මාවතගමට වල් අලියකු කඩාවැදුණු බවට මාවතගම පුරා පැතිර ගිය ආරංචිය නිසා ප්‍රදේශවාසීහු නොසන්සුන් වූහ.

වල් අලියකු පැමිණි මුල්ම අවස්ථාව මෙය වූ නිසා ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ රැසක් ගම්බිම් පුරා සිසාරා කරුණු සොයන්නට වූහ. වල් අලියා ආගිය තැන් ඇසූ දුටූ ජනතාව ජනමාධ්‍ය වෙත කරුණු කීහ.
ඒ අතර එක් පුද්ගලයෙක් එක්තරා රූපවාහිනී නාලිකාවක කැමරාව ඉදිරියට පැන අලියාගෙන් සිදුවූ අලාභ හා වැට කඩුළු කඩා බිඳ දැමීම පිළිබඳ විස්තර හා ප්‍රකාශයක් ද කළේය.
තම ඡායාරූප හා ප්‍රකාශය එදිනම රාත්‍රී නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය වීමෙන් ඔහු සතුටින් ඉපිලිණි.
දින දෙක තුනක් ගතවීයත්ම රූපවාහිනී මාධ්‍යවේදියා වෙත දුරකථන ඇමතුමකි. රෝහලක ප්‍රතිකාර ලබන රෝගියකුගෙනි. ඔහු කෙඳිරි ගාමින් මාධ්‍යවේදියාට කතා කළේය.
“මල්ලී, මම එදා අර වල් අලියා ගැන විස්තර කීවෙ... ඒ අයියා කතා කරන්නේ. ඒකා දවස් තුනකට පස්සේ ආපහු යන ගමන් මගේ ගෙවත්තට ඇවිත් මට පාරවල් කීපයක්ම පයින් ගහලා පිඹලා ගියා. වෙන කාටවත්ම කරදරයක් නෑ.”
වල් අලියා දින දෙක තුනක් සැරිසරා එම ප්‍රදේශයෙන් ආපසු ගොස් තිබිණි.
මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවිකාරයෝ තරහටත් එක්ක අලියට මත්වතුර පොවලා ගෙය පෙන්නන්න ඇති...