(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
උදේ දවල් ණයට හෝටලයකින් කෑම කා බැංකු ණයක් ගෙන හෝටලයේ ණය පියවූ පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් වාර්තා විය.
ඔහු නගරයට ආසන්න ස්ථානයක සේවයේ නියුතු පුද්ගලයෙකි. උදෑසන ගෙදරින් එන විට උදෑසන ආහාරය ගෙන බත් මුල් දෙකක් රැගෙන එන්නේ නැවත උදයට හා දවල්ට කෑමටය.
රැගෙන එන කෑම පාර්සලය ද ආයතනයට පැමිණීමෙන් පසු අනුභව කරන ඔහු නැවත නගරයේ ඇති හෝටලයකට ගොස් ඉඳිආප්ප 80ක් හා බිත්තර දෙකක් සමඟ කිරි මාළු හෝ කුකුළු මස් කෑම පුරුද්දක් කරගෙන සිටියේය.
නැවත උදෑසන දහය පමණ වනවිට දහවල් ආහාරය ගන්නා ඔහු දහවල් වනවිට නැවත එම හෝටලයට ගොස් දහවල් ආහාරය දෙවනුව ලබා ගන්නේ මස් මාළු බිත්තර සියල්ල සමඟය. සවස් වනවිට බිත්තර ආප්ප සහ ප්ලේන් ආප්ප කා කිරි තේ එකක රස බැලීමට ද අමතක නොකරයි.
කෙසේ වෙතත් ඔහු දිනකට එක්දහස් පන්සීයත් දෙදහත් අතර හෝටලයකට ණය වන අතර ඔහු කරන රැකියාව අනුව හොටල් හිමියා ද ඔහුට ණයට දීමට මැලි නොවෙයි.
එක් මාසයක් ඔහුට ණය බේරීමට නොහැකි වී ඇති අතර මාසය මැදදී ඔහු ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී හෝටල් හිමියා ඔහුට ණය පියවන ලෙස ඇවටිලි කර ඇත්තේ මාසයක් පහු වී ගිය හෙයින් ඒ වනවිට ඔහුගේ හෝටල් බිල රුපියල් හැත්තෑදහසට ලංව තිබූ හෙයිනි. පසුව ඔහු සිය මිතුරන් හා එක්ව බැංකු ණයක් ගෙන ණය පියවීමට කටයුතු කළාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා කොහොම කෑවත් කල තියෙන්නේ තමන්ගේ සල්ලිවලින්. අනුන්ගේ සල්ලිවලින් නෙවෙයි.
ඒ උනාට දේශපාලකයෝ කන්නේ අපේ දුප්පත් ජනතාවගේ සල්ලිනෙ.
කෑවෙ තමන්ගේ සල්ලි වලින් නම්, ණය ගත්තෙත් ගෙවන්නෙත් තමන් නම් මෙතන ප්‍රශ්නයක් නෑනේ.
කෑම බීම සඳහා මේ තැනැත්තාට රාජකාරි වෙලාව තුළ මෙතරම් කාලයක් ගත කළ හැකි නම් මොහු අනිවාර්යයෙන්ම රජයේ සේවකයෙකු විය යුතුයි.
මම හිතාගෙන හිටියේ , මිනිසුන් කන්නේ ජීවත් වෙන්නට කියලයි.මේ මනුස්සයා ජීවත් වෙලා තියෙන්නෙම කන්නනේ.කමක් නැහැ ,මෙච්චර කන්න පුළුවන් අයත් ලංකාවේ ඉන්න එක අපට කොච්චර ආඩම්බරයක්ද ?
මොකද ප්‍රශ්නයක් නැත්තේ.? හෝටලේ හිමියාට , කාපු ඒවායේ බිල ගෙවා ගන්න , බැංකු නයක් ගන්නට වීම නිසයි මේ කතාව පත්තරේටත් වැටුනේ.(අනික මෙයා එයාගේ දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද.?)
මෙහි දක්වා ඇති ගණන් හිලව් අඩුකරලා ගත්තම සත්‍යයක් කියල පිළිගන්න පුළුවන්.
දැන් ඕක "දෙයියෝ සාක්කි" කියන්ඩත් දෙයක්ද?
උදේට ඉඳි ආප්ප 80ක් කන්න පුලුවන්ද? අනිත් එක බත් එකත් කාල ඉවර වෙලා මේ ගණන් අඩු කළා නම් ඇත්ත කතාව එලියට එවි
දෙයියෝ සාක්කි වල යන ගොඩක් කතාවල නම් ගම්වලට අමතරව කතාවත් මනඃකල්පිතයි.
මේ වාර්තා නම් කොහොමත් බොරුවට වැඩියෙන් දානවා.... කොහොම වුනත් රස්සාව හරියට කළාද කියන එක තමයි අවුල....