IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේව මෑණියන්ගේ සැමියාට දෙවියන්ගෙන් දඬුවමක්

(උණවටුන ඩී.ජී. සුගතපාල)
වේලාව රාත්‍රී නවයට පමණ ඇත. නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මාපලගම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින් වාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. මෙහි ප්‍රධාන අරමුණ වූයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමය.


ඉදිරියට පැමිණි යතුරුපැදියක් නතර කිරීමට පොලිසියෙන් සංඥාවක් ලැබිණි. ඒ අනුව යතුරුපැදිය නතර කළේය. එහි සිටි දෙදෙනා බීමත්ව නැත. රියැදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය ඇතුළු සියලුම ලේඛන නිවැරදිය.


“මොනවද මේ බෑග් එකේ” පොලිසිය විමසුවේය.


“අපි මේ කුරුණෑගල නෑදෑ ගෙදරක යනවා” යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා පිළිතුරු දුන්නේය.


එහෙත් ඔහු කිසියම් දෙයක් සැඟවීමට උත්සාහ කරන බව දුටු පොලිසිය බැගය විවෘත කර බැලුවේය. එහි වුයේ පොලිසිය බලාපොරොත්තු වු නීති විරෝධී මත්ද්‍රව්‍ය හෝ සොරබඩු නොවේ. පස් තැවරු පිත්තල සෙම්බුවක් සහ ඒ තුළ දමා තිබූ මැණික් කැට කිහිපයකි. එයට අමතරව කුඩා අලවංගුවක් ද විය. යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුවට පත්විය.


ඉන්පසු දිග හැරෙන නිධාන කතාව මෙසේය.


වඳුරඹ පොලිස් වසමේ ගමක දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන දේව මෑණි කෙනෙකු වූවාය. ගමේ අය කෙසේ වෙතත් පිට පළාත්වලින් ශාස්ත්‍ර ඇසීමට බොහෝ දෙනා එහි පැමිණියහ. එසේ පැමිණෙන අයගේ නිවෙස්වලට ද ගොස් කොඩිවින කැපීම, කොඩිවින ගොඩ ගැනීම, ශාන්ති කර්ම පැවැත්වීම ආදිය ද කළේය. ඒ සඳහා අවශ්‍ය අයගේ ලිපිනයන් ඇතුළු සියලු විස්තර ලබා ගන්නේ දේව මෑණියන්ගේ සැමියා විසිනි.


 එසේ ගොස් එම නිවසේ සිටම ආරුඪ වී මෑණියන් කියන සලකුණු ඔස්සේ කොඩිවින ගොඩගැනීම නිසා ඒ අවට පදිංචිකරුවන් ද මෑණියන්ගේ හාස්කම් පිළිබඳ පුදුමයට පත්විය. මේ අතර තලවතුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ද පැමිණ දේව මෑණියන්ගෙන් ශාස්ත්‍රයක් ඇසුවාය. දේව මෑණියන් මොණරපිල් කළඹෙන් ඇයට සෙත් ශාන්ති කරමින් ඇයගේ නිවස පිහිටි ඉඩමේ නිධානයක් ඇති බවත් එය ගොඩගැනීමට පුද පූජාකළ යුතු බවත් මෙය වෙනත් කිසිවකුට නොකියන ලෙසත් තරයේ අවවාද කළාය.


දේවාරූඪය අවසන්වීමෙන් පසු මෑණියන්ගේ සැමියා විසින් ඇයගේ නිවසට එන පාර අසා ගත්තේය. ඉන්පසු දිනයක ගොස් නිවස හා ඉඩම බලා කළයුතු පූජාවන් සඳහා අවශ්‍ය පඬුරු හා අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳව ද සාකච්ඡාකර ගෙන ආවේය.


දැන් ඉතින් මේ ඉඩමේ නිධානය කෙසේ හෝ ගොඩ ගතයුතුය. එසේ ගොඩගත්විට ලැබෙන පඬුරුවල වටිනාකම විශාලය. දැන් මේ රාත්‍රී කාලයේ ගමන් කරන්නේ තලවතුගොඩ කාන්තාවගේ ඉඩමේ නිධානය ගොඩගැනීමට පෙර එය වළ දැමීමටය. ඒ සඳහා සුදුසු ස්ථානය ඔහු මෙයට පෙර දිනයේ ගොස් බලාගෙන පැමිණි නිසා එතරම් අපහසුවක් නොවන බව ඔහු දැන සිටියේය.


එහෙත් කිසියම් හේතුවක් නිසා දෙවියන් උරණවී සිටියේය. තමාගේ නම විකුණමින් අහිංසක මිනිසුන්ගෙන් පඬුරු පොට්ටනි පිටින් ලබාගෙන ඒවා බෙදා ගැනීමට මිනීමරා ගන්නා හැටි ද දෙවියන් දැක තිබූ නිසා දෙවියන් ඔවුන්ගේ මුහුණ බැලුවේ නැත. එනිසා දේව මෑණියන්ගේ ආදරණීය සැමියා සහ ඔහුගේ ගෝලයා දෙවියන් විසින් පොලිස් අත්අඩංගුවට පත් කරනු ලැබූහ.


දේවමන්දිරයේ ආවතේවකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් ස්ථනාධිපති ධම්මික ඩයස් මහතා පැවසුවේ එයට අමතරව මෙම පිත්තල සෙම්බුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන එකක්දැයි දැන ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ද ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.

 



අදහස් (1)

දේව මෑණියන්ගේ සැමියාට දෙවියන්ගෙන් දඬුවමක්

vernon Tuesday, 17 July 2018 03:41 AM

ඔය සෙම්බුව සාමාන්‍ය කඩේකින් ගත්ත එකක් කියලා ඔප්පු වුනොත් පොලීසිය මොනවා කියලද නඩු දාන්නේ? මොකද ගුරුකම කරවා ගන්න ගිය කෙනා පැමිණිල්ලක් දාලාත් නෑ. නිධානයක් ගොඩ අරගෙනත් නෑ.

:       0       153

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site