IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කසිප්පු බෝතලයකුත් ඉනේ ගහගෙන පොලිස් ‘බයික් එකට’ නැගලා

(අඟුණකොළපෑලැස්ස විමල් ගරුසිංහ)
පොලිසිය ඉකුත් 13දා රාත්‍රි කසිප්පු තිප්පොළක් වටලමින් සිටියදී කසිප්පු බෝතලයක් ඉනේ සඟවාගත් අයකු පොලිසියෙන් බේරීමට දිවගොස් මෙහෙයුමේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ යතුරුපැදියට නැගගත් සිද්ධියකි මේ.


කාලයක සිට ගොන්නොරුව වැලිපොකුණගම එක්තරා පුද්ගලයකු කසිප්පු ජාවාරමක් කරගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.


මේ පිළිබඳව අවධානය යොමු කළ මාතර හම්බන්තොට දෙදිසාවේ නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා දිසා විෂ මත්ද්‍රව්‍ය තංගල්ල ඒකකයට අදාළ කසිප්පු තිප්පල වටලන ලෙස උපදෙස් දී ඇත.


ඒ අනුව පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඉකුත් 13දා ඇඳිරි වැටෙන විට කසිප්පු තිප්පොළ වැටලූහ.


පොලිස් නිලධාරීන් කීපදෙනකු කසිප්පු තිප්පොළට අඩ අඳුරේ ළඟා වෙද්දී පොලිස් කොස්තාපල් (40458) දිසානායක මහතා තවත් පැත්තකින් යතුරුපැදියකින් යද්දී අඳුරේ දුවගෙන ආ අයකු යතුරුපැදිය නවතා “අනේ මහත්තයෝ මමත් දාගෙන යන්නැයි” යතුරුපැදිකරුගෙන් ඉල්ලා ඇත. යතුරුපැදිකරු ඔහුට නගින්නැයි කීය.


“වෙලාවෙ හැටියට මහත්තයා දෙවියෙක් වගේ මට පිහිට වුණේ. මම ගෙදරකට ගියා කසිප්පු බෝතලයක් ගන්න. පොලිසිය පැන්නා. මම හනික බෝතලයක් අරගෙන දුවනකොට තමයි මහත්තයා හම්බවුණේ” යතුරුපැදියේ පිටුපස වාඩිවුණු ආගන්තුකයා කීය.


“හරි.... හරි... කමක් නෑ. බයවෙන්න එපා යමු” කියා කොස්තාපල් දිසානායක මහතා සෙසු පොලිස් නිලධාරීන් සිටි තැනට ගොස් යතුරුපැදිය නතර කළේය.


ආගන්තුකයාට දෙවියන් සිහි වුණේ එවිටය. මිලිලීටර් 25,000ක් සමග කසිප්පු ජාවාරම්කරු අත්අඩංගුවට ගත් පොලිසිය, ආගන්තුකයා ද අත්අඩංගුවට ගෙන පොලිස් රථයට නංවාගෙනැවිත් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට හම්බන්තොට පොලිසියට භාර දෙන ලදී.


දිසා විෂ මත්ද්‍රව්‍ය තංගල්ල ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඊ.එල්.ඒ. උපසේන, සැරයන් ජගත් (32045), කොස්තාපල්වරුන් වන දිසානායක (40458), ශ්‍රීමාල් (60755), හේරත් (60624) යන මහත්වරුන් මෙම වැටලීම සිදු කර ඇත.



අදහස් (0)

කසිප්පු බෝතලයකුත් ඉනේ ගහගෙන පොලිස් ‘බයික් එකට’ නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site