මොකද යකෝ මට ගැහුවේ යකැදුරා
තෝ මන්තරේ වැරැද්දුවා ආතුරයා
(මුලටියන එස්. බාලසූරිය)
“යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය නිකන් ආවාට ගියාට කරන්න බැහැ. මන්ත්‍ර ජප කිරීමේ දී ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනොත් උච්චාරණයේ වෙනසක් වුණොත් ඇදුරාට ලොකු අකරතැබ්බවලට මුහුණ පෑමට සිදුවෙනවා. එක දවසක් කැබිළියපොල ප්‍රදේශයේ සිහි විකල් වූ අයකුට තොවිලයක් කරන්න ගිහින් සිදුවූ වැරදීමක් නිසා ආතුරයා පුවක් මල් කිනිත්තකින් මට ගහගෙන ගියා. ඊගහ ළඟ තිබූ නිසා යන්තම් බේරුණා” යැයි පාරම්පරික ඇදුරකු වූ ආර්. පී. සිරිපාල මහතා පැවසීය.
නොයෙකුත් හේතූන් නිසා මිනිසුන්ගේ සිහි විකල් වෙනවා. යක්ෂ, ප්‍රේත, භූත, දිෂ්ටි වැටීමෙන් ඇතැම් අයගේ මනස විකෘති වෙනවා. රත් පිත ඉහට ගැහුවොත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකුම් වලින් පමණක් සුව කරන්න බැහැ. වෛද්‍ය ප්‍රතිකාර කරන්නත් ඕනෑ. බොහෝ වෙලාවට පුළුටු වර්ග නුසුදුසු ස්ථානවල තියාගෙන කනකොට ඒ අවට ප්‍රේත, භූත, යක්ෂ කොට්ඨාස ඉන්නවා නම් ඔවුන් හේමන් ගන්නවා. එහෙම හේමන් ගත් පුළුටු වර්ග කෑවම බඬේ අමාරුව හැදෙනවා. ඔලුවට ගහනවා. ඉස්සර මිනිසුන් අනිසි ස්ථානවල තියාගෙන මස්, මාළු, පුළුටු වර්ග කන්න බයයි. ඉතින් එක දවසක් කැබිළියපල ප්‍රදේශයේ තරුණයකුට පිස්සු හැදිලා කියලා ඔහුගේ පියා අපේ ගෙදර ආවා. මගේ පියා ඉන්න කාලේ ඒවාට සහභාගි වුණාට පිස්සන් ආවේශ කරන දේවල්වලට තනියෙන් යන්න බයයි. මොකද පොඞ්ඩක් වැරදුනොත් ඇදුරාට ගැටලු ඇති වෙනවා.
කොහොම වුණත් දන්න කියන කෙනකු ආව නිසා මං වැඬේ බාර ගත්තා. එදාම ඔහුත් සමග ගිහින් ආතුරයාට ඇප නූලක් බැන්ඳා . පිස්සා ආවේශ කිරීම සඳහා දිනයක් යොදාගෙන අවශ්‍ය කළමනා සූදානම් කර ගත්තා. මේ වාගේ දෙයකට යනවිට තවත් ඇදුරෙකුත් එක්කන් යනවා. එදා සහායට යන කෙනාට එන්න වුණේ නැහැ. කොහොම වුණත් වැඬේ බාර ගත්ත නිසා ගිහින් තටු ඊගහ අයිල පිළියෙල කරගෙන මන්ත්‍ර ජප කරන්න පටන් ගත්තා. දෙගොඩ හරි යාමයේ වැදගත්ම මන්තරය ජප කරමින් සිටින විට වැරදියට මන්තරය කියවෙලා තියෙනවා.
ඒ වෙලාවේ මට මහන්සි වැඩිකමට නින්ද ගිහින් තිබුණා. ආතුරයා එක පාරටම මගේ මූණට කටු කිනිත්තකින් වාගේ දෙයකින් ගහගෙන ගියා. ඇහැරිලා බලනවිට පුවක් මල් කිනිත්තෙන් ආතුරයා මට ගහනවා. කොහොම වුණත් ආරක්ෂාවට ජප කර තිබුණු ඊ ගහ මගෙ ළඟ තිබුණා. ඒක ආතුරයාගේ ඔලුවට තිව්වම ගැහීම නතර වුණා. ආතුරයාගේ හිසට ඊ ගහ තියලා මොකද යකෝ උඹ කරන්නේ කියලා ඇහුවා. එතකොට ආතුරයා කියනවා උඹ මන්ත්‍රය වැරදි විදියට කිව්වා. ඒකයි ගැහුවේ කියලා. ඒ වෙලාවේ කතා කළේ ආතුරයාට වැහි තිබුණු යක්ෂ අවතාරයයි. ඉතින් මම ඇහුවා මොකද කරන්න ඕනෙ කියලා. එතකොට ආතුරයා කියනවා යකෝ මන්තරය හරියට ජපකරපන් කියලා. ඉන් පස්සේ මා නැවත මන්ත්‍රය ජප කරලා පැන් ටිකක් ආතුරයාගේ මූණට ඉස්සා. එතකොට මාරාවේශයෙන් සිටි ආතුරයා මෙල්ල වුණා.
එදා ඊ ගහ මගේ ළඟ නොතිබුණා නම් මට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ දේවල් කරන විට සුළු අඩුපාඩුවක් වත් සිදු වෙන්නේ නැහැ. ඉතා සුළු අතපසුවීමක් වුවත් ඇදුරාට තමයි ගැටලු ඇතිවෙන්නේ. මේ මන්ත්‍ර ශාස්ත්‍රය හරියට කරන අය දැන් අඩුයි. හරියට පාඩම් දන්නේ නැහැ. මේ වටිනා මන්ත්‍ර ශාස්ත්‍ර ඉදිරියේදී කරන්න කෙනෙකුත් නැතිවෙනවා යැයි ද ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොකද යකෝ මට ගැහුවේ : තෝ මන්තරේ වැරැද්දුවා
කුමාර් (ගල්ෆ්) Monday, 11 June 2018 10:40 AM
මේ අය රටින් පිටවෙලා යන එක හොඳයි. මේ වැඩනිසා පවුල් කැඩෙනවා, මිනිස්සු ලෙඩවෙනවා, දේපල විනාශ වෙනවා, මිනිස්සුන්න්ට මොනා උණත් කමක් නෑ .............ඇදුරෝ සල්ලි හම්බකරහන්නවා............