IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයියා මාමා වෙලා අන්තිමේ කොණ්ඩයත් රැවුලත් දන්දීලා

(වියලුව වාර්තාකරු)
අගනුවර ප්‍රදේශයේ රැකියාවට ගොස් නව විලාසිතාවකට අනුව කොණ්ඩය හා රැවුල වවාගෙන ගමට පැමිණි තරුණයකුට ගමේ කොලු ගැටව් “මාමා” යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගැනීම නිසා තමුන් පණ මෙන් ආදරය කළ කොණ්ඩය හා රැවුල කපා දමන්නට සිදුවීමේ පුවතක් ‘ලංකාදීප’යට වාර්තා විය.


සිද්ධිය මෙසේය.


විලාසිතාවලට දැඩි ඇල්මක් දැක්වූ ගම්බද අවිවාහක තරුණයෙකි. ඔහුට වයස අවුරුදු 20කට මදක් වැඩිය. ගමේ තරුණ පිරිසක් ද සමග හෙතෙම අගනුවර ප්‍රදේශයේ කොන්ත්‍රාත් වැඩපළකට ගියේ ජීවත් වන්නට කීයක් හෝ සොයා ගන්නටය.


වැඩ පළට යන අතරතුර දී විවිධ විලාසිතාවන්ට කොණ්ඩා හා රැවුල් වැවූ තරුණයින් දුටු ඔහු ද ඔවුන් අනුගමනය කරමින් කොණ්ඩය හා රැවුල වවන්නට පටන් ගත්තේ එය මහත් අභිමානයක් බව මිතුරන් සමග ද පවසමිනි.


කොන්ක්‍රීට් අනා හම්බ කර ගත් මුදලින් සෑහෙන ප්‍රමාණයක් සති අන්තයේ දී හෙතෙම කොණ්ඩයේ හා රැවුලේ නඩත්තුවට ද වැය කළේ ඇතැම් විට සිය නිවැසියන්ට ඉටුවිය යුතු සෙසු යුතුකම් පවා මදකට අමතක කරමිනි.


මාස කිපයකට පසුව නිවාඩුවක් ලබා ගමට පැමිණි හෙතෙම වෙනදාටත් වඩා පාර තොටේ, පාසල අසල මෙන්ම කඩ පිලේ සැරිසරන්නට වූවේ සිය අඩි කීපයක් දිගට වැවුණු කොණ්ඩය ගැන මෙන්ම රැවුල ගැන ද මහත් උජාරුවෙන් කතා කරමිනි.


එහෙත් සිදුවූවේ ඔහු කිසිවිටකත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි.


වෙනදා ඔහුට අය්යා යැයි කියූ ගමේ දරුවන් මෙන්ම කොලු ගැටව් ද ඔහුට “මාමා” යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තේ සැබෑවටම ඔහුගේ මුහුණෙන් දිස් වූ වැඩිහිටි ගතියට ගරු කිරීමක් වශයෙනි.


එහෙත් නෑකම මාරුවීම විඳ දරා ගත නොහැකි වූ ඔහු අවසානයේ ගමේ බාබර් සාප්පුවට ගොඩ වී කලක් තිස්සේ පණ මෙන් ආදරය කළ රැවුලත් කොණ්ඩයත් මුළුමනින්ම කපා දැම්මේ ‘මේ ගමේ උන් දන්න විලාසිතා’ යැයි බාබර් සාප්පු හිමියාට ද පවසමිනි.

 



අදහස් (0)

අයියා මාමා වෙලා අන්තිමේ කොණ්ඩයත් රැවුලත් දන්දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site