IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කකුලට බේත් කරන්න ආපු කට්ටඬියා රන්මාලයට විදී

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)

පාදයේ අසනීපයකට ප්‍රතිකාර කිරීමට පැමිණි කට්ටඩියකු කාන්තාවක රවටා රන් මාලයක් සහ මුද්දක් ඉකුත්දා (3) සොරකම් කර ඇතැයි හක්මණ පොලිසිය කියයි.

හක්මණ ඇල්පොල කෝන් කැටියේ නිවසකට පුද්ගලයකු පැමිණි ගෙහිමි කාන්තාවට දානයකට යාමට ආරාධනා කර තිබේ. තමන් දණ හිස් අමාරුවෙන් පෙළෙන බව පවසා කාන්තාව එම ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇත. දණ හිසේ අමාරුව සුවකළ හැකි යැයි සැකකරු පවසා ඒ සඳහා සීනි හා ලුණු ස්වල්පයක්ද බුලත් කොළ කිහිපයක්ද ලබාදෙන ලෙස ගෙහිමි කාන්තාවට පවසා තිබේ. එම ද්‍රව්‍ය ලබාදීමෙන් අනතුරුව සැකකරු මන්ත්‍ර ජප කරමින් ස්වල්ප වේලාවක් ගතකර රන් හෝ රිදී වලින් තැනූ ආභරණයක් ලබාදෙන ලෙස ද එම අවස්ථාවේදී කාන්තාවට පවසා තිබේ.

එම අවස්ථාවේදී කාන්තාව ගෙල බැඳි රන් මාලය හා ඇඟිල්ලේ තිබූ මුද්ද ගලවා සැකකරුට ලබාදී ඇති අතර සැකකරු ඒවාද ලබා නැවතත් මන්ත්‍ර ජප කොට බුලත් කොළය ගුළියක් සේ සකසා නිවස වහලෙහි රඳවා තිබේ.

සැකකරු නිවසින් පිටව ගොස් විනාඞ් තිහකින් පසු වහලේ රඳවා ඇති බුලත් කොළ ටික ගෙන බලන ලෙස කාන්තාවට උපදෙස් ලබාදීමට ද සැකකරු අමතක නොකළේය. සැකකරුගේ උපදෙස් අනුව වහලේ තිබූ බුලත් කොළ ගෙන බලන විට එහි රන්මාලය හා මුද්ද නොතිබූ බව කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි. හක්මණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් වීරවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

කකුලට බේත් කරන්න ආපු කට්ටඬියා රන්මාලයට විදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site