(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සෙනසුරු මාරුව අද දහවල් 12.30 ට යන දැන්වීම පෙරේදා (30) උදෑසනම රූපවාහිනි නාළිකාවක ප්‍රචාරය වීමත් සමගම ස්වාමි පුරුෂයකු පැය හතරක් බිරියගේ නිවාස අඩස්සියේ සිටි අපූරු පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.
ඔහුගේ ජීවනෝපාය වූයේ ධීවර රැකියාවයි. මේ නිසාම ඔහු සිය රැකියාව සඳහා පෙරේදා (30) උදෑසන අම්බලන්ගොඩ ධීවර වරායට ගියේ එහෙයිනි. මේ අතර නිවසේ වැඩපළේ යෙදී සිටි ඔහුගේ භාර්යාවට රූපවාහිනි නාළිකාවක ප්‍රචාරය වූ සෙනසුරු මාරුව අද 12.30ට යන ප්‍රකාශය අසන්නට ලැබුණි. ඒ සමගම කලබල වූ ඇය රැකියාවට ගිය සැමියාට දුරකථන ඇමතුමක් දුන්නේ හදිසියක් වහාම ගෙදර එන ලෙස කියමින්ය. මේ කිසිත් නොදත් ඔහු හනි හනිකට නිවසට ආවේ හදිසිය මොකක්ද යන්න පිළිබඳව සොයා බැලීමටය.
ඔහු නිවසට පැමිණි පසු භාර්යාව සිය නිවසේ දොරගුළු දා යතුරු සියල්ලම අතට ගත්තාය. මෙයින් අන්දුන්කුන්දුන් වූ ඔහු මේ මොකදැයි ඇසුවේ කවදාවත්ම මෙහෙම දෙයක් මින් පෙර නොවූ නිසාය. මොකද මේ කියා ඔහු සිය භාර්යාවගෙන් ඇසුවේය. ඒ සමගම කට හඬ අවදි කළ ඇය කීවේ අද 12.30ට සෙනසුරු මාරුවක් තියෙනවා. ඔයාටත් සෙනසුරුනේ තියෙන්නේ. ඒකනිසා ඔයා 2.30 වෙනකම්ම ගෙයින් එළියට බහින්න එපා කියාය. සිය රැකියාව අතරමග දමා ආ නිසා එහි කටයුතු නිමා කිරීමට ඔහුට යාමට අවශ්‍ය වුවත් සිය භාර්යාව නිවසේ දොර යතුරු දමා තිබූ නිසා එය නොහැකි විය.
දහවල් 12.30ට ඔහු සිය නිවසේ රූපවාහිනිය දැමුවේ මේ කියූ සෙනසුරු මාරුව පිළිබඳව පැවසූ නාළිකාවෙන් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමක් කරාවි යන අදහසින්ය. නාළිකාවෙන් ඒ අවස්ථාවේ දී ප්‍රචාරය වූවේ සෙනසුරු මාරුව යන නමින් හැඳින්වූ චිත්‍රපටයකි.
ඔහුට දෙවියන් බුදුන් සිහි වුණේ එවිටය. යළිත් අම්බලන්ගොඩ ධීවර වරායට ආ ඔහු තමන්ට සිදුවූ දේ කීවේ රැකියාව අතරමග දමා යෑමට හේතුව සිය මිතුරන්ට පවසමින්ය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෙනසුරා මාරුවෙලා: සැමියා පැය 4 ක් ගෙයි හිරවෙලා