
අයියගේ කලිසමේ සාක්කුවේ තිබූ ගංජා මිටියක් නිසා සිර දඬුවම් විඳීමට සිදුවූ සහෝදරයකු පිළිබඳ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ.
මොහු ගමෙන් පිට රැකියාවක් කරන අයෙකි. නිවාඩුවට ගමට පැමිණීම සිරිතකි. දිනක් නිවාඩුවට ගෙදර පැමිණි විටදී හදිසි ගමනක් යෑමට වුවමනා විය. එහෙත් ඒ වන විට මොහුගේ කලිසම් සියල්ලම සෝදා තිබූ හෙයින් ඇඳගෙන යෑමට එකක් නොවීය. ගමන ද කල් තැබීමට බැරි එකකි.
අයියා ගමනක් ගොස් ඇවිත් ගලවා ඇඳුම් රාක්කයේ තිබූ ඩෙනිම් කලිසම ඇඳගත් මොහු අයියාගේ මෝටර් බයිසිකලයෙන්ම ගමන යෑමට පිටත් විය.
අතරමග දී පොලිසියේ රථවාහන අංශයේ නිලධාරි පිරිසක් මොහු පදවාගෙන ගිය මෝටර් බයිසිකලය නතර කර පරික්ෂා කළේය.
යතුරුපැදියේ ලියාපදිංචි බලපත්‍ර මෙන්ම මොහුට යතුරුපැදි පැදවීමට අවශ්‍ය රියැදුරු බලපත්‍රය ද ඒ මොහොතේ නොවීය.
මොහු යන ගමන ගැන සත්‍ය ප්‍රකාශ කළත් පොලිස් නිලධාරීහු ඒ කිසිවක් පිළිනොගත්හ. කලිසමේ සහ කමිසයේ සාක්කු පරික්ෂා කිරීමට සූදානම් විය. සාක්කුවේ තිබූ ගංජා මිටියක් පොලිසියට අසු විය. ගංජා මිටිය තමාට ලැබුණේ කෙසේදැයි විමසූ විට ඒ මොහොතේ ද මෙම කලිසම අයියගේ එකක් බවත් තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවත් සත්‍ය ප්‍රකාශ කළ ද ඒ සියල්ලම ගොතන ලද බොරුවක් යැයි පොලිස් නිලධාරීහු විශ්වාස කළහ.
අත්අඩංගුවට ගත් මොහු අධිකරණයට ඉදිරිපත් කෙරුණි. දඩ මුදලට අමතරව ගංජා මිටියක් ළඟ තබා ගෙන සිටීම නිසා දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට ද සිදුවිය.
(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයියාගේ කලිසමට මල්ලී දින 14 ක් කූඩුවට