චීන කම්කරුවා සිංහල කම්කරුවාගේ කනෙන් රිංගලා ඉදිකිරීම් සමාගමක සේවය කරන චීන කම්කරුවකුට බුලත් විට කන හැටි උගන්වා ඔහුට හුණු තැවැරූ බුලත් කොළයක් දුන් සිංහල කම්කරුවෙකුට සිය සාක්කුවට අත දමා දුංකොළ කෑල්ලක්, පුවක් කැබැල්ලක් හා කරාබු නැටි කීපයක් දිගු කළ චීන කම්කරුවෙකු පිළිබද පුවතක් වාර්තා විය. 27 November 2017
ටිකට් නැතිව දුම්රියේ යන්නත් දවසක් ”මෙය රාගම දුම්රිය ස්ථානයයි. පළමුවන වේදිකාවට දැන් පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ. 24 November 2017
දේශපාලකයෙක් ගැබිනි මාතාවන්ගේ දානයට බලෙන් ඇවිත් කාලා ගිහින් ගැබිනි මව්වරුන් සඳහා පැවැත්වුණු දානමය පිංකමකට අනාරාධිතව එක්වූ දේශපාලනඥයකු ගැබිනියන් සඳහා සූදානම් කර තිබූ ආහාර ඔවුන් කිහිපදෙනකුට බෙදා දී තමන් ද සප්පායම් වී හස්ත සංඥාවෙන් යන බව කියා පිටව ගිය පුවතක් පසුගියදා මීගමුවට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය. 23 November 2017
සුද්දියකට සිංහලෙන් සදාචාරය කියා දෙන්න ගිහින් සිගරට්ටුවක් තෑගි ලැබිලා වෙරි මතින් සංචාරක කාන්තාවකට සදාචාරය උගන්වන්න ගිය පුද්ගලයකු ඇයගේ සිගරැට්ටුවක් දල්වා ගෙන නැවත පැමිණි අපූරු පුවතක් ගාල්ල ප්‍රදේශයට නුදුරු වෙරළබඩ සංචාරක හෝටලයකදී වාර්තා විය. 22 November 2017
පාරෙදි විහිළුවක් කරලා: රියැදුරු මිතුරාට තරු පෙනිලා දකුණු පළාතේ ප්‍රධාන නගරයක් මධ්‍යයේ වූ සුදු ඉර මතින් පාර මාරුවීමට ගිය යුරෝපීය ඇඳුමැති පුද්ගලයෙකි. වේගයෙන් ආ කැබ් රියක් සුදු ඉර මතින් ගියෙන් ඔහු එහි නොවැදී බේරුණේ අනූ නමයෙනි. 21 November 2017
රූපවාහිනියේ ඇලුණාට සැමියා පාඩමක් උගන්වලා නිවසේ සියලු වැඩ පසෙක ලා එක පොකුරට පුංචි තිරයේ ටෙලි නාට්‍ය නැරඹීමට පුරුදුවී සිටි බිරියට අමතක නොවන පාඩමක් ඉගැන්වූ සැමියකු පිළිබඳව පුවතකි මේ. 20 November 2017
හදිස්සිය වැඩිවෙලා අම්මාත් මාරුවෙලා රැකියාවට යාමට පිටත්වූ තරුණයකුට සිදුවූ අපූරු සිදුවීමක් ගම්පහට නුදුරු ප්‍රදේශයකින් වාර්තාවිය. 17 November 2017
මල්ලි අයියාටත් පොල්ලක් තියා පැනලා හබරාදුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ළඟ මාතලේ ප්‍රදේශයේ පදිංචි අයිය මලෝ දෙදෙනෙක් සේවය කළහ. 16 November 2017
සිසුවාගේ පදේට ගුරුවරියත් හොල්මන් අට වසරේ සිංහල උගන්වන ගුරුතුමිය විරුද්ධාර්ථ පද පිළිබඳ පාඩමක් කිරීමේදී එක් සිසුවකු දුන් පිළිතුරෙන් ගුරුවරිය අන්දමන්ද වූ පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි. 15 November 2017
බීල වැඩිවෙලා ගේත් මාරුවෙලා අනුරාධපුර පැත්තේ වැඩබිමක සේවකයින්ගේ නවාතැන්පොළක සිදුවූ අපූරු සිදුවීමක් හේතුවෙන් හොඳින් දිවි ගෙවූ සැමියකු හා බිරියක විරසක වූ පුවතකි මේ. 14 November 2017
වෙනසකට හිත ගිහින් ලක්ෂ 2 ක් නැති කරගෙන ඇය ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත කෙළවර ගමක ජීවත් වූ හතළිස් තුන්හැවිරිදි විවාහක කාන්තාවකි. පසුගිය දිනෙක කිසියම් අවශ්‍යතාවක් සඳහා ගාල්ල නගරයට පැමිණි ඇය එය ඉටුකර ගැනීමෙන් පසු ගමට යාම සඳහා බස් රථයකට ගොඩවූවාය. 13 November 2017
අනුන්ගේ දරුවකුට උප්පැන්නය දී ඉල්ලාගෙන කාලා වෙනත් අයකුගේ දරුවකුට උප්පැන්නය දී ඇය විවාහ කරගත් අයකුට වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමේ සිද්ධියක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ. 10 November 2017
බලූ හඬ නවත්වන්න අපූරු උප්පරවැට්ටියක් අල්ලපු ගෙදර බල්ලා රාති‍්‍ර කාලයේ නොකඩවා බුරන නිසා පාඩම් කිරීමට බාධා වෙන බැවින් පියවරක් ගන්නා ලෙස උපාධි අපේක්ෂිකාවක ග්‍රාම නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ බල්ලාගේ බුරන ශබ්දය නොඇසෙන්නට නම් ඉයර්ෆෝන් යුගලයක් පාවිව්ච් කරන ලෙස දැන්වූ පුවතක් අලව්ව ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ. 09 November 2017
මෝටර් රියට තෙල් ගහන්න බූලියකුත් අරන් ඇවිත් පෙට්‍රල් හිඟය ඇති වූ දිනවල ඉන්ධන පිරවුම් හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි. සෙනසුරාදා ඉරිදා දිනවල පෙට්‍රල් හිඟය දැඩිව බලපෑවේය. 08 November 2017
මනාලයා නිවෙසට එද්දී මනාලිය කිතුල් ගහේ දකුණු පළාතේ කඳුකරයට ආසන්න ගැමි පවුලක වූ ඇය පිරිමි දරුවන් හතර දෙනකු සමඟ සිටි එකම ගැහැණු දරුවාය. මේ නිසාම කුඩා කාලයේ සිටම ඇය කළේ ‘පිරිමි’ වැඩය. 07 November 2017
අනිසි වැඩක් කළාට 11,500 කට තට්ටු වෙයි නාමින් සිටි තරුණියකගේ දිය රෙද්ද ගලවා දමා ඇය වැළඳගෙන තමා ඇයට ආදරේ බව පැවැසූ 28 වියැති තරුණයකු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපන් කිරීමෙන් පසු රුපියල් 1500 ක දඩ මුදල් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව මසක සිරදඬුවමක් හා වසර 5කට අත්හිටවූ අවුරුදු 1ක සිරදඬුවම් මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය නියම කළාය. අදාළ තරුණියට සිදුවූ අතවරය වෙනුවෙන් රුපියල් 10,000 ක වන්දි මුදල් ගෙවන ලෙසත් මහේස්ත්‍රාත් නියෝග කළාය. 06 November 2017
බැංකුවේදී ඇඳුම් මහගන්න වෙලා කොට සායකින් සැරසී බැංකුවකට පැමිණි රූමත් තරුණියක හිඳ ගැනීමට යාමේදී සාය පැළී, බැංකුව තුළම එය මසාගෙන මහත් ලැජ්ජාවට පත්ව ආපසු යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ප්‍රදේශයකින් වාර්තාවේ. 03 November 2017
පඬුරු දාන්න ගිය ගමන සරමෙන් පෙනිලා දකුණේ වියළි කලාපයට ආසන්න ගමක වැඩිහිටි සංවිධානයක් පසුගියදා මෙහෙය වූ චාරිකාවකි. සංගමයේ සභාපතිවරයා චාරිකාව සැලසුම් කළත් මාර්ගෝපදේශකයා වූයේ බසයේ රියැදුරාය. 02 November 2017
හතළිස් දාහකුත් අරන් හෙනහුරා මාරුවෙලා සෙනසුරු මාරුවෙන් ජය ලැබීමට සතරවරම් දෙවියන්ට පූජාවක් පවත්වන්නට ගිය පිරිසකට හතළිස් දහසක මුදලක් අහිමි වීමේ අපූරු පුවතක් දඹුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය. 01 November 2017
වැව් පිටියේදී කතකට අරුම පුදුම අවියක් හමුවෙලා වැව් පිටියක මුකුණුවැන්න කඩමින් සිටි කාන්තාවකට අරුම පුදුම ‘‘පිස්තෝලයක්’’ හමුවීමෙන් ගම්වැසියන් හා නිලධාරීන් පිරිසකට විශාල අපහසුතාවකට පත්වීමට සිදු වූ සිද්ධියක් ගල්ගමුව, කාටුවැව ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබිණි. 31 October 2017
ෆෝන් සිහියෙන් ගිහින් අම්බානක පරිප්පු කාලා කෙළිදෙලෙන් ගමනේ යෙදුණු තරුණ පිරිසක් බසය නැවතීමේ දී නියමිත නැවතුම්පොළ පසු කළැයි උරණව රියදුරුට පහර දෙන්න සූදානම්ව මගී වීරෝධය මැද බැස යද්දී වටිනා ජංගම දුරකතනයක් ද අසුන මත දමා යාමේ සිද්ධියක් ඊයේ 29 උදේ කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ දී දකගත හැකිවිය. 30 October 2017
මිනිබිරියගේ ඇඳුමට ආච්චි ඇන්දිලා සිය මිනිබිරියට උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටුණු මිත්තනියක පිළිබඳ පුවතක් නගර ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙයි. 27 October 2017
අඳේට බලාගත් මීදෙන මස්කඩයට විකුණා වගකීම සර්පයකුට පටවලා වසර දොළහක පමණ කාලයක් අඳේට බලාගත් මී දෙන අයිතිකරුට හොරෙන් මසට විකුණා සර්පයකු දෂ්ඨ කිරීමෙන් එම සතා මිය ගිය බවත්, ඉන්පසු වළ දැමූ බවත් පැවසූ පුද්ගලයකුට වළ දැමූ ස්ථානය පෙන්වන්න යැයි කී විට එම ස්ථානය අමතක යැයි කී සිදුවීමක් පිළිබඳව උඩරට ගොවි ගම්මානයකින් වාර්තා විය. 25 October 2017
අරක්කු මුදලාලිට කඩ්ඩ දාල අම්බානක කන්න ගිිහින් හොර අරක්කු මුදලාලි සමඟ ඉංග්‍රිසියෙන් කතා කිරීමට ගොස් ගුටි නොකා අනූනමයෙන් බේරුණූ තරුණයෙකු පිළිබඳව මුහුදු බඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 24 October 2017
පදමට බීලා බැංකුවකට දොළොස්දාහක් ගෙවලා හොංකොං ජාතිකයකු සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ගිංතොට ප්‍රදේශයේ හෝටලයක නතරව සිටියේය. ලංකාවේදී ඔහුට තවත් විදේශිය මිතුරන් පිරිසක් හමුවිය. ඔවුන්ගේ ආරාධනය පරිදි ඔහු ගාල්ල කොටුවට පැමිණියේය. මිතුරන් පිරිස සන්ධ්‍යා කාලයේ ආරම්භ කළ මත්පැන් සාදය මධ්‍යම රාත්‍රිය ගෙවෙනතුරුද පැවැත්විණි. 23 October 2017
බැල්මට වශීවෙලා පඩියටත් තට්ටුවෙලා ඇය රූමත් තරුණියකි. පියා සමඟ ඌවේ ප්‍රධාන පෙළේ රෝහලකට පැමිණියේ පියාගේ කකුලක ආබාධයකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමටය. 20 October 2017
අට වසරේ සිසුවෙක් අපූරුවට යුග බෙදලා අට වසරේ ගුරුතුමිය සමාජ අධ්‍යයන විෂයට ඉගැන්වූයේ මිනිසාගේ පරිණාමයේ යුග පිළිබඳවය. 19 October 2017
ප්‍රේමය උතුරා ගිහින් පෙම්වතා ළිදේ ළිං බැම්ම උඩ ඉඳගෙන බොහෝ වේලාවක් තම පෙම්වතිය සමඟ දුරකතන සංවාදයේ යෙදී සිට සංවාදය අවසානයේ යන්න සූදානම් වීමේදී ළිඳට වැටුණු තරුණයෙකු පිළිබඳව පුවතක් හේවාහැට ප්‍රදේශයෙන් වාර්තා වේ. 18 October 2017
සිල්ගත් උපාසක කකුල් අතගාලා සිල් ගන්නා මුවාවෙන් පන්සලට ගොස් දැරියකගේ පාද අතගෑ කාමාතුරයකු සම්බන්ධ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවේ. 17 October 2017
හොල්මනකට බයවී කිලෝමීටර් දෙකක් ත්‍රිරෝද රථ දෙකකින් ගිහින් නිවස ආසන්නයේදී හොල්මනකට බිය වූ පුද්ගලයකු කිලෝමීටර් දෙකක් පයිනුත් ගමන් කර ත්‍රිරෝද රථ දෙකකටත් කුලිය දී කිලෝමීටර් හයක දුරක් ගෙවා ගෙදරට ගිය පසු මුහුණ දුන් සිද්ධියකි මේ. 16 October 2017
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026