IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුලියට මවකුත් අරන් පෙම් යුවළක්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
උසස් අධ්‍යාපනය ලබන පෙම්වතුන් යුවළක් කුලියට යොදාගත් මවක සමඟ පැමිණ සහෝදරයන් ලෙස පෙනී සිටිමින් නවාතැනක කාමරයක් කුලියට ගැනීමේ සිද්ධියක් කොළඹින් දකුණේ පිහිටි නගරයකින් වාර්තා විය. ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා සේවාවන් සලසන නවාතැන්පළකි. මව පුතා සහ දියණිය සමඟ එහි පැමිණියෝය.

නවාතැනේ හිමිකාරිය හමු වූ මව පැවැසුවේ තම දරුවන් වන අක්කාත් මල්ලීත් ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත්වීමට සුදුසුකම් ලබා ඇති බවයි. ඔවුන්ට නේවාසික පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලුවේ දාරක ප්‍රේමය ඉස්මතු කරමිනි. එක කාමරයක් ලැබුණත් සෑහීමකට පත්වන බව අම්මා පැවැසුවාය. ඒ වනවිට එක් කාමරයක යුවතියක නේවාසිකව සිටි බැවින් අක්කාට එම යුවතිය සමඟ සිටීමටත් තරුණ මල්ලීට වෙනම කාමරයකුත් ලබාදීමට නවාතැනේ හිමිකාරිය පියවර ගත්තේ මවගේ ඉල්ලීම ඉහත දැමිය නොහැකි බැවිනි. සතියක් දෙකක් ගත විය.

කාමරයේ සිටි යුවතියට මේ අක්කාගේත් මල්ලීගේත් වෙනසක් දක්නට ලැබිණි. ඔවුන්ගේ හැසිරීම සොහොයුරු පෙමකට වඩා ආදරවන්තයන්ගේ හැසිරීමකට සමාන බව ඇයට හැඟී ගියාය. ඇය තවදුරටත් ඔවුන් පරීක්‍ෂාවට ලක් කරන්නට කල්පනා කළාය. අන්තිමේ ඇය ජය ගත්තාය. අක්කාගේ වාසගම නම ලිපිනය එකක්ය. මල්ලීගේ වාසගම නම ලිපිනය වෙනත් එකක් බව ඇයට සොයා ගන්න ලැබිණි.

තවදුරටත් සොයා බලද්දී මල්ලී ලෙස හැඳින්වුවත් තරුණයා අක්කාට වඩා වැඩිමහල් බව ද මේ දෙන්නාගේ නිවෙස්වල කිසිවෙක් මේ සිදුවීම ගැන නොදන්නා බව ද නවාතැන සොයා ගැනීමට පැමිණි මව නගරයෙන් සොයා ගත් කුලී මවක බව ද අනාවරණය වූයේය. ඇය මේ බව නවාතැනේ හිමිකාරියට දන්වුවත් ඇයට දෙදෙනකුගේ නේවාසික ගාස්තුව වටිනා බව පැවැසීමෙන් පසු තරුණිය වෙනත් නවාතැනක් සොයා ගියේ තමන්ගේ ආරක්‍ෂාව සලසා ගත යුතු නිසාය.



අදහස් (3)

කුලියට මවකුත් අරන් පෙම් යුවළක්

රුවන් Tuesday, 26 June 2018 05:43 AM

අපේ ළමයින්ට අවුරුදු තිහ හතලිහ පැන්නත් අම්ම එන්න ඕනි හැම දේම කරලා දෙන්න. මොන එහෙකට මෙහෙම අධීන ළමයි හදනවද මන්දා.?

:       1       75

himal Tuesday, 26 June 2018 07:25 AM

දෙන්නාම වැඩිහිටියන් නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් ඉන්නේ ගෙවල් වලට කරන්න දෙයක් නෑ. අද කාලේ උසස් අධ්‍යාපනය ලබන ගොඩක් දෙනෙකුගේ විවාහ ප්‍රමාද වෙන එකේ මෙවැනි දේ සිදුවෙන එක පුදුමයක් නොවෙයි.

:       0       233

sena Tuesday, 26 June 2018 01:27 PM

ගානක් නැහැ ඉස්කෝලේ යන ළමයි නොවෙයිනේ...

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site