(රක්වාන ඩබ්ලිව්. ඒ. සිරිසේන)
ගැබිනි බිරියගේ දොළදුකට කන්න දන්සල් බත් ගේන්න ගිය සැමියා තවත් කාන්තාවක සමග තොරණ බලන්න ගොස් ඇතිවූ පවුල් ආරවුලක් සම්බන්ධ සිද්ධියක් පසුගිය පොසොන් පොහොය දවසේ රක්වානට නුදුරු ගම් ප්‍රදේශයකින් වාර්තා විය.
ඉකුත් පොසොන් පොහොය දිනයේ සැමියා අමතමින් බිරිඳ ‘අද ඔයා වැඩට යන්නේ නැති එකේ ටවුමේ තියෙන දන්සලට ගිහිල්ලා බත් පාර්සලයක් ගේන්න කෝ මටත් දන්සල් බත් කන්න ආසාවකුත් තියෙනවා’ යනුවෙන් පැවසුවාය. බිරිඳගේ ඇකයේ සිටි දරුපැටියාගේ මුහුණද සිඹ ඩෙනිම් කලිසමකින් හා ඊට ගැලපෙන කමිසයකින්ද සැරසී සැමියා නිවසින් පිටව ගියේය.
එදින මැදියම් රාත්‍රිය වනතුරුත් සැමියා ආපසු නිවසට පැමිණියේ නැත. ඒ ගැන සිතමින් කල්පනාවේ සිටි බිරිය රාත්‍රියේ නින්දට වැටුණේ නිරාහාරවය. ඒ අතරේ අලුයම් කාලයේ නිවසට පැමිණි සැමියාට ද ඉස්තෝප්පුවේ තිබුණ පුටුවක් මත නින්ද ගොස් ඇත. පසුදින දහවල් බිරියට දැනගන්නට ලැබුණේ අමිහිරි ආරංචියකි. තොරණපළේ රටකජු වෙළඳාමේ යෙදුණ අසල්වැසි වැඩිහිටි මාමා කෙනෙක් ඇයට පැවසුවේ ‘දුවේ මම ඊයේ රාත්‍රියේ තොරණපළේදී දැක්කා උඹේ මනුස්සයා තවත් ගෑනු කෙනෙක් එක්කල ජෝඩු දාගෙන තොරණ බලනවා’
මේ ආරංචිය කනවැකුණ බිරිය මාරාවේශයෙන් නිවසට ගොස් ‘මම යනවා අපේ අම්මලාගේ ගෙදර හැබැයි මීට පස්සේ ජීවිතේට තමුසෙත් එක්කල පවුල් කන්නේ නැහැ කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දාලයි යන්නේ’ යැයි ඇය පැවසුවාය. දරුවාද වඩාගත් බිරිය නිවසින් පිටවී යන දෙස සැමියා බලා සිටියේ සිදුවූ කිසිදෙයක් නොදන්නා අයෙකු මෙනි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
බිරියගේ දොළදුක නිවන්න ගිහින් සැමියා තහනම් ගහක පැටලිලා