(මැදගම රම්‍යලතා පද්ම කුමාරි)
රාත්‍රී ආහාර වේලෙහි රස සෙවූ බීමත් සැමියකුට ඇඟට නොදැනෙන්න අමු කරවල දුන් බිරිඳක් පිළිබඳ අපූරු කතා පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා විය.
දැනගන්නට ඇති ආකාරයට සිද්ධිය මෙසේය.
මෙම නිවසේ බිරිය සැමියා හා දියණිය ජීවත්ව ඇති අතර දිනක් දියණිය නිවසින් පිටව ඥාති නිවසකට ගියේ එදින නැවත නිවසට නොඑන බව පවසමිනි.
දියණියත් නොමැති නිසා මව හනිකට හොද්දක් සාදා සුපුරුදු ටෙලිනාට්‍ය නරඹමින් සිටියාය. දිනපතාම වෙරිමර ගාතේ නිවෙසට පැමිණෙන සැමියා රාත්‍රී ආහාර වේල භුක්ති විඳින ගමන් “ඈ බන් ගෑනියේ මේ හොද්දට කරවල කෑල්ලක්වත් දැම්මේ නැද්දැයි” දොස් කියන්නට විය.
කතාව දුර දිග ගියොත් නවතින්නේ ගුටිබැට වලින් බව දන්නා බිරිය කරවල දැම්මා හොද්දේ ඇතැයි පවසමින් මුළුතැන්ගෙට දිව ගියාය.
ලිප ළඟ එල්ලා තිබූ කරවල කෑල්ල ගෙන පෙති දෙක තුනක් කපා හොද්දට දමා විගසින් සැමියාගේ පිඟානට බෙදා ”හොද්දෙ අඩියේ තිබුණේ කලවම් කරලා ගන්න එපැයි” කියමින් අමු කරවල බෙදා ගුටියෙන් බේරුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් රටවල වියළි හාල්මැස්සන්, කරවල ආදිය අමුවෙන්ම තමයි ආහාරයට ගන්නේ.
බේබද්දගෙන් බිරිඳට ලැබෙන ගුටි බැට ගැන මොකද කියන්නේ. බීගෙන ආව එකාගෙන් ගුටිකන එක තාමත් ගැහැනියගේ අයිතිය බවයි මේ කතාවෙන් කියන්නේ.