(මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න ගෙනි)
ඇය මාතලේ ප්‍රදේශයේ විශ්‍රාමික පාසල් ගුරුවරියකි. දැනට අමතර පංතියක් පවත්වන්නීය.

නිවසේ සිටින මීයන්ගෙන් ඇය මහත් අපහසුතාවට පත්වූවාය. මේ බව අමතර පංතියට සහභාගී වුණු දරුවන්ට ද පැවැසුවේ පූස් පැටියෙක් ගෙන්නා ගැනීමේ අදහසිනි. අමතර පංතියේ ළමයකු ගෙනැවිත් දුන් පූස් පැටියා මැදි වියෙහි පූසෙකු වුවත් ගුරුවරිය ඌ ආදරයෙන් හදා වඩා ගත්තාය.
ඌ පූසෙකු නොව පූසියෙකු බව නිවැසියන්ගේ අදහස වීය. මේ පූසි පැටව් ගැසුවොත් මහත් කරදර හිරිහැර විඳින්න සිදුවන බව තම දරුවෝද කියන්නට ගත්හ. මේ ගැන ගුරුවරියද තම අවදානය යොමු කළාය.
ඇගේ සැමියාගේ පවා අදහස වූයේ පූසියට උපත් පාලන සැත්කමක් කළ යුතු බවය. ඒ සඳහා ඇය පූසාද කැටුව ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයට ගියේ ත්‍රිරෝද රථයකිනි. පශු වෛද්‍යවරයාද උපත් පාලන සැත්කමකට සුදානම් විය.
සැත්කම කිරීමට පෙර පූසියට සිහි මුරුජා කිරීමට වෛද්‍යවරයා එන්නතක් ලබා දුන්නේය. පූසි සිහි මුර්ජා විණි. අනතුරුව වෛද්‍යවරයා උපත් පාලන සැත්කමට සූදානම් වෙද්දී වෛද්‍යවරයා පූසි අයිතිකාර ගුරුවරියගේ මුහුණ දෙස බලා බිම බලා ගත්තේය. ඌ පූසියක් නොව පූසෙකු බව පශු වෛද්‍යවරයා පැවැසුවේය.
කර කියාගත දෙයක් නොමැතිව පූසා අයිතිකාර ගුරුවරියට මෙන්ම පශු වෛද්‍යවරයාට පැය කීපයක් රැඳී සිටීමට සිදුවූයේ පූසාට යළි සිහිය එනතුරුය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
උපත් පාලන සැත්කමට ගෙන ගිය ගෑනි දොස්තර ළඟදි පිරිමියෙක්