(වියලුව වාර්තාකරු)
පවුලේ උදවිය ද සමග පෝදා පන්සල් ගිය පුද්ගලයෙකු ගමේ හොර අරක්කු තිප්පොළ අසල දී අතුරුදන් වී ටික වේලාවකට පසුව පොලිස් ජීප් රියකින් මතුවූ බව කියැවෙන පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මතට ලොල් වූවෙකි. පෝය දිනයේ මතට තිත තැබූ හෙතෙම පවුලේ උදවිය ද සමග සවස් ජාමයේ ගමේ පන්සලට ගොඩවූයේ මලක් පහනක් පූජා කර පින් ලබා ගන්නටම නොව අඹු දරුවන්ගෙන් එල්ලවන නෝක්කාඩු ඉවසන්නට බැරි තැනය.
පන්සලේ වත් පිළිවෙත් හමාරවී හෙතෙම පන්සලෙන් පිටතට පැමිණියේ නායක හිමියන්ට ද වැඳ ආචාර කරමිනි.
සිය පවුලේ උදවිය ද සමග නිවස බලා එද්දී ඔහුට දැක ගන්නට ලැබුණේ ගමේ හොර අරක්කු තිප්පොලෙන් පදමට ගසා පැමිණෙන මිතුරු පිරිසකි.
හිමින් සීරුවේ පවුලේ උදවියගෙන් මග ඇරුණු හෙතෙම මිතුරු පිරිසට එක්වී හොර අරක්කු තිප්පොළට රිංගා හීන් අඩියක් ගැසුවේ පන්සල් ගිය කාරණාව ද අමතක කරමිනි.
කෙසේ වෙතත් තමුන් සමග පැමිණි සැමියා සවස් වන තුරුත් නිවසට නොපැමිණීම ගැන සොයා බැලූ_ බිරියට දැන ගන්නට ලැබුණේ මත්පැන් පානය කර නගරයේ සැරි සරද්දී ඔහු පොලීසියට කොටුවී ඇති බවකි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පන්සලට ගිය ගමන නැවතුණෙ පොලිස් රියකින් මතුවෙලා