පන්සලේ පින් පෙට්ටිය කඩා බුදු මැදුරේ නින්දගොස් සිටි පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ අතටම අසුවීමේ පුවතක් කන්ද උඩරට විහාරස්ථානයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
විහාරස්ථානය ආසන්න ගමක පදිංචි ඔහු දෑතේ දෙපයේ රැකියාවකට ඇලුම් නොකළ එහෙත් මත්පැනට තදින්ම ලොල් වූ පුද්ගලයෙකු ලෙස කවුරුත් දන්නා පුද්ගලයෙකි.
මතට අවශ්‍ය හදිස්සි මුදල් අවශ්‍යතාව පිරිමසා ගැනීමට ඔහුගේ එදින ඉලක්කය වී තිබුණේ ගමේ පන්සලේ පින් පෙට්ටියයි.
ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියේ ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක කළ ද හදිස්සියේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වර්ෂාව නිමවනතුරු ඔහුගේ තාවකාලික නවාතැන වූයේ විහාරස්ථානයේ බුදු මැදුරයි.
එන්න එන්නම වර්ෂාව අධික වූයෙන් ඔහුට එහිම නින්ද ගියේ ඔහුටත් නොදැනීමය.
මේ අතර හිමිදිරියේම වතාවත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් බුදු මැදුර සමීපයට වැඩි මොහොතේ දැක ඇත්තේ මුදල් පොට්ටනිය හිසට තබා තවමත් ගොර අදිමින් නින්දේ පසුවන තැනැත්තාය.
ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ උන්වහන්සේ තමන් ආ කාර්ය සිදු කරමින් සිටියදී හදිසියේ අවදිවූ මෙම පුද්ගලයා හදිස්සි අවශ්‍යතාවකට පන්සලේ පින් පෙට්ටිය කැඩූ නමුත් පන්සල් දේපළ සොරා ගැනීම පාපයක් නිසා එය යළි උන්වහන්සේට භාරදීමට සිටි බව පවසමින් මුදල් පොට්ටනිය එහිම තබා පලාගිය බව වැඩිදුටත් වාර්තා වේ.
ධම්මික ගුණවර්ධන
කටුගස්තොට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක් එක නම් .අද කාලේ ඔහොම වෙනවා අඩුයි .හාමුදුරුවොත් අපවත් කරලා යන කාලයක්නේ මේක .
අනේ අප්පෝ