IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොඳම යාළුවයි සූකිරි කෙල්ලයි දීපු ගේමෙන් භෘංගයා තනිවෙලා නාන කාමරේ හෙළුවෙන්

ඔහු දුර බැහැරක නිසා රැකියාව කළ ආයතනය පිහිටි නගරාසන්නයේ ගමක බෝඩිමක නතර විය. ටික දිනක් යනවිට එම ආයතනයේම රැකියාව කළ සම වයසේ අයකු ඔහුගේ හොඳම මිතුරා බවට පත්විය.


 මිතුරා එම ගමේම පදිංචිකරුවෙකි. නිවාඩු දිනවල දෙදෙනා එක්ව බොහෝ දේ කතා කළහ. එම ගමට දීර්ඝ ඉතිහාසයක් ඇති බව දැනගත් ඔහු ගම ගැන තොරතුරු එක්රැස් කළේය.


මෙසේ කාලය ගතවී යද්දී ඔහුට තරුණියක් මුණගැසිණි. ඇය ඔහු සේවය කරන ආයතනය පිහිටි නගරයේම පෞද්ගලික ආයතනයක සේවය කළාය. ටික දිනක් යනවිට එය ප්‍රේම සම්බන්ධයක් බවට පත්විය. උපන් ගමේ සිට සැතපුම් සිය ගණනක් දුර බැහැර සිටින ඔහුට ඇයගේ හමුවීම මහත් අස්වැසිල්ලක් විය.


එහෙත් ඇයගේ වෙනත් සම්බන්ධතා ඇති බවට ඔහුගේ කනට වැටීමත් සමඟ ඔහු ඇය මගහරින්නට උත්සාහ කළත් එයට ඇයගෙන් ඉඩක් නොලැබිණ. මේ අතර තමාගේ හොඳම මිතුරා ද ඔහු සමඟ හිත යටින් විශාල කෝන්තරයකින් පසුවන බව ඔහුට දැනිණි. කෙසේ වෙතත් ඔහුත් ඇයත් එම නගරයෙන් පිටත වෙනත් නගරයකදී පසුගිය සතියේ දිනක හමුවිය. ඉන්පසු දෙදෙනා නතර වුණේ ලැගුම්හලක කාමරයක් තුළය.


මෙය ඔහුට තරමක අලුත් දෙයක් වුව ද ඇයට නම් අලුත් දෙයක් නොවීය. මෙවැනි වේලාවකදී පළමුව පිරිසිදු විය යුතු බව සිතූ ඔහු සියලුම ඇඳුම් උනා කාමරයේ ඇඳ මත තබා නාන කාමරයට වැදුණි. ඔහු සතුටින් සුවඳ සබන් ගා ඇඟ සෝදා විලවුන් ද තවරා ගත්තේය. පසුව ඔහු නාන කාමරයේ දොර අරින්නට අගුල කරකැවීය. පුදුමයකි. දොර විවෘත නොවීය. කොතෙක් උත්සාහ කළත් එය අසාර්ථක විය. දොර පිටතින් අගුලු දමා ඇති බව පැහැදිලි විය.


නාන කාමරයෙන් පිටතට ඒමට බොහෝ වේලාවක් උත්සාහ කළත් අසාර්ථක විය. දොරට තඩි බැවේය. අවසානයේ කෑ ගැසුවේය. පැය කිහිපයකට පසු කාමරයේ කිසියම් අමුත්තක් දැනී සේවකයෙක් ආවේය. නාන කාමරයේ කිසිවකු සිටින බව දැනී සේවකයා වහාම දොර පිටතින් දමා තිබූ අගුල ඇරියේය. මහත් වෙහෙසට හා ලජ්ජාවට පත්ව සිටි ඔහු ඇඳ ඇතිරිල්ල දවටා ගත්තේය. ඇඳ උඩ තිබූ ජංගම දුරකථන, මුදල් පසුම්බිය පමණක් නොව ඔහුගේ යට ඇඳුමේ සිට සියල්ලම ඇය ගෙන ගොස්ය.


ලැගුම්හලේ කළමනාකරු ද කාමරයට පැමිණියේය. ඔහුට නූල් පොටක්වත් ඉතිරි වී  නැත. කාමර කුලිය කෙසේ වෙතත් ඔහු ලැගුම්හලේ සේවකයකුගෙන් ඇඳුමක් ඉල්ලාගෙන බෝඩිමට ආවේය. ඔහු මහත් මානසික වේදනාවට හා ලජ්ජාවට පත්ව සිටියේය. ඇය සෙව්වත් සොයා ගැනීමට නොහැකි විය.


මේ අතර අවස්ථා කිහිපයකදී ඇයට දුන් දුරකථන ඇමතුම්වලින් එක ඇමතුමකට පිළිතුරු ලැබිණ. ඔහුගේ සියලු  දේපළ ගඟට දැමූ බව ඇය පැවැසුවාය. පසුව ඔහු පොලිසියට පැමිණියේ සාධාරණය ඉටු කරවා ගැනීමටය. පැමිණිල්ල අනුව පොලිසිය ක්‍රියාත්මක විය. තරුණිය අත්අඩංගුවට පත්විය. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සොරකම් කළ ඔහුගේ දේපළ එම ආයතනයේම සේවය කරන ඔහුගේ මිතුරාට ලබා දී ඇති බවය. ඒ අනුව එම පුද්ගලයා ද අත්අඩංගුවට පත්විය. ඒ වනවිට ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ සමහර දර්ශන තවත් පිරිස් වෙත ද බෙදාහැර අවසන්ය. 


රුපියල් 11,440ක් වටිනා දේපළ සොරකම් කිරීම, සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියත් එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුත් දෙදෙනා ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි සැරයන් රංජිත් සිල්වා (7718) මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා සැකකාරියට හා සැකකරුට දැඩි ලෙස අවවාද කොට එක් අයකු රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් විසි ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. 
උණවටුන ඩී.ජී. සුගතපාල



අදහස් (1)

හොඳම යාළුවයි සූකිරි කෙල්ලයි දීපු ගේමෙන් භෘංගයා තනිවෙලා නාන කාමරේ හෙළුවෙන්

akila Saturday, 14 July 2018 12:05 PM

දකුණේ ගැහැණුන්ව විශ්වාස කරන්නම බැහැ කියලා ගොඩක් අය කියන්නේ ඕකයි.

:       184       358

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site