(වියලුව වාර්තාකරු)
පාසල් දරු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති සීල භාවනා වැඩසටහන් සඳහා පරිත්‍යාගශීලියකු විසින් ලබාදුන් යෝගට් තොගයක් එම දරුවන්ට නොදී වැඩසටහන සංවිධානය කිරීම සඳහා පැමිණ සිටි මව්පියන් පිරිසක් එක්ව බෙදාගත් බව කියවෙන පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
නගරබද පාසලකි. නිරන්තරයෙන් දරුවන් ගුණ දහම්වලට යොමු කළ විදුහලේ ගුරු මණ්ඩලය පාසලේ සීල භාවනා වැඩසටහනක් සංවිධානය කළේ දරුවන්ගේ මව්පියන් ද සහභාගි කර ගනිමින්ය.
සිල් සමාදන් වූ දරුවන් මෙන්ම ගුරු පිරිස වෙනුවෙන් දාන මානාදිය පිරිනැමුණේ ද මව්පියන් හා ප්‍රදේශයේ දානපතියන්ගේ සහභාගිත්වයෙනි. දහවල් දානයෙන් පසුව සිල් පිරිස වෙනුවෙන් බෙදාදීම සඳහා යෝගට් පාර්සලයක් රැගෙන පැමිණි ප්‍රදේශයේ දානපතියකු එම පාර්සලය මවුපියන් පිරිසක් අත තැබුවේ ‘මට හදිසි වැඩක් තියෙනවා. ඔයාලා මේක සිල් සමාදන් වුණු දරුවන්ට බෙදන්න. මම ගිහින් එන්නම්’ යැයි පිරිසට පවසමිනි.
යෝගට් පාර්සලය දිග හල එක්තරා කාන්තාවක් ඉන් යෝගට් තුන හතරක් සිය ගමන් මල්ලට දමා ගත්තේ ‘ගෙදර ඉන්න පොඩි උන් දෙන්නට’ යැයි පිරිස සමග පවසමිනි.
එය බලා සිටි තවත් කාන්තාවක් ද එයින් යෝගට් කීපයක් සිය පසුම්බියේ දමාගෙන ඇත්තේ ‘මටත් ගෙදර පොඩි උන් තුන් දෙනෙකු ඉන්නවා’ යැයි සෙසු පිරිසට පවසමිනි.
මේ අයුරින් එහි සිටි කීප දෙනකුම විවිධ හේතු දක්වමින් යෝගට් හත අට බැගින් සිය ගමන් මලුවල දමා ගැනීම හේතුවෙන් යෝගට් පාර්සලයෙන් හරි අඩකටත් වඩා අතුරුදන්ව ඇති අතර සිද්ධිය මුල සිට බලා සිටි තවත් මව්පියන් පිරිසක් පවසා ඇත්තේ ‘දැන් ඉතින් දරුවන්ට දෙන්න වෙන්නේ යෝගට් බාගේ ගානේ තමයි, ඒ නිසා උඹල ඔය ටිකත් බෙදා ගනිල්ලා’ යනුවෙනි.
කෙසේ වෙතත් ඒ කීම තඹයකට මායිම් නොකළ පිරිස එම ස්ථානයෙන් හිමින් සීරුවේ මාරුවෙද්දී එහි සිටි තවත් අයකු පවසා ඇත්තේ ‘ඔව්වගේ සීතල ඉවර වෙන්න කලින් ගෙදර පලයල්ලා’ යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ වැරදි අනුමත කරන්න බැහැ. නමුත් සුන්දර වරදක්. රටේ මහා අය කරන වැරදි විදිහට මේක අහලා හිනත් යනවා. සුන්දර වරදක්.....
සිල් ගත්ත ළමයින්ට, බෙදාදෙන්න කියලා පරිත්‍යාග කරපු, යෝගට් ටික හොරෙන් ගත්ත එක සුන්දර වරදක් වෙන්නේ කොහොමද? මේ වාගේ හිතන මිනිසුන් නිසා තමයි අපේ මව්බිම අසුන්දර වෙලා තියෙන්නේ.
මේවා සුන්දර ලෙස දකින්නේ පට්ට හොරු