සිදුවීමට ගිය මහ විපතක් වැළැක්වීමට ගිය තරුණයකුට බඩ කඩ පුරා ගුටි කෑමට සිදුවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්නයෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය. කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහු නිවසට පැමිණෙන්නේ සති දෙකකට පමණ පසුය. එසේ පැමිණෙන ඔහුට තම බිරියගෙන් ලැබෙන ලයිස්තුවකට අනුව නිවසට අවශ්‍ය එළවළු, තුනපහ ඇතුළු සියලු කළමනා ගෙන ඒමට සිදුවීම සාමාන්‍ය සිරිතකි.
එදිනත් ඔහු සුපුරුදු පරිදි ඒ සඳහා පිටත්වූයේ නිවසේ වූ ත්‍රිරෝද රථයෙන් තම කුඩා දරුවන් තිදෙනාද සමඟිනි.
බිරියගෙන් ලැබුණු ලැයිස්තුවට අනුව එකම වහලක් යටින් ඒ සියලුම බඩු මිලදී ගත නොහැකි බව දත් ඔහු තම ත්‍රිරෝද රථය තැන තැන තම දරු තිදෙනාද සමඟින් නවතා දමමින් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කළේය.
එසේ නවතා ගිය ත්‍රිරෝද රථය එක් ස්ථානයකදී කෙමෙන් කෙමෙන් පසුපසට ඒමට පටන් ගැනීම නිසා එහි සිටි දරුවන් තිදෙනා මර හඬ දෙමින් කෑ ගසන්නට වූයේ මේ අතරවාරයේය.
සිදුවීමට යන මහ විපත දුටු ඒ අසිලින් ගිය තරුණයකු වහා ත්‍රිරෝද රථයට නැඟ එය නවතා දැමීමට උත්සාහ ගන්නවාත් සමඟම තම දරුවන්ගේ කෑ ගැසීම් හඬ ඇසී එතැනට පැමිණි දරුවන්ගේ පියා තම ත්‍රිරෝද රථය දරුවන්ද සමඟින් තරුණයෙකු පැහැරගෙන යාමට සැරසෙතැයි සිතා ඔහුට දිගට හරහට පහර දීමට පටන් ගත්තේ දරුවන්ගේ ඇඬීමේ හඬද තව තවත් තීව්‍ර කරමිනි.
කෙසේ නමුත් අදාළ සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනෙක් වහා ක්‍රියාත්මකවී සිදුවූ සිද්ධිය පැවැසීමෙන් පසු තම දරුවන්ගේ නාමයෙන් තමාගෙන් වූ වරදට සමාවගෙන ඔහු තම දරුවන් තිදෙනාද සමඟින් ත්‍රිරෝද රථයේ නැඟී නැවත ලහි ලහියේම තම නිවස කරා ගිය බව වැඩිදුරටත් වාර්තාවේ.
(කටුගස්තොට-ධම්මික ගුණවර්ධන)
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජීවිත බේරාගන්න ගිහින් කළ හොඳ පස්සෙන් ඇවිත්