IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අලියා ‘රිටන්’ එක දීලා නියමෙට

මාවතගමට වල් අලියකු කඩාවැදුණු බවට මාවතගම පුරා පැතිර ගිය ආරංචිය නිසා ප්‍රදේශවාසීහු නොසන්සුන් වූහ.


වල් අලියකු පැමිණි මුල්ම අවස්ථාව මෙය වූ නිසා ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ රැසක් ගම්බිම් පුරා සිසාරා කරුණු සොයන්නට වූහ. වල් අලියා ආගිය තැන් ඇසූ දුටූ ජනතාව ජනමාධ්‍ය වෙත කරුණු කීහ. 


ඒ අතර එක් පුද්ගලයෙක් එක්තරා රූපවාහිනී නාලිකාවක කැමරාව ඉදිරියට පැන අලියාගෙන් සිදුවූ අලාභ හා වැට කඩුළු කඩා බිඳ දැමීම පිළිබඳ විස්තර හා ප්‍රකාශයක් ද කළේය.


තම ඡායාරූප හා ප්‍රකාශය එදිනම රාත්‍රී නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය වීමෙන් ඔහු සතුටින් ඉපිලිණි.


දින දෙක තුනක් ගතවීයත්ම රූපවාහිනී මාධ්‍යවේදියා වෙත දුරකථන ඇමතුමකි. රෝහලක ප්‍රතිකාර ලබන රෝගියකුගෙනි. ඔහු කෙඳිරි ගාමින් මාධ්‍යවේදියාට කතා කළේය. 


“මල්ලී, මම එදා අර වල් අලියා ගැන විස්තර කීවෙ... ඒ අයියා කතා කරන්නේ. ඒකා දවස් තුනකට පස්සේ ආපහු යන ගමන් මගේ ගෙවත්තට ඇවිත් මට පාරවල් කීපයක්ම පයින් ගහලා පිඹලා ගියා. වෙන කාටවත්ම කරදරයක් නෑ.” 


වල් අලියා දින දෙක තුනක් සැරිසරා එම ප්‍රදේශයෙන් ආපසු ගොස් තිබිණි. 


මාවතගම කාන්චනමාලා බණ්ඩාර)

 



අදහස් (2)

අලියා ‘රිටන්’ එක දීලා නියමෙට

sarath perth Saturday, 14 July 2018 03:17 AM

වනජීවිකාරයෝ තරහටත් එක්ක අලියට මත්වතුර පොවලා ගෙය පෙන්නන්න ඇති...

:       3       26

jayaSunday, 15 July 2018 10:51 AM

නෑ, අලියා නිව්ස් බලලා.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site