(මාවතගම කාන්චන මාලා බණ්ඩාර විසිනි)
තමා පැලඳ සිටි ඇස් කණ්ණාඩිය නැති වී යැයි මුළු ගෙදරම හොයලා පැය ගණනාවක් සෙවූ කණ්ණාඩිය තම හිසේ තිබියදී මුණබලන කණ්ණාඩියෙන් දැක ලැජ්ජාවුණු එක් සත්‍ය කතාවත් මාවතගමින් ඇසේ.
ඔහු මැදි වයසේ පාසල් ගුරුවරයෙකි. පාසල අවසන් වී නිවස බලා ගිය ඔහු වත්තේ මිදුලේ විවිධ වැඩ පළ කරන්නට හුරු වී සිටියේය. ඉන්පසු සවස් වරුවේ පුවත්පත කියවන්නට පුරුදු වී සිටි හෙතෙම තම කණ්ණාඩිය නැති වී නිවස පුරාම සොයා බැලුවේය. පොත් මල්ලේ සහ තමා සිටි සෑම තැනකම සොයා බැලුවත් හමු නොවිණි. පැය 2ක් 3ක් ම සොයා බලා නැති තැන ඔහු නැවත කාමරවලට එබී බලද්දී ඔහුගේ නළල උළුවස්සේ වැදිණි. එහි වේදනාව වැඩි තැන ඔහු මූණ බලන කණ්ණාඩියෙන් තම නළල බැලුවේ තුවාල වී ඇත්දැයි පරීක්ෂා කිරීමටය. නළලට ඉහළින් තම හිසේ පැලඳ සිටින ඇස් කණ්ණාඩිය ඔහු දුටුවේය. මෙතෙක් පැය ගණනක්ම එය සෙවූ බව ඔහුටම වැටහිණි. ඔහු කිසිවකුටත් එය නොකීවේලු.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කණ්ණාඩියේ රහස උළුවස්ස අස්සේ
නාමල් බබා Monday, 02 July 2018 02:41 AM
කිසිවකුට කීවේ නැත්නම් ඔයා දන්නෙ කොහොමද?
ramaTuesday, 03 July 2018 09:26 AM
එකෙන් තේරෙනවා මේක බොරු කතාවක් කියල