IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොරකමක් කරලා එතැනම නින්ද ගිහිල්ලා

පන්සලේ පින් පෙට්ටිය කඩා බුදු මැදුරේ නින්දගොස් සිටි පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ අතටම අසුවීමේ පුවතක් කන්ද උඩරට විහාරස්ථානයකින් වාර්තා විය.


සිද්ධිය සැකෙවින් මෙසේය.


විහාරස්ථානය ආසන්න ගමක පදිංචි ඔහු දෑතේ දෙපයේ රැකියාවකට ඇලුම් නොකළ එහෙත් මත්පැනට තදින්ම ලොල් වූ පුද්ගලයෙකු ලෙස කවුරුත් දන්නා පුද්ගලයෙකි.


මතට අවශ්‍ය හදිස්සි මුදල් අවශ්‍යතාව පිරිමසා ගැනීමට ඔහුගේ එදින ඉලක්කය වී තිබුණේ ගමේ පන්සලේ පින් පෙට්ටියයි.


ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියේ ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක කළ ද හදිස්සියේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වර්ෂාව නිමවනතුරු ඔහුගේ තාවකාලික නවාතැන වූයේ විහාරස්ථානයේ බුදු මැදුරයි.


එන්න එන්නම වර්ෂාව අධික වූයෙන් ඔහුට එහිම නින්ද ගියේ ඔහුටත් නොදැනීමය.


මේ අතර හිමිදිරියේම වතාවත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් බුදු මැදුර සමීපයට වැඩි මොහොතේ දැක ඇත්තේ මුදල් පොට්ටනිය හිසට තබා තවමත් ගොර අදිමින් නින්දේ පසුවන තැනැත්තාය.


ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ උන්වහන්සේ තමන් ආ කාර්ය සිදු කරමින් සිටියදී හදිසියේ අවදිවූ මෙම පුද්ගලයා හදිස්සි අවශ්‍යතාවකට පන්සලේ පින් පෙට්ටිය කැඩූ නමුත් පන්සල් දේපළ සොරා ගැනීම පාපයක් නිසා එය යළි උන්වහන්සේට භාරදීමට සිටි බව පවසමින් මුදල් පොට්ටනිය එහිම තබා පලාගිය බව වැඩිදුටත් වාර්තා වේ. 


ධම්මික ගුණවර්ධන
කටුගස්තොට



අදහස් (2)

හොරකමක් කරලා එතැනම නින්ද ගිහිල්ලා

Ruksha Friday, 13 July 2018 09:44 AM

පුදුම වැඩක් එක නම් .අද කාලේ ඔහොම වෙනවා අඩුයි .හාමුදුරුවොත් අපවත් කරලා යන කාලයක්නේ මේක .

:       0       22

Ruksha Friday, 13 July 2018 09:48 AM

අනේ අප්පෝ

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site