(දූනගහ බටේපොල විජයසිරි)
තරුණයකුට හෙල්මටයකින් පහරදී එය කැඩුණා යයි පහර කෑ තරුණයාගෙන් අලාභය ඉල්ලීමේ පුවතක් දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයෙන් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය.
ක ු ඩ ග ම් ම න ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරන තරුණියකගෙන් වෙනත් තරුණයකු දුරකතන අංකය ඉල්ලා තිබේ. ඇය දුරකතන අංකය ඉල්ලු පුද්ගලයාට අංකය නොදී තම පෙම්වතාට මේ බව පවසා ඇත. පෙම්වතා පසුදින එම ඇඟළුම් කම්හල අසලට ගොස් දුරකථන අංකය ඉල්ලූ අයගෙන් ඒ ගැන විමසා ඇති අතර ඒ අවස්ථාවේදී ඔහු තරුණියගේ පෙම්වතා සමග ගැටුමක් ඇති කරගෙන ඇත.
දෙදෙනා අතර වචන හුවමාරුව දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකට පරිවර්තනය වී දුරකතන අංකය ඉල්ලා සිටි තරුණයා තරුණියගේ පෙම්වතාට හෙල්මටයෙන් එය කැඩෙන තුරුම පහර දී ඇත.
අවසානයේ හෙල්මටයෙන් ගැසූ පුද්ගලයා කැඩුණු හෙල්මටයද රැගෙන පොලිසියට ගොස් පැමිණිලි කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගෙන් හෙල්මටයේ අලාබය ඉල්ලා දෙන ලෙසය.
පහර කෑ පුද්ගලයා දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා පසුව දිවුලපිටිය පොලිසියට සිද්ධිය පැමිණිලි කර ඇත. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නොම්මර හුටපටේට මොකද යකෝ මට ගැහුවේ පහර කෑ හෙල්මටයටත් වන්දි ඉල්ලලා