(මහියංගණ - රංජිත් කරුණාවීර)
මගී බස් රථයක වෙන්කර තිබූ ආසනයක වාඩිවී සිටි වෛද්‍යවරයකු බව කියන පුද්ගලයෙකු බස් රථයට ගොඩවූ සංඝයාවහන්සේලා පිරිසකට එම ආසනය ලබා නොදී දෙනෝදහක් මගීන් ඉදිරිපිට සිය දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වා මගීන්ද සමග බස් රථය පොලීසියට රැගෙන යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
කොළඹ - බිබිල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රියකි. බස් රථයේ පූජ්‍ය පක්ෂයට වෙන්කර තිබූ ආසනයේද මගීහු වාඩිවී සිටියහ.
බස් රථය වරකාපොළ ප්‍රදේශයට ලඟා වෙද්දී බසය නතර කළ පසු සංඝයාවහන්සේලා තුන් නමක් ඊට ගොඩ වූවේ බිබිල නගරය වෙත යාමේ අපේක්ෂාවෙනි.
සංඝයාවහන්සේලාට හිමි ආසනය ලබා දීමට එහි වාඩිවී සිටි පිරිසක් කැමැත්ත පළ කළද එහි සිටි වෛද්‍ය අධිකාරීවරයෙකු යැයි කියාගත් අයෙකු ක්‍රියා නොකිරීම නිසා ඊට මැදිහත්වූ කොන්දොස්තරවරයා සංඝයාවහන්සේලාට හිමි ආසනය ලබා දෙන ලෙස ඔහුගෙන් කාරුණික ඉල්ලීමක් කළේ එය සිදුවියයුත්තක් බවට ඒත්තු ගන්වමිනි. එහෙත් ආසනය දීම ප්‍රතික්ෂේප කළ හෙතෙම කොන්දොස්තර සමග පැටළුණේ සිය අයිතිවාසිකම් පිළිබඳව පවසමිනි. දෙපිරිස අතර ඇතිවූ කතාබහ බැණ ගැනීමක් දක්වා දුර දිග ගිය අතර එහි සිටි රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ලෙස හඳුන්වාගත් පුද්ගලයා සිද්ධියට විරෝධය පාමින් මහනුවර නගරයෙන් බැස ගියේ දැඩි කෝපයකිනි.
අනතුරුව හෙතෙම ඒ පිළිබඳව සිය දේශපාලන ඥාතියෙකුට ද ඒ බව දුරකතනයෙන් දැන්වීමට ක්‍රියා කළ අතර දේශපාලකයාගේ අනුහසින් බස් රථයේ ගමනාන්තය වෙනුවට මගීන්ද සමග බස් රථයට මහියංගණ පොලීසිය වෙත යාමට සිදුවිය. මේ හේතුවෙන් බිබිල බලා යාමට පැමිණි මගීහුද දැඩි අපහසුතාවකට පත්වූහ.
අවසානයේ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතාට ද මැදිහත්වන්නට සිදුවිය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බසයේ අසුනක් බෙදාගන්න බැරිව දොස්තර දේශපාලන හයිය පෙන්වලා
jayantha Thursday, 14 June 2018 03:59 AM
ඔහොම හැසිරුණහම දොස්තරට ලැජ්ජයි....
lanka Thursday, 14 June 2018 05:21 AM
දොස්තරලානේ. දැන් ඉන්න දොස්තරලට හැදියාවක් නෑ