයකින් පසුගියදා වාර්තා විය. 01 February 2018
කටට බ්රේක් නැතිව කුලී ගෙයිනුත් යන්නවෙලා තම කුලී නිවසේ දෛනිකව එක්රැස්වන කැළි කසළ බැහර කිරීමට නව ක්‍රමයක් සොයාගත් නව යොවුන් යුවළක් තම කට පරිස්සම් කරගැනීමට නොහැකිවීමෙන් කුලී නිවසින් ඉවත් වන්නැයි ද අනතුරු ඇඟවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්න ගමකින් වාර්තා වේ. 29 January 2018
තෙලේ බලේ පෙන්වන්න ගිහින් නෑයන්ට එලොව පොල් පෙනිලා ආයතනයක නිලධාරියෙකු මරා ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් කොල්ලකෑම පිළිබඳව නඩුවක් මහාධිකරණයේ වසර 15ක් පුරා විභාගවෙමින් පසුව මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තින්දුව දෙන දිනය ප්‍රකාශයට පත් කළේය. 23 January 2018
මනාලියගේ රැවුල් කතාවෙන් මනාලයා හොල්මන් වෙලා අගනුවර පරිපාලනයට සම්බන්ධ ආයතනයක නිලධාරිණියක වූ ඇය පසුගිය දා විවාහ ප්‍රාප්තවූයේ අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරියකු සමගයි. 15 January 2018
අනියම් බිරියගෙන් වෙන්ව යද්දී කරවල ග්‍රෑම් 250ක් ඉල්ලලා වසර ගණනාවක් එක වහලක් යට ජීවත් වූ 66 හැවිරිදි පුද්ගලයකු සිය බිරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඇයගෙන් වෙන්ව යාමට නම් ඇයට ගෙනැවිත් දුන් කරවල ග්‍රෑම් 250ද ඉල්ලීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසියෙන් වාර්තාවිය. 08 January 2018
ඇමක් කාලා පොලිස් කූඩුවෙත් ලගින්න වෙලා පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවස බිඳ රත්තරන් වළලු යැයි රැවටී ඉමිටේෂන් වර්ගයේ වළලු දෙකක් හොරකම් කොට පොලීසියට හසු වීමේ පුවතක් තඹුත්තේගම පොලීසියෙන් වාර්තා විය. 04 January 2018
රියදුරු බලපත සාක්කුවේ තිබියදී නැතිවුණැයි පොලිසියට පැමිණිලි කරලා තමන්ගේ රියදුරු බලපත්‍රය පසුම්බියේ තිබියදී එය නැති වූ බව කියා පොලීසියේ පැමිණිල්ලක් සටහන් කළ රියදුරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණ. 26 December 2017
හූනන්ගෙනුත් සල්ලි හොයලා හූනන් උණුවතුරෙන් තම්බා හෝටල්වලට ගෙන ගොස් කෑම ඇනවුම් කර කෑම පිඟානේ භාගයක් අනුභව කර, ගෙන ගිය හූනා හොරෙන් කෑම පිඟානට දමා කෑම පිඟානේ හූනකු සිටි බව පෙන්නමින් හෝටල් හිමියන් බියවද්දා මුදල් ලබාගන්නා තරුණයකු පිළිබඳව මාතලේ පොලිසියට තොරතුරු ලැබී ඇත. 18 December 2017
රුපියලක් බේරාගන්න අතපයත් කඩාගෙන මුදල් ගනුදෙනුවකදී රුපියලක් බේරාගැනීමට ගිය පාරිභෝගිකයකු අතපය කඩාගෙන තම ජීවිතය අනූ නවයෙන් බේරාගත් පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උපනගරයකිනි. 14 December 2017
වතු හිමියාගේ ගල් පහරින් අඹ හොරාගේ හොද්ද බොරවෙලා අනුන්ගේ ගෙවත්තක හොරෙන් අඹ කඩන්නට ගොස් වතු හිමියාගේ ගල් දුණූ පහරකින් තුවාල ලැබූ පුද්ගලයෙකු වතු හිමියාගෙන් රුපියල් පන්සියයක වන්දියකුත් රැගෙන ඔහුගේ වාහනයෙන්ම සිය නිවස බලා පැමිණි බව කියවෙන පුවතක් වාර්තා විය. 12 December 2017
බිරිය ශිල්ප දක්වන්න ගිහින් සැමියා රෝහලේ රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරූ තම බිරිය ලවා හිසකෙස් කළු කරගත් සැමියෙක්ට ඒ සඳහා යොදාගත් ඩයි වර්ග අසාත්මික වී රෝහල්ගතවීමට සිදුවූ බව කියවෙන පුවතකි මේ. 11 December 2017
රියැදුරුගේ උප්පරවැට්ටිය කැරකිලා තමන්ටම ඇවිත් වේලාව සවස හයට පමණ ඇත. මාතර දෙස සිට කොළඹ දෙසට යාමට පැමිණි විදේශිකයන් ප්‍රවාහනය කරනු ලබන සුඛෝපභෝගී වෑන් රථයක් ආපසු හරවා ගාල්ල පලතුරු වෙළඳපොළ අසල නතර කළේය. 07 December 2017
පැණි වරකා කඩන්න ගිහිං සරම ගැලවී ජංජාලයක් සැමියාගේ පුරසාරම් හේතුවෙන් බිරියට රැකියාව අහිමිවීමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය. 06 December 2017
ඌරු විනාශයේ පින්තූරයෙන් පුතාගේ කෙරුවාවත් හෙළිවෙලා දකුණු පළාතේ රක්වාන කඳුවැටිය පෙනෙන මානයේ වූ ගමක ජීවත් වූ ඔහු සැබැවින්ම ගොවිතැනට දක්ෂයෙකි. 05 December 2017
මියගිය සැමියාගේ දේහය ඉල්ලා කාන්තාවෝ දෙන්නෙක් ඇවිත් මියගොස් සිටි අසුඑක් වැනි වියේ පසු වූ අයෙකුගේ දේහය ඉල්ලා බිරියන් දෙදෙනකු හිමිකම් පෑම නිසා දේහය ලබාදීමට සුදුසු බිරිය තෝරා බේරා ගැනීම පිණිස අධිකරණ නියෝගයක් ලබාගැනීමට සිදුවූ බව හලාවත පොලිසිය කියයි. 04 December 2017
බෝතල් පාටිය මීයන් කාලා සාදයකදී මත්පැනින් සප්පායම්වු තරුණයින් දෙදෙනකු මෝටර් රියක තිබී සොරාගෙන ගිය නවීන පන්නයේ මත්පැන් බෝතල් දෙකකින් මී පැටවුන් මතුවීමේ සිද්ධියක් රාජගිරිය ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. 01 December 2017
පාවෙන තොප්පියක් ඔළුවට දාගෙන මාතර කොළඹ වෙරළබඩ මාර්ගයේ දිවෙන බස් රථයකි. උදේ පාන්දරම නිසා බසය අතුරු සිදුරු නැතිව මගීන්ගෙන් පිරී තිබුණි. කාර්යාල ලිපිකරුවන් යැයි සිතිය හැකි තිදෙනකු බසයට නැග ඉදිරිපස ආසන අසලට ආවේ නිවාඩු චක්‍රලේඛයක් ගැන කතා කරමිනි. 30 November 2017
දෙදහසක හෙල්මටය අමතක කර 1600ක් වටිනා පොල් 20ක් රැගෙන ගිහින් රුපියල් එක්දහස් හයසියයකට මිල නියම වූ පොල් ගෙඩි 20ක් රැගෙන මුදල් නොගෙවා පලා ගිය යතුරුපැදි කරුවකුට තම රුපියල් දෙදහසක් පමණ වටිනා හිස්වැස්ම අමතකව ගිය පුවතක් සාලියවැව කන්දඋඩ ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසලකින් වාර්තා විය 29 November 2017
ගෑනු ඇඳුමෙන් ඇවිල්ලා සෙබළා කාමරවලට එබිලා ගැහැනු යට ඇඳුමකින් සැරසී රාත්‍රී කාලයේදී නිවාසවල කාන්තාවන් සිටින කාමරවලට එබිකම් කිරීමේ නිරතව සිටි බව කියන 30 හැවිදිරි ආරක්ෂක අංශයක සෙබළකු නිවැසියන් කළ දැනුම්දීමකට අනුව අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය කියයි. 28 November 2017
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026