IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චූටි නංගීට ෆෝන් අංකය දුන්නාට ත්‍රිරෝද රථ රියැදුරුගේ දතක් කඩලා

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
“අයියේ මම එදා ත්‍රීවිල් එකේ ගිය චූටි නංගි, මට ඔයා දකින්න ආසයි. ඔයා එනවද හෙට සවස හතරට වෑවිට වැව ගාවට යැයි” ඥාති සොයුරිය යවන ලෙස ත්‍රිරෝද රථ රියැදුරුට කෙටි පණිවිඩයක් යවා ගෙන්වා ගෙන දතක් කැඩෙන්න පහර දුන් ඥාති සොයුරා හා ඔහුගේ මිතුරන් තිදෙනා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


පාසල් යන දැරියක් පාසල් යාම සඳහා අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගය කරා පා ගමනින් පැමිණීමේදී මෙම පහර කෑමට ලක් වූ ත්‍රිරෝද රථ රියැදුරු ත්‍රිරෝද රථය නවතා “නගින්න නංගි පාරට යනවා නම්” පැවසීමෙන් අනතුරුව එම දැරිය ත්‍රිරෝද රථයට ගොඩ වී ඇතැයි පොලිසිය කියයි.


එසේ යන අතරතුරදී සිසුවියගේ පදිංචිය කොහේද? පාසල කොහේද? ඉගෙන ගන්න පංතිය කීයද? ආදී ප්‍රශ්න වැලක් විනාඩි කිහිපයක් තුළදී ඇසීමට ත්‍රිරෝද රථ රියැදුරු අමතක නොකළ බවත් ඒවාට නොපැකිළිව පිළිතුරු ලබා දීමට සිසුවිය කටයුතු කර ඇති බවත් පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.


ප්‍රධාන මාර්ගයට ත්‍රිරෝද රථය පැමිණීමත් සමඟ “අයියේ මා ඔතනින් බස්සන්න. අයියාට ගොඩාක් ස්තුතියි” යැයි සිසුවිය පවසනවාත් සමඟ දුරකථන අංකයක් ලියූ කුඩා කොළ කැබැල්ලක් සිසුවිය අතට පත් කිරීමට අමතක නොකළ ත්‍රිරෝද රථ රියැදුරු ඇයට දෑසින් ඉඟි කිරීමටද අමතක කර නැති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.


කෙසේ හෝ මේ පිළිබඳව දැරියගේ ඥාති සොයුරාට දැන ගැනීමට ලැබීමත් ත්‍රිරෝද රථ රියැදුරු ලබා දුන් දුරකථන අංකය ඔහු අතට පත්වීමත් සමඟ ත්‍රිරෝද රථ රියැදුරුට හොඳ පාඩමක් ඉගැන්වීමට ඥාති සොයුරා හා ඔහුගේ මිතුරන් තීන්දු කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව ත්‍රිරෝද රථ රියැදුරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් යවා ඉතා සූක්‍ෂම අයුරින් ගෙන්වා මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය කියයි.


බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.ඩබ්ලිව්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වූ දූෂණ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කෞශල්‍ය නාකන්දල මහතා අත්අඩංගුවට ගත් පුද්ගලයන් අමතමින් ත්‍රිරෝද රථ රියැදුරු සිදුකර ඇත්තේ වැරදි ක්‍රියාවක්. ඒත් ඔබලාට නීතිය අතට අරගෙන ක්‍රියා කරන්න බැහැ. ඒකට තමයි පොලිසිය තියෙන්නේ යැයි අවවාද කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. 

 



අදහස් (2)

චූටි නංගීට ෆෝන් අංකය දුන්නාට ත්‍රිරෝද රථ රියැදුරුගේ දතක් කඩලා

vipula Wednesday, 06 June 2018 04:34 AM

මට හිතෙන විදියට, මෙතන ගෑණූළමය හැසිරීලා තියෙන්නෙත් කිසිම වගකීමක් නැති විදියට, අද කාලේ දන්නේ නැති කෙනෙක්ගේ වාහනයකට නගින්න පුලුවන්ද පිරිමියෙකුටවත්, අනික ත්‍රිරෝද රථයකට ?

:       54       326

himal Wednesday, 06 June 2018 05:10 AM

රියදුරා කර ඇත්තේ වැ‍රැද්දක් කියලා නීතිය ක්‍රියාත්මක කරවීමට ඉන්නා නිලධරයෙකු කියන්නේ කොහොමද? අනෙක් අතට දැන් මේ ප්‍රශ්නය අතින් පයින් බේරා ගැනීමට යාමෙන් මේ යුවතිය පාරේ බැහැලා යන්නෙ කොහොමද?

:       43       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site