IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චුට්ටේ අයියාගේ මාරයෝ යාළුවෝ

 

චුට්ටේ අයියා සමන් දෙවියන් වැඩ වසන ප්‍රදේශයක පදිංචිව සිටියේය. ඔහු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි. චුට්ටේ අයියා කිී විට ඔහු ගැන නොදන්නා කෙනකු නොමැති තරම්ය. හේ හිත හොඳ මිනිසෙකි. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියේය. කොටින්ම කිවහොත් ඔහු ගණන්කාරයෙකි. චුට්ටේ අයියාගේ වැඩ ගැන මෙම ප්‍රදේශයේම තවත් පිරිසක් ඔහු සමඟ අමනාපයෙන් සිටියහ. චුට්ටේ අයියා ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.


චුට්ටේ අයියා සතුව බලපත්‍ර සහිත ගිනි අවියක්ද තිබුණේය. ඔහු ඉඳහිට මිතුරන් සමඟ දඩයමේ යාමට ද පුරුදුවී සිටියේය. චුට්ටේ අයියා සමඟ සිටි ඇතැම් මිතුරෝ මිතුරු වෙසින් ඔහුට සමීපවී සිටියහ. ඔවුන් බලා සිටියේ චුට්ටේ අයියා කොයි මොහොතක හෝ උගුලකට හසුකර ගැනීමටය. හිතහොඳ මිනිසෙකු වූ චුට්ටේ අයියා තම මිතුරන් ගැන සැක කළේ නැත. එක් දිනක් චුට්ටේ අයියා හමුවීමට මිතුරෝ පිරිසක් පැමිණියහ. චුට්ටේ අයියේ අද දඩයමේ යමු. මිතුරෝ චුට්ටේ අයියාට කීහ. අද දඩයමේ යන්න බැහැ. මට වෙන වැඩ වගයක් තියෙනවා චුට්ටේ අයියා කීවේය. අනේ චුට්ටේ අයියේ චුට්ටේ අයියා නැතිව දඩයමේ ගිහින් වැඩක් නැහැ. අපි යමු. මිතුරෝ චුට්ටේ අයියාට බැගෑපත් වුහ.


 හරි හරි උඹලා කියන නිසා මම එන්නම් එසේ කියු චුට්ටේ අයියා පතරොම් තුවක්කුවත් රැගෙන මිතුරන් සමඟ දඩයමේ යාමට පිටත්වූහ. මෙය තමන්ගේ අවසන් ගමන බව චුට්ටේ අයියා සිහිනෙන්වත් නොසිතන්නට ඇත. දඩයමේ යද්දි චුට්ටේ අයියාට වෙඩි වැදිලා රෝහල් ගත කළාට පසු මිය ගිහින්.


 මේ පුවත ලැව් ගින්නක් සේ ගමපුරා පැතිර ගියේය. චුට්ටේ අයියා දඩයමේ යද්දි බොරු වළක වැටුණා. ඒ සමග ඔහු අත තිබු පතරෝම් තුවක්කුව පත්තු වුණා. චුට්ටේ අයියාගේ පපුවට තමයි වෙඩි වැදුණේ. චුට්ටේ අයියා සමග ගිය මිතුරන් කීහ. එහෙත් චුට්ටේ අයියාගේ මරණය ගැන පවුලේ ඥාතීන්ට සැකයක් ඇතිවී තිබුණි. එහෙත් මිතුරන් කී කථාව පවුලේ අය විශ්වාස කළහ. කෙසේ වුවද චුට්ටේ අයියාගේ මෘත දේහය ඉතා හොඳින් එම්බාම් කරන ලෙස පවුලේ අයෙක් කීය.


චුට්ටේ අයියාගේ අවසන් කටයුතු සිදුකොට හත් දවසේ දානමය පිංකම ද අවසන් විය. එහෙත් චුට්ටේ අයියාගේ මරණය ගැන ගම පුරා විවිධ කථා පැතිර ගියේය. චුට්ටේ අයියා මරලා තියෙන්නේ වෙඩි තියලා. ඔහුත් එක්ක ගිය කළුවා තමයි වෙඩි තියලා තියෙන්නේ. මෙවැනි කථා පැතිර ගියේ විදුලි වේගයෙනි. මේ අතර මාසයකට පමණ පසු චුට්ටේ අයියාගේ මරණය සැක සහිත බව පවසමින් පෙත්සමක් ලැබුණි. ඒ අනුව පළාතේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව චුට්ටේ අයියාගේ මෘත දේහය ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කෙරිණි. නැවත ගොඩගනු ලැබු චුට්ටේ අයියාගේ මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතාය.


 විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා චුට්ටේ අයියාගේ මළ සිරුර නැවත විච්ජේදනය කළේය. මොහුගේ ඇඟිලිවල තැළීම් තුවාල විය. ඉක්බිත අධිකරණ වෛද්‍යවරයා විසින් සිද්ධිය වූ ස්ථානයද නිරීක්ෂණය කළේය. සිද්ධිය වූ ස්ථානයේ ඡයාරූපද අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ඒම ඡයාරූප  හා වෙඩිවැදි ඇති දිශාව අනුව මොහුගේ මිතුරන් කියන කථාව පරස්පර විය. වෙඩි වැදුණු අවස්ථාවේ ඉහළ සිට පහළට  රුධිරය ගලාගෙන ගොස් තිබුණි. මෙකී පුද්ගලයා වාඩිකරවා වෙඩි තබා ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ  නිගමනය විය. චුට්ටේ අයියාට වෙඩි තබා ඔහු ඔසවාගෙනවිත් වෑන් රථයකට දමාගෙන  මිතුරන් විසින්ම රෝහල්ගත කොට ඇති බව පරීක්ෂණ වලදි අනාවරණය විය. ඔහු ඔසවාගෙන  එන විටදී වැටී තිබු ලේ පැල්ලම්ද අධිකරණ වෛද්‍යවරයාගේ සියුම් නිරීක්ෂණයට ලක්විය.


චුට්ටේ අයියාගේ මිතුරන් ප්‍රකාශ කරන සාක්ෂි හා සැසඳීමේදි සැක පහළ වූ බව අධිකරණ වෛද්‍යවරයා තින්දු කළේය. චුට්ටේ අයියා සමග පැවති පැරණි අමනාපයක් නිසා  මොහුගේ මිතුරන් චුට්ටේ අයියාට පහරදී වාඩි කරවා වෙඩි තබා ඝාතනය කොට ඇති බැව් පරීක්ෂණ වලදී අනාවරණය විය..


අපරාධයක සුලමුල සොයා යන ගමනේදි මූලික හා ස්ථිර අත්තිවාරම ලෙස අධිකරණ වෛද්‍ය විද්‍යාව හැඳින්විය හැක. කොටින්ම කිවහොත් මළවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  අපරාධකරුවන් අධිකරණය ඉදිරියට කැඳවන ඉසිවරුන් වන්නේ අධිකරණ වෛද්‍යවරුන්ය. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණය කරගත්  තොරතුරු අසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි.


(මෙහි එන නම්ගම් මන:කල්පිතය)
(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)

 



අදහස් (0)

චුට්ටේ අයියාගේ මාරයෝ යාළුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site