IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැහැල්ලක් වගේ පෙනුණු චන්ද්‍රකාන්ති පුන් සඳක් වෙයි

ඇතැම් මවුපියන් තම දූ දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා බිඳ දැමීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල පිහිට පතනවා. මේ ශාස්ත්‍රය හරිහැටි නොදැන කරන කට්ටඬියන් නිසා ඒ මවුපියන් වාගේම ප්‍රේම සම්බන්ධතා පවත්වන තරුණ තරුණියන්ටත් නොයෙකුත් දුක් කරදරවලට මුහුණපෑමට සිදුවෙනවා. කටුවන පැත්තේ රූමත් තරුණියක් එම ගම්මානයේ ධනවත් තරුණයකු එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගෙන තිබුණා. මේ සම්බන්ධයට තරුණයාගේ මවුපියන් හා ඥාතීන් දැඩි විරෝධයක් දැක්වූවා. මේ ප්‍රේම සම්බන්ධතාව බිඳ දැමීම සඳහා කර තිබුණු වින බන්ධනයක් ඉවත් කිරීමට යාමේදී සිදුවූ ඇබැද්දියක්. 


දකුණු පළාතේ ප්‍රකට ඇදුරකු වූ සේදිරිස් ගුරුන්නාන්සේ හඬ අවදි කළේ එලෙසිනි. චන්ද්‍රකාන්ති නමැති එම තරුණිය සැබවින්ම පංච කල්‍යාණියකි. පාසල් සමයේ සිටම බොහොම විනෝදකාමී ජීවිතයක් ගත කර තිබුණා. මැයගේ රූසපුවට බොහෝ තරුණයන් වශී වුණා. එහෙත් ඇයගේ හිත දිනා ගත්තේ ඒ ගමේම ධනවත් තරුණයෙක්. නමුත් ඒ තරුණයාගේ මවුපියන් මේ සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධයි. පෙම් පටලැවිල්ල නැවැත්වීමට විද්වේශනයක් කර තිබුණා. ඒක බොහොම බලගතුයි. මේ නිසා චන්ද්‍රකාන්ති කරදර ගොඩකට මුහුණ පෑවා. තමන්ගේ එකම දියණියට සිදුවී තිබෙන විපත නිසා ඇයගේ මවුපියන් බොහෝ කනස්සල්ලෙන් හිටියා. 
චන්ද්‍රකාන්තිගේ රූසපුව දවසින් දවස වැහැරුණා. තම දියණියට සිදුවී තිබෙන ව්‍යසනය නිසා පීඩාවට පත්වී සිටි මවුපියන් මේ අපලය ඉවත් කිරීම සඳහා නොගිය දේවාලයක් නැහැ. හොර කට්ටඬියන් කීපදෙනකුටම මුළාවී තිබුණා. කොහොම හරි එක් දිනක් මා හමුවීමට පැමිණි චන්ද්‍රකාන්තිගේ පියා, දියණියගේ දුක්ඛිත තත්ත්වය ගැන කීවා. 


ඒ අනුව චන්ද්‍රකාන්තිගේ නිවසට ගිය මා දුටුවේ ඉස්සර මනා රූසපුවකින් සිටි තරුණිය දැන් මැහැල්ලක වාගේ විරූපී වෙලා කියලයි. ඇය දුටු ගමන් මට දැනුණේ ඉතා බරපතළ වින බන්ධනයක් කර ඇති බවයි. දෙහි ගෙඩියක් ජප කර කපා දමා ඇප නූලක් ඇයගේ ගෙලෙහි බැන්දා. ඇයට කර තිබුණු බන්ධනය ඉවත් කිරීමට දින නියම කරගෙන අවශ්‍ය කළමනාත් රැගෙන දින කීපයකින් ඇයගේ නිවසට මා ගියා. 


එදින හැන්දෑ යාමේ ශාන්තිකර්මය කිරීමට පටන් ගත්තා. මල්බුලත් තටුව හදමින් සිටින විට ඒක කරන්න දෙන්නේ නැහැ. පිළිවෙළට හදන විට ඒක කඩා දැම්මා. කඩා දමන කෙනෙකුත් පේන්න නැහැ. මැදියම් රැයවන තුරුත් මූලික වත්පිළිවෙත් ටිකවත් කරගන්න බැරිවුණා. මෙවැනි දෙයක් මට කිසි දිනක සිදුවෙලත් නැහැ. ඒ ගෙදර මවුපියන් ඇතුළු පිරිසත් මේ සිද්ධිය නිසා මා ගැන තරහින් හිටියේ. වෙනදා වාගේ බොරුකාරයකු ඇවිත් කියලා ඔවුන් හිතුවේ. 


කොහොම හරි ටික වේලාවකින් නිහඬව ඉඳලා මෙහෙම වැරදුණේ කොහොමද කියලා හිතුවා. මේ තරුණියට වින බන්ධන කරපු ඇදුරා ඒ ගමේම කෙනෙක්. මගේ කාර්යය කරගන්න බැරි විදියට ඔහු අවහිරයක් කරලා. තරුණියගේ විනයට වඩා මට කර තිබුණු විනය මුලින්ම ඉවත් කිරීමට පියවර ගත්තා. බොහෝ වෙහෙස වෙලා ඒක ඉවත් කර ගත්තා විතරයි. චන්ද්‍රකාන්ති ආවේශ වුණා. පිළියෙල කර තිබුණු මල් බුලත් තටු, අයිල සේරම කඩා බිඳ දැම්මා. මට කරගන්න දෙයක් තිබුණේම නැහැ. සිදුවී තිබෙන දේට මටම පුදුමයි. කවදාවත් මගේ ශාන්තිකර්මයකට මෙවැනි ඇබැද්දියක් සිදු වෙලා නැහැ. ටික වේලාවකින් මරහඬ නැඟූ චන්ද්‍රකාන්ති, පියසේනගේ ගෑනි තමයි මට මේ වින කළේ. ඇගේ පුතාගේ පස්සෙන් මා නොවෙයි ගියේ. ඌ තමයි මට ඉන්න දුන්නේ නැත්තේ. නාන තොට ළඟදී මට පෑගෙන්න විනයක් කර තිබුණා. අනේ ගුරුන්නාන්සේ මේ උගුලෙන් මා නිදහස් කරදෙන්න යැයි මගේ දෙපාමුල වැටී අඬා වැලපුණා. මුලින්ම බාධක කරදර පැමිණියත් මගේ මන්ත්‍ර ශාස්ත්‍ර වැරදී තිබුණේ නැහැ. එදින අලුයම පහ විතර වෙන විට අවසන් වින කපන මන්ත්‍ර දැහැන ජප කරලා, දෙහි ගෙඩි 21ක් කපා කහ දියර වළඳ අරගෙන චන්ද්‍රකාන්තිගේ මුහුණට ඉස්සා. බලා ඉද්දීම මැහැල්ලක වාගේ හිටි චන්ද්‍රකාන්ති බොහොම ලස්සන වුණා. ඇගේ මවුපියන්ටත් දැන් බොහොම සතුටුයි. ඇයට කර තිබුණු සියලුම බන්ධන ඉවත් කර, ජප කරපු නූලක් ඇගේ කරේ බැන්දා විතරයි, අනේ බුදු මාමේ මා පියසේනගේ ගෑනිගෙන් වින්ද දුක් ගිනි දැන් ඉවයි. මට ඇගේ පුතාත් එපා. හැබැයි ඌට වැඩිය හොඳ මහත්තයකු මා හොයා ගන්නවා කියාල මහ හයියෙන් හිනා වෙලා බොහොම සතුටු වුණා. මෙවැනි අනිසි වින බන්ධන මා කරන්නේ නැහැ. යන්ත්‍ර මන්ත්‍ර සාස්තර තියෙන්නේ අනුන් විපතට දාන්න නොවේ. අසරණ අයට පිහිට වීමටයි. එහෙම කරන එක පින්කමක්. දැන් චන්ද්‍රකාන්ති අපේ ගමේ තරුණයකුගේ අත අරගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා. යාන වාහන වතුපිටි දේපළ පිරිලා. ඇයට වින කළ පියසේනගේ ගෑනිට පිස්සු හැදිලා දැන් හිඟා කනවා. ඒ නිසා කවුරුත් හිතන්න ඕනෑ අනුන්ට කපන වළේ තමනුත් කවදාහරි වැටෙනවා කියලා.

 

 


(නම් ගම් මනඃකල්පිතයි)


(මුලටියන එස්. බාලසූරිය)

 



අදහස් (0)

මැහැල්ලක් වගේ පෙනුණු චන්ද්‍රකාන්ති පුන් සඳක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site