IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඔප්පුවක් හොරාගෙන ගෙවත්තේ වළලලා

(ඇහැලියගොඩ ආරියවංශ පැල්පිටිය)
ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබූ ඔප්පුවක් සොරකම් කර ගෙන ගොස් ඔහුගේ ගෙවත්තේ වළලා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.


රාත්‍රී කාලයේ මෙම නිවසේ නිවැසියන් නොසිටි අතරේ පිටුපස දොර කඩා ඇතුළුවී එහි තිබූ ක්‍රෙඩිට් කාඞ් පතක් සහ ඔප්පුව සොරාගෙන එම ඔප්පුව ඔහුගේ ගෙවත්තේ වළලා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.


සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජී.ඩබ්ලිව්.එල්. ලාල් රවීන්ද්‍ර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක කේ.එස්.ආර්. විජයසිරි පොලිස් කොස්තාපල් සංජය (79808) යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගත්හ.

 



අදහස් (0)

ඔප්පුවක් හොරාගෙන ගෙවත්තේ වළලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site